Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd July 2023 16:16:14 Hours

රණවිරු හිසට නව සෙවණක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ පූර්ණ නිවාස ලබාදීමේ ව්‍යාපෘතියේ III වන අදියර යටතේ රෙජිමේන්තුවේ සෑම බලඇණියක්ම නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, 6 කණුව, මිණිපුරගම, අතරගල්ලෑව, ඇලහැර. පදිංචි 7 ශ්‍රීලපාහ බළඇණියට අයත් සෙ/333479 ලාකෝ කරුණාතිලක ඒජීසීකේ සහ එම කොනොනිගේ පවුලේ සාමාජිකයින් වෙත නිවසක් තනාදීමේ කටයුතු 7 ශ්‍රීලපාහ බළඇණීයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්එස්ඒ නාරායනගේ ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම සහ අධීක්ෂණය මත සිදුකරන ලදී.

නිවසේ ඉදිකිරීම් කටයුතු ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවෙන් හා අනුග්‍රාහක භවතුන්ගෙන් ලද මූල්‍ය ප්‍රතිපාදන මත බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් සිදුකළ අතර, වැඩ නිමකළ නව නිවස වත්මන් පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් කරන ලද ආරාධනයෙන් පැමිණි හිටපු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් 2023.07.22 වන දිනට යෙදුනු සුබ මොහොතින් විවෘත කර නිවැසියන් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක හා 7 ශ්‍රීලපාහ අණදෙන නිලධාරී ප්‍රමුඛ බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූ අතර, හිටපු රෙජිමේන්තු අධිපති විසින් නිවස ඉදිකිරීම සඳහා දායකත්වය සැපයූ බළඇණී සාමාජිකයින් සියලුම දෙනා වෙත ත්‍යාග පිරිනැමීමද සිදුකරන ලදී.