Header Sinhala

අප ගැන

දැක්ම

          නවීන බහුකාර්ය හැකියාවලින් සහ දක්‍ෂතාවයෙන් පරිපූර්ණ වූ සහ ජාතික ආරක්ෂාවට එල්ල වන සියලු ආකාරයේ තර්ජනවලට පූරෝගාමීව ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින ජාතියේ ශක්තිමත්ම සහ විශ්වාසනීය බලකාය බවට පත් කිරීම

මෙහෙවර

          සියලු ආකාරයේ තර්ජන මැඩපැවැත්වීම ශ්‍රි ලංකා යුධ හමුදාවේ උපායමාර්ගික අතිරේක ප්‍රහාරක බලකාය ලෙස ශක්තිමත් දරාගත හැකි සහ මෙහෙයුම් ඉලක්ක කරගත් පුහුණුව තුළින් කාර්ක්‍ෂම සහ මෙහෙයුම් සදහා අනුවර්තනය වීමේ හැකියාව රඳවා ගනිමින් සියලුම ආකාරයේ ගැටුම්වලට හා තර්ජනයන් සදහා ප්‍රථමයෙන්ම ක්‍රියාත්මක වීමට හැකි විවිධාංගීකරණය වූ මෙහෙයුම් සිදු කිරීමට සූදානම් කිරීම

භූමිකාව

          උපායමාර්ගික අරමුණු (strategic objectives) සාක්ෂාත් කර ගැනීම සඳහා යුද්ධ හමුදාපතිවරයා සතු අතිරේක ප්‍රහාරක බලකාය ලෙස කටයුතු කිරීම

කාර්යභාරයයන්

මූලික කාර්යයන්

යුද්ධ හමුදාපතිවරයාගේ මඟපෙන්වීම මත සියලු ආකාරයේ සටන් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ක්ෂණිකයෙන් ක්‍රියාත්මක වීම මගින් ජාතික ආරක්‍ෂාවට එල්ල වන සියලු ආකාරයේ සතුරන් සහ තර්ජන මැඩපැවැත්වීම සඳහා ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට සූදානම්ව සිටීම සහ:

  1. සියලුම මෙහෙයුම් වලදී අතිරේක බලකායෙහි හි සූදානම පවත්වා ගන්න
  2. උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විශේෂ ක්‍රියාන්විත බලකාය මගින් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම
  3. ප්‍රති-කැරලි මෙහෙයුම්, ප්‍රති ත්‍රස්ථවාදී මෙහෙයුම් වලට උපදෙස් පරිදි ක්‍රියාත්මක වීම
  4. අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරින් ක්‍රියාත්මක කිරීම
  5. උපදෙස් අනුව වෙරළ‚ අභ්‍යන්තර ජල මාර්ග සහ දේශීය මුහුදු සීමාව ආරක්‍ෂා කිරීමට මෙහෙයුම් සිදුකිරීම
  6. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සිදුකිරීමට සූදානම්ව සිටීම

ද්විතියික කාර්යයන්

හදිසි අවස්ථා වලදී මානුෂීය ආධාර සහ ආපදා සහන ක්‍රියාමාර්ග සඳහා පහසුකම් සැලසීම සඳහා විවිධ මෙහෙයුම් පරිසරයන් තුළ යුද්ධ හමුදාපතිවරයා විසින් පවරනු ලබන වි‍ශේෂිත වූ කාර්යයන් ඉටු කිරීම සහ:

  1. හදිසි ආපදා තත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සහ මානුෂිය අධාර සැපයිම සදහා සිවිල් ආයතනයන්ට සහය වීම
  2. සිවිල් ආයතනයන්ට හමුදා සහය ලබා දීම සදහා අවශ්‍ය හැකියාවන් සහ අවශ්‍යතා පූර්ණය කිරීම
  3. සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම
  4. යුද්ධ හමුදාපතිවරයා විසින් පවරන ලද වෙනත් ඕනෑම කාර්යයක් ඉටු කිරීම
  5. ඉලක්කයන්

    1. තර්ජන සහ අභියෝග හඳුනා ගැනීමට සහ ඇති විය හැකි මෙහෙයුම් සිදු කිරීමට උපාය මාර්ගික පරිසරය (strategic environment) පිළිබඳ නිරන්තර සමාලෝචනය සහ අවබෝධය වර්ධනය කිරීම
    2. සියලුම මෙහෙයුම් වලදී අවදානම අවම කිරීම සදහා මෙහෙයුම් පරිසරයේ අවදානම සහ අවිනිශ්චිතතාවය නිශ්චය කර ගැනීම
    3. යුද්ධයේ වෙනස්වන ස්වභාවයට සහ යුධ පිටියේ නව ප්‍රවනතාවයන්ට ඵලදායි ලෙස ඵලදායි ප්‍රථිචාර දැක්වීම සදහා බලකායේ බහුකාර්යතාවය, දරා‍ ගැනීමේ ශක්තිය, අදාලත්වය, සහ හැකියාවන් තහවුරැ කිරීම.
    4. සටන් කිරී‍මේ සූදානම සහතික කිරීම සදහා තාක්‍ෂණික දියුණුව ලගාකරගැනීම, දැනුම කුසලතා යාවත්කාලීන කිරීම තුලින් බලකාය නවීකරණය කිරීම.
    5. මෙහෙයුම් ඉලක්ක කරගත් පුහුණු කිරීම් පුහුණු කිරීමේ දර්ශණය විය යුතුය
    6. සූදානම් වී සිටීම බලකායේ මූලික මුලධර්මය විය යුතුයි
    7. සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන යුධ සටන් සදහා බලකාය සූදානම් කළ යුතුය
    8. බහුකාර්ය සහ ඕනෑම අවස්ථාවකට අනුවර්ථනය කළ හැකි සහ ජවසම්පන්න විශේෂ මෙහෙයුම් බලකායන් හී හැකියාවන් සහ පරාසය වර්ධනය කිරීම
    9. අතිරේක ප්‍රහාරක බලකා‍යේ මෙහෙයුම් මූලධර්ම සහ ක්ෂේත්‍ර අත්පොත් සංවර්ධනය කිරීම
    10. ඒකාබද්ධ හා අන්තර් ක්‍රියාකාරී මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීම.
    11. යාවත්කාලීන බුද්ධි අංශ මෙහෙයුම් සිදුකිරීම
    12. වෘත්තීයභාවය සහ විශ්වසනීයත්වය ගොඩනැගීම සදහා නිලධාරීන්ගේ සහ අනෙකුත් නිලයන්ගේ වෘත්තීය නිපුනත්වය වර්ධනය සහ සංවර්ධනය කිරීම
    13. බලකාය නවීකරණය කිරීම සදහා ප්‍රමුඛතා හදුනාගැනීමෙන් වැය ශීර්ෂයන් හා සම්පත් විනිවිදභාවයකින් හා ඵලදායි ලෙස භාවිතා කිරීම
    14. බලකායේ ව්‍යුහය, සංකල්ප, උපක්‍රම, ශිල්පීය ක්‍රම, ක්‍රියාපටිපාටි සහ තාක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධනය පදනම් වූ සමාලෝචනයන් සිදුකිරීම

    1 බලකාය පිහිටුවීමේ සංකල්පය

    “ශ්‍රි ලංකා යුධ හමුදාව විසින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම හා හදිසි අවස්ථාවන් වලට මුහුණ දීමට ඉතා මනාව සූදානම්ව අනුවර්තනය කළ හැකි අතිරේක බලකායක් සංවිධානය කර, සන්නද්ධ කර, පුහුණු කර සහ පවත්වාගෙන යා යුතුය. ඒකාබද්ධ සහ ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීම සඳහා සටන්, සටන් සහය සහ සටන් සේවා ආධාරක අංග සමඟ ඒකාබද්ධ කර බලකායක් සුදුසු ලෙස කාණ්ඩගත කරනු ඇත. ද්විතීයික කාර්යභාරයක් ලෙස, කලාපීය හෝ ගෝලීය ආපදා අවස්ථාවන්හිදී සහාය වීමට ද බලකායක් සංවිධානය කළ යුතුය”

    - උපුටාගැනීම - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ ග්‍රන්ථයේ 5 වන පරිච්ජේදයෙන්.-