Header Sinhala

58 සේනාංකය

ධජය

ලාංඡනය

58 පාබල සේනාංක ඉතිහාසය

දශක තුනක ශ්‍රි ලාංකීය ඉතිහාසය වෙළා සිටි රුදුරු බෙදුම්වාදි ත්‍රස්ථවාදය තුරන්කොට අහිංසක දමිළ ජනතාවහටත්, මුඑ මහත් ශ්‍රිලාංකිකයින්ටම නිවහල් නිදහස් දිවයිනක් ජනිත කරවීමේ පරම අභිලාශයෙන් යුතුව ආරම්භ කල මානුෂිය මෙහෙයුමේ භාරදුර කාර්යයක් ඉටුකල 58 වන සේනාංකය සමාරම්භය 1 වන කාර්යය සේනාංකය ලෙසින් එවකට බ්‍රිගේඩියර් සීපී ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නායකත්වයෙන් 2007.08.31 දින ඉරට්ටපෙරියකුලම් කදවුරේදි ස්ථාපනය කරන ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අණදීම යටතේ 581 බළසේනාව සහ 582 බළසේනාව වශයෙන් ත්‍රස්තවාදය මැඩලීමේ මහගු කාර්යය සදහා ශිලාවතුර අරිප්පුකල්ලාරු කොක්කුපඩයාන් ප්‍රදේශය දක්වා මුදා ගනිමින් මානුෂිය මෙහෙයුම සදහා දායක විය.


1 වන කාර්ය සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් 2007.10.25 දින සිටි වත්මන් මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් එල්එචිඑස්සි සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අභිත නායකත්වයෙන් යුතුව දිවයිනේ බටහිර මුහුදු තිරයේ සිට ත්‍රස්ථවාදින්ගේ ප්‍රබල බලකොටු වන මන්නාරම මන්තායි, යෝධවැව, අඩමිපන්, ආනන්දකුලම්, නාච්චිකුඩා, පුනරින්, පරන්තන් සහ කිළිනොච්චිය උතුර යන ත්‍රස්ථවාදීන්ගේ ප්‍රබල බළකොටු විනාශ කරමින් ත්‍රස්තවාදි බිම් බෝම්බ, මර උගුල් මැදින් ඉතා දුෂ්කරවුත්, කටුකවුත්, ගමන් මාර්ගයක් ඔස්සේ ඉදිරියට ඇදුණු ගමන් ගත් පියවර තැබු 1 වන කාර්ය සේනාංකයේ ක්‍රියාන්විත ගමන තුල 2009.01.03 වන දින කිළිනොච්චිය උතුරු ප්‍රදේශයේදි නාමෝද්දේශණයෙන් අනතුරුව 58 සේනාංකය ලෙස ශ්‍රිලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් සේනාංකයක් ලෙස ඉතිහාසයට එක්වන ලදි.

එතුමාගේ අභීත නායකත්වය යටතේ මානුෂිය මෙහෙයුමට නව මුහුණුවරක් මුසු කරමින් බෙදුමිවාදි ත්‍රස්ථවාදීන්ට එරෙහිව තීරණාත්මක ගමනක් අරඹමින් එල්ටිටිඊ ත්‍රස්ථවාදීන් විසින් අත්පත් කරගෙන සිටි භූමිය යුද්ධ හමුදාව වෙත නතු කරගනිමින් ත්‍රස්ථවාදින් වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරමින්, අවුවැසි දිවා රෑ නොතකා ඉදිරියට ඇදුණු 58 සේනාංකයේ රණවිරුවන් විසින් අලිමංකඩ ප්‍රදේශය මුදවා ගන්නා ලදී. එතැන් සිට ධර්මපුරම් මුරුසමොඩෙයි විශ්වමඩු මංසන්ධිය" ස්වන්ධිපුරම් පුදුකුඩිඉරුප්පු මංසන්ධිය ඉරණපලෙයි පුදුමාතලන් යන ප්‍රදේශයන්හි ත්‍රස්ථවාදීන් හට විශ්මිත ලෙස ප්‍රහාර දියත් කරමින් සතුරා විනාශ කර දමමින් වෙල්ලමුල්ලිවෛක්කාල් දක්වා සතුරු භූමිය අත්පත් කර ගන්නා ලදී. අහිංසක සිවිල් දමිළ ජනයා හට ඉතා කුරිරු කාලපරිච්ජේදයක් අත්කර දෙමින් එල්ටීටීඊ සංවිධානයේ මිනිස් පලිහක් ලෙස සිරකරගෙන සිටි අහිංසක දමිළ ජනයා නිරුපද්‍රිතව මුදවා ගනිමින් වෙල්ලමුල්ලිවෛක්කාල් අවසන් භූමි භාගයේ අවසන් එල්ටීටීඊ ත්‍රස්තවාදියා දක්වා විනාශ කරමින් ශ්‍රි ලාංකීය ඉතිහාසයට රන් අකුරින් නව පිටුවක් එක් කරමින් 2009.05.18 වන දින එල්ටීටීඊ ත්‍රස්තවාදය මෙරටින් තුරන් කර දමන ලදී.

58 වන සේනාංකයේ රණවිරුවන් ආරම්භයේ සිට යුධ වාතාවණයේ අවසානය දක්වා සේනාංක ධජය යටතේ “සාමුහිකත්වයෙන් විජයග්‍රහනයට” උධෘතපාඨය යථාර්ථයක් කොට පෙන්වමින් මව්බිම බේරාගැනීම වෙනුවෙන් අභීතව සෙසු සේනාංකයන් සමග උරෙන් උර ගැටී සතුරා සමග මුහුණට මුහුණ සටන් වැද සෙබලුන් 6262 ක් තම ජිවිතය පුද කරමින් සහ 29951 ක් රණක‍්‍ෂිතයට පත්වෙමින් මාතෘ භූමිය රැක ගැනීමේ උදාරතර අරමුණ උදෙසා ඉමහත් කැප කිරිමක් සිදුකරන ලදී. වන්නි මානුෂිය මෙහෙයුම අවසානයේ කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථානගතව එම දිස්ත්‍රික්කයේ බිද වැටුනු ජන ජිවිතය යළි නගා සිටුවීම මෙන්ම සංවර්ධනය උදෙසා දායකත්වයද ලබා දෙමින් විශාල මෙහෙවරක් සිදුකරන ලදී.

පෞඩ ඉතිහාසයකට උරුමකම් ලද, අභිමානවත් 58 වන සේනාංකය රණශුර, රණකාමි ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ අණ සහ පාලනය යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශ වල කාලීනව ආරක්ෂක රාජකාරින් සහ සංවර්ධන අවශ්‍යතාවයන් සදහා කැපවීමෙන් දායකත්වය ලබා දෙන ලදී.

රාජකාරිමය අවශ්‍යතාවය මත 2015.03.15 දින සිට 58 වන සේනාංක මුලස්ථානය ගාල්ල, බුස්ස කදවුරේ ස්ථානගතවීමෙන් පසු ආරක‍්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ මාතර, ගාල්ල, කඑතර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි, හදිසි ආපදා තත්වයන් සහ සංවර්ධන කටයුතු සදහා දායකත්වය ලබාදුන් අතර, 2020.01.28 වන දින සිට වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අතිරේක සේනාංකයක් ලෙස පුත්තලම, සින්නවිල්ලු වත්ත ප්‍රදේශයේ ස්ථානගත වෙමින් දිවයිනේ මුළුමහත් භූමි ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා වැඩි භූමි ප්‍රමාණයක ස්වභාවික විපත් සහ හදිසි ආපදා ප්‍රහාරනය මුඛ්‍ය රාජකාරි කොට 581 පාබල බළසේනාව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල ප්‍රදේශයේත්, 582 පාබල බළසේනා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ඇල්ලකන්ද වත්ත ප්‍රදේශයේත, 583 පාබල බළසේනාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථානගතව වත්මන් රාජකාරින්වල නියැලෙමින් සිටි.

2021 ජුලි මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි 1 බලකායේ නගාසිටුවීමත් සමග මෙම පාබල සේනාංකය 1 බලකායේ බලකාධිපතිගේ අණදීම යටතේ රාජකාරි කරනු ලබයි. වත්මන් සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්ආර්බි අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අණ හා පාලනය යටතේ දිවයිනෙහි සිදුවිය හැකි ස්වභාවික විපත් සහ හදිසි ආපදා තත්වයකදි සිවිල් ජනයා මුදවා ගැනිමේ පෙර ගමන්කරුවන් ලෙසද, දිවයිනේ බටහිර නොගැඹුරු මුහුදු තීරයේ සිදුවන ජාවාරම් මැඩලීම සදහා නිරීක්ෂණ බෝට්ටු මුර සංචාර රාජකාරින් විශේෂ කොට මෙම සේනාංකය ක්‍රියා කරනු ලබයි. තවද සිවිල් ජන ජිවිතය නගාසිටුවිම, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සදහා ඇවැසි සහය සිවිල් ජනයා සහ යුද්ධ හමුදාව අතර, සුහදතාවය වර්ධනය කිරීම උදෙසා පොදු කටයුතු වලදී නිරතුරුවම කැපවී ක්‍රියාකරනු ලබයි.

තවද, මේ වන විට අප මාතෘ භූමිය මුහුණපා සිටින කොවිඩ් - 19 වසංගත රෝගි තත්වය හේතුවෙන් සාමාන්‍ය කටයුතු වලට ඇතිවන බලපෑම අවම කිරිම සදහා කොවිඩ් - 19 වෛරස් වසංගත තත්වයන් ව්‍යාප්තිය පාලනය, නිරෝධායන කටයුතු සහ ඊට අනුශංගිකව එල‍ඹෙන ප්‍රවාහන, සැපයිම් කටයුතු ආදි වෙනත් හදිසි අවස්ථා හා අවශ්‍යතා කළමණාකරණය පිණිස ජනාධිපති කාර්යාලය, ආර්ථික පුනර්ජිවනය හා දිලිදුකම තුරන් කිරිමේ ජනාධිපති කාර්ය සාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛව අනෙකුත් සියළුම අමාත්‍යාංශ සහ ක්‍රියාත්මක මට්ටමේ පවතින දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රදේශිය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, ශ්‍රිලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කර්යාල, දිස්ත්‍රික් හා ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සම්බන්ධිකරණය කරමින් අවශ්‍ය මැදිහත්විම් සිදුකිරිම සදහා දිස්ත්‍රික් සම්බන්ධිකාරක පුත්තලම වශයෙන්ද, මෑත කාලයේ රට තුල පවතින කාබනික පොහොර භාවිතයෙන් හරිත කෘෂිකර්ම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පුත්තලම දිස්ත්‍රික් හරිත කෘෂිකර්ම සම්බන්ධිකරණ නිලධාරි වශයෙන්ද තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි පත්කර ඇත.

එවන් පෞඩ ඉතිහාසයකට උරුමකම් හිමි 58 පාබල සේනාංකය අභිමානයෙන් යුතුව මින් මතුවටද අප මාතෘ භූමියේ උන්නතිය උදෙසා ඇප කැපවී සිටිනු ඇත.

දැක්ම

ජාතික ආරක්‍ෂාවට එල්ල වන සියලු ආකාරයේ තර්ජන මුලිනුපුටා දැමීම සඳහා අනෙකුත් පාබල සේනාවන්ට සහ සන්නද්ධ සේවාවන්ට සහාය වීමට හැකියාව ඇති, ක්‍ෂණිකව හා කාර්යක්‍ෂමව ප්‍රතිචාර දක්වමින් ඉතා කඩිනමින් ක්‍රියාත්මක වන සහ සියලු හමුදා ක්‍රමෝපායන් ක්‍ෂණිකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති ශක්තිමත් පාබල සේනාංකයක් වීම.

මෙහෙවර

නව්‍යකරණයෙන් යුතු තීරණ ගත හැකි හමුදාමය ශක්‍යතාවයන්ගෙන් පරිපුර්ණ හා පුර්ණ සන්නද්ධ භඨ පිරිස් සමගින් සියලුම ආකාරයේ හමුදාමය ක්‍රියාන්විත සිදුකිරිම හා ස්වභාවික ආපදාවයන්හිදී හා පරිපාලනමය ගැටලු සහගත අවස්ථාවන්හිදී ආත්ම විශ්වාසයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීම තුලින් රටෙහි සාමන්‍ය තත්වය පවත්වාගෙන යාම සදහා සිවිල් බලධාරීන් වෙත සහාය දැක්වීම.

කාර්යභාරය සහ කාර්යයන්

58 පාබල සේනාංකයේ කාර්යභාරය පහත සදහන් පරිදි වේ

කාර්යභාරය

            58 පාබල සේනාංකයේ කාර්යභාරය වනුයේ අතිරේක ප්‍රහාරක සේනාංකයක් ලෙස 1 බලකාය යටතේ ක්ෂණිකව ක්‍රියාත්මකවීමට හා ස්ථානගතවිමට අවශ්‍ය හැකියාව සහ සුදානම කේන්ද්‍රගත සම්බන්ධිකරණය යටතේ සිදුවන ක්‍රියාන්විත නම්‍යශීලීභාවය නවෝත්පාදනය නිර්භීතකම සහ සටන්කාමීත්වය මත පවත්වා ගැනීම.

කාර්යයන්

ප්‍රාථමික කාර්යයන්

            ග්‍රාමිය, නාගරික, විප්ලවාදී, ත්‍රස්ථවාදි හා අර්ධ සමිප්‍රදායික වැනි සංග්‍රාමික භාහිර තත්වයන් මැඩපැවැත්විමට ස්ථාපිත ක්‍ෂේත්‍ර මුලස්ථාන සදහා සහයෝගය දක්වමින් ලැබෙන්නාවු උපදෙස් හා නියෝග මත ආරක්ෂක හා ප්‍රහාරාත්මක ක්‍රියාන්විතයන් වල නියැලිම් වලට අමතරව පහත සදහන් සුවිශේෂි කාර්යයන්වලද නිරත වේ.

  1. අතිරේක පාබල සේනාංකයක් ලෙස 1 බලකාය යටතේ කටයුතු කිරීම
  2. ජාතික ආරක්‍ෂාවට ප්‍රබල තර්ජනයක් විය හැකි අවස්ථා පාලනය සදහා සහය ලබාදිම.
  3. අර්ධ සමිප්‍රදායික තත්වයන්හිදි ආරක්‍ෂක හා ප්‍රහාරාත්මක ක්‍රියාන්විත සිදු කිරිම.
  4. නාගරික හා ග්‍රාමිය ප්‍රතිවිප්ලවකාරි/ප්‍රතිත්‍රස්ථ ක්‍රියාන්විත සිදුකිරිම.
  5. ප්‍රාථමික අවධියෙහි ඇති විශේෂ ක්‍රියාන්විත බලකා මෙහෙයුම් සදහා අවශ්‍ය විටදි සහයවිම.
  6. සම්ප්‍රදායික නොවන අභියෝගයන්වලට එරෙහිව ක්‍රියාන්විත සිදුකිරිම.
  7. අභ්‍යන්තර ආරක්‍ෂකක රාජකාරි සිදුකිරීම.
  8. වෙරලාශ්‍රිත නොගැඹුරැ දියඹේ අභ්‍යන්තර ජල මාර්ගයන්හි හා ජලාශයන්හි මෙහෙයුම් සිදුකිරීම.
  9. එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි ඉටුකිරිම සදහා සුදානමිව සිටිම.
  10. ඕනෑම භූමියක ගමන්ගත හැකි රථයන්හි (ATV) උපරිම ධාරිතාවය යටතේ හා උපරිම හැකියාවක් මගින් සිදුකරනු ලබන ක්‍රියාන්විත සිදුකිරීම.

දිවිතියික කාර්යයන්

            1 බලකාධිපති විසින් දෙනු ලබන උපදෙස් පරිදි හදිසි ආපදා අවස්ථාවන්වලදී මානුෂිය ආධාර සහ ආපදා සහන (HADR) ක්‍රියාකාරකම් සදහා විවිධ වු පරිසර තත්වයන් යටතේ පහත දක්වා ඇති මෙහෙයුම් සිදුකිරීම.

  1. ආපදා අවස්ථාවන්ට ක්‍ෂණික ප්‍රතිචාර දැක්විම, සෙවිමේ සහ මුදවා ගැනිමේ ක්‍රියාන්විත.
  2. මහජනයාගේ යහපත පිණිස 1 බලකාධිපති විසින් පවරනු ලබන කාර්යයන් ඉටු කිරිම.
  3. අවශ්‍ය ඕනෑම මොහොතක හමුදා සහය රජයේ ආයතනයන්ට, සිවිල් බලධාරින්ට හා ජනතාට ලබාදීම. ( MACA )
  4. 1 බලකාධිපති විසින් පවරනු ලබන වෙනත් ඕනෑම කාර්යයක් ඉටු කිරීම.

මේජර් ජෙනරාල් එච්ඩීඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී
සේනාංකාධිපති - 58 සේනාංකය


58 පාබල සේනාංකයේ රාජකාරි කරන ලද සේනාංකාධිපතිවරුන්

අනු අංක කාර්ය සාධක බලකාය 1 හි බලකාධිපතිවරුන් සිට දක්වා
01 බ්‍රිගේඩියර් සීපි ගාල්ලගේ ආර්ඩබ්පී ආර්එස්පි යුඑස්පී 31/08/2007 24/10/2007
02 බ්‍රිගේඩියර් එල්එච්එස්සී  සිල්වා ඩබිඩබිවී ආර්ඩබිපී ආර්එස්පී යුඑස්පී පීඑස්සී 25/10/2007 03/01/2009
අනු අංක 58 සේනාංකයේ සේනාංකාධිපතිවරුන් සිට දක්වා
03 බ්‍රිගේඩියර් එල්එච්එස්සී  සිල්වා ඩබිඩබිවී ආර්ඩබිලිවිපී ආර්එස්පී යුඑස්පී පීඑස්සී 03/01/2009 28/07/2009
04 මේජර් ජෙනරාල්  එල්එච්එස්සී  සිල්වා ඩබිඩබිවී ආර්ඩබිලිවිපී ආර්එස්පී යුඑස්පී පීඑස්සී 29/07/2009 06/08/2009
05 බ්‍රිගේඩියර් බීඒ පෙරේරා ආර්එස්පී පීඑස්සී 07/08/2009 31/07/2011
06 මේජර් ජෙනරාල් කේජේ අල්විස් ආර්ඩබිලිවි ආර්එස්පී යුඑස්පී එන්ඩීයු පීඑස්සී 01/08/2011 06/09/2011
07 බ්‍රිගේඩියර් ඒඩබ්ලිව්එම්ඒඩබ්ලිව්එන් රණවන ආර්ඩබ්පී ආර්එස්පී පීඑස්සී 07/09/2011 25/03/2012
08 මේජර් ජෙනරාල්  කේඒඩීඒ කරුණාසේකර  ආර්ඩබිලිව්පී යුඑස්පී  පීඑස්සී 26/03/2012 15/08/2012
09 බ්‍රිගේඩියර් ඩීඑම්ඩබිඩබ්ඩබ්එම්ආර්බීඑම් දවුලගල ආර්එස්පී 16/08/2012 02/01/2013
10 බ්‍රිගේඩියර් ජේපීඑල් වඩුගේ ආර්ඩබ්පී  ආර්එස්පී 03/01/2013 15/08/2013
11 බ්‍රිගේඩියර් කේසී ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩීයු 16/08/2013 02/11/2013
12 මේජර් ජෙනරාල් කේසී ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩීයු 03/11/2013 30/08/2016
13 මේජර් ජෙනරාල් ඒඩබ්ලිව්එම්ඒඩබ්ලිව්එන් රණවන ආර්ඩබ්පී ආර්එස්පී පීඑස්සී 01/09/2016 03/04/2017
14 බ්‍රිගේඩියර් ඒඑම්එස්බී අතපත්තු 04/04/2017 15/12/2017
15 මේජර් ජෙනරාල් ඒඑල්එස්කේ පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි ඒන්ඩියු 21/12/2017 15/03/2019
16 මේජර් ජෙනරල් එච්එම්කේ ගුණරත්න ඩබ්ඩබ්වී ආර්ඩබිලිව් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 18/03/2019 20/12/2019
17 මේජර් ජෙනරාල් කේඑච්පීපී ප්‍රනාන්දු ආර්ඩබිලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු 23/12/2019 02/03/2020
18 බ්‍රිගේඩියර් ඒපීඅයි ප්‍රනාන්දු ආර්ඩබ්ලිව් යුඑස්පී 03/03/2020 18/05/2020
19 මේජර් ජෙනරාල් ඒපීඅයි ප්‍රනාන්දු ආර්ඩබ්ලිව් යුඑස්පී 19/05/2020 13/01/2020
20 මේජර් ජෙනරාල් සීඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 14/01/2021 02/10/2021
21 මේජර් ජෙනරාල් ඩබ්ලිව්ටීඩබ්ලිව්ජි ඉහලගේ ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී 03/10/2021 09/10/2021