Header Sinhala

Home Slider

Flag Crest si

Photo Story

මුල් පුවත්

ආරම්භක උත්සවය

ආරම්භක උත්සවය

ප්‍රථම බළකාධිපති සිය ධූරයේ වැඩභාර ගනී

කිලිනොච්චි 1 බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් එච්පී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආඑස්පී එන්ඩීසී 2021 ඔක්තෝම්බර් 18 වන දින නිල ලේඛනයකට සිය අත්සන තබමින් 1 බළකායේ පළමුවන බළකාධිපති ලෙස සිය රාජකාරී ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නවතමයෙන් ඉදිකරනලද 1 බලකා මූලස්ථාන ගොඩනැගිල්ල උත්සවාකාරයෙන් විවෘත කරයි

1 බලකාධිපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසි එම්පීල් තුමාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩිසි පීඑස්සි එම්පීල් විසින් 2021 ඔක්තෝම්බර් 17 වන දින කිලිනොච්චියේ නවතමයෙන් ඉදිකරන ලද කරන ලද 1 බළකායේ මූලස්ථාන ගොඩනැගිල්ල උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

යුධහමුදා ඉතිහාසයේ නවපිටුවක් පෙරලමින් 1 බළකායේ සමාරම්භය සනිටුහන් වූ වගයි

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩිසි පීඑස්සි එම්පීල් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති තුමාගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද නවතමයෙන් ගොඩනැගුණු 1 බළකායේ සමාරම්භක උත්සවය 2021 ඔක්තෝම්බර් 17 වන දින අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

joining

Joining
Joining