Header Sinhala

කමාන්ඩෝ බලසේනා මූලස්ථානය

ධජය

ලාංඡනය

ඉතිහාසය

1970 දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ පුරෝගාමී විශේෂ බළකාය ලෙස ඉතිහාසයට එක්වු කමාන්ඩෝ රෙජිමේන්තුව ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ 1997 මාර්තු මස 15 වන දින වව්නියාව ප්‍රදේශයේ ඉරට්ටෙයිපෙරියකුලම් හිදී ලුතිතන් කර්නල් පී චන්ද්‍රවංශගේ බලසේනාධිපතිත්වයෙන් යුතුව බලසේනාවක් ලෙස ස්ථාපනය කරන ලදි.

උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී තර්ජන හා රට තුල පවතින අනාරක්‍ෂිත තත්වය හමුවේ තවත් කමාන්ඩෝ ඒකකයක අවශ්‍යතාවය පැනනැගුනු බැවින් 1993 වසරේදී හොදින් සැලසුම් සකස් කර 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුව ආරම්භ කරන ලදි. එය ගණේමුල්ල කඳවුර සංකීර්ණය තුල පිහිටවනු ලැබීය. එය විවෘත කිරීම බ්‍රිගේඩියර් කේජේසී පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකරන ලදි. කමාන්ඩෝ රෙජිමේන්තුවේ අභිවෘධිය උදෙසා එම වසරේදීම ඌව කුඩාඔය ප්‍රදේශයේ කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලද ආරම්භ කරනු ලැබීය.


පළවන සහ දෙවන කමාන්ඩෝ රෙජිමේන්තු වල ආරම්භයේ සිට සාර්ථක මෙහෙයුම් දියත් කලද විශේෂ විමර්ෂන සිදුකිරීමේ හැකියාව ඇති භඨ පිරිස්වල අවශ්‍යතාව දැනෙන්නට විය. එබැවින් 1999 වසරේදී එවකට පළමුවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එස් ඒ ගුණසේකර(විශ්‍රාමික) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කටයුතු සුදානම් කර විශේෂ විමර්ෂන කණ්ඩායමකට සම්බන්ධවීමට සහ විශේෂ පුහුණුවක් ලබාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වු නිලධාරින් කිහිප දෙනෙකු තෝරා ගන්නා ලදි. එවකට ලුතිතන් මදුර වික්‍රමරත්න, ලුතිතන් රණවන යන නිලධාරීන් ඇතුළු පුහුණුව සාර්ථකව නිමකල සෙබළුන් 24 දෙනෙකු 1994 වසරේදී අලුතින් පිහිටුවන ලද “ඊˮ කණ්ඩායමට අනුයුක්ත කරන ලද අතර, මෙම කණ්ඩායමේ කාර්ය වුයේ විශේෂ විමර්ෂණ සිදුකිරීමයි.

වර්ෂ 1995දී පළමුවන කමාන්ඩෝ රෙජිමේන්තුව ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම් සහ ප්‍රථි ත්‍රස්තවාදී ක්‍රියාන්විතද, සටන් සුනඛයින් හැසිරවීමේ රාජකාරින්ද, දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් විශේෂ පුද්ගල ආරක්‍ෂක රාජකාරීන්ද සිදුකරන ලදි. 1997 වන විට කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සටන් සුනඛ අංශය අධීක්‍ෂණය කරමින් පැවතුණි. ඉන් අනතුරුව කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධීක්‍ෂණය යටතේ හා නියෝජ්‍ය අණදෙන නිලධාරි තුමාගේ මඟපෙන්වීම යටතේ මෙම ඒකකය විසින් ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ ප්‍රථිත්‍රස්තවාදී ක්‍රියාන්විත සිදුකරන ලදි. රාජකාරි පුළුල් වීමත් සමඟ යුද්ධ හමුදා මූලස්ථානය විසින් හචනි 02/2003xG/SD/51 නියෝගයක් ඔස්සේ 2001 ජුලි මස 16 වන දින 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුව නව ඒකකයක් ලෙස පිහිටුවීමට අනුමැතිය ලබාදෙන ලදි. ඉන් අනතුරුව මේජර් එස්ඒආර් විජේපාල යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අණදීම යටතේ ආරම්භ කරන ලද 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුව මේ දක්වා ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම හා ප්‍රථිත්‍රස්ත ක්‍රියාන්විත, සටන් සුනඛ අංශය සහ විශේෂ පුද්ගල ආරක්‍ෂක රාජකාරින්හි නියැලී සිටී.

ඉන් අනතුරුව 2001 වර්ෂයේදි කමාන්‍ඩෝ රෙජිමේන්තුවේ දිගුදුර විමර්ෂන කණ්ඩායම (LRRP) කණ්ඩායම පිහිටුවා “ඊ” කණ්ඩායම ලෙස නම් කරන ලදි. පසුකාලීනව දිගුදුර මුර සංචාර (LRP) වශයෙන් වෙනස් වී 2007.08.01 වන දින 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුව ලෙස ස්ථාපනය වන ලදි. මේ වන විට දිගු දුර මුර සංචාර (LRP) සහ සංග්‍රාමික කිමිදුම් ක්‍රියාන්විත රාජකාරීන්හි නියැලී සිටි.

කාර්යභාරය හා කාර්යයන්

කමාන්ඩෝ බළසේනාවේ කාර්යභාරය හා කාර්යයන් පහත පරිදි වේ.

කාර්යභාරය

                    උපාය මාර්ගික වැදගත් කමකින් යුතු විශේෂ ක්‍රියාන්විත අණදීම, මෙහෙයවීම, සැළසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම තුලින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම, එනම් විශේෂයෙන් සංවිධානය වන ලද, මනා පුහුණුවක් සහිත, විශේෂ කුසලතාවයන් ගෙන් හෙබි, විශේෂ උපකරණ, ඇඳුම් හා අවි අයුධ වලින් සන්නද්ධ වෙමින් සාමකාමි, ගැටුම් සහිත, යුධමය හෝ සංක්‍රාන්ති වාතාවරණයන් වලදී ස්වාධීන වශයෙන් හෝ සාම්ප්‍රධායික යුධ භඨපිරිස් සමඟ ඒකාබද්ධ වෙමින් විශේෂිත වූත් සාම්ප්‍රධායික වූත් මෙන්ම අසම්මත වූත් යුධ උපක්‍රමයන් භාවිතා කරමින් සතුරු තර්ජන වාරණය කරන ලද හෝ දේශපාලනමය වශයෙන් සංවේදී අවස්ථාවන් වල ක්‍රියාත්මක වෙමින් හමුදාමය, දේශපාලනමය, ආර්ථිකමය හෝ මනෝවිද්‍යාත්මක අරමුණු උපාය මාර්ගික වශයෙන් සාක්‍ෂාත් කර ගැනීම උදෙසා ක්‍රියාත්මක වීම කමාන්ඩෝ බළසේනාවේ කාර්යභාරය වේ.

කාර්යයන්

1. 1 බලකා බලකාධිපති විසින් පවරා ඇති විශේෂ මෙහෙයුම් සඳහා කමාබසේමු යටතේ සැලසුම් කිරීම, මෙහෙයවීම, ක්‍රියාත්මක කිරීම සහ අධීක්‍ෂණය කිරීම.

සෘජු ක්‍රියාන්විත

                    විශේෂ මෙහෙයුම් හමුදාවන් හෝ ඒ හා සමාන විශේෂ හැකියාවන් ඇති ඒකක වලින් කෙටි කාලීන පහරදීම්, අනෙකුත් කුඩා පරිමාණ ආක්‍රමණික ක්‍රියාවන් සිදුකර සතුරු භූමිය අල්ලා ගැනීම, විනාශ කිරීම, නැවත අල්ලා ගැනීම හෝ සැලකිය යුතු හානියක් අදාල සතුරු පුද්ගලයින්ට හෝ භාණ්ඩ වලට සිදුකිරීම සෘජු ක්‍රියාමාර්ග වේ. මෙහිදී කමාන්ඩෝ සෙබළුන් වශයෙන් රැකසිට පහරදීම්, ක්‍ෂණික පහරදීම්, සෘජු ආක්‍රමණ, බිම් වෙඩි කෙත් තැනීම හා විශේෂ යුධ උපකරණ භාවිතා කිරීම සිදුකරයි. මීට අමතරව ගුවනින්, ගොඩබිමින්, මුහුදින් ඈත්ව සිදුකරනු ලබන ප්‍රහාර වලට පහසුකම් සැලසීම, සීමාසහිතව හසුරවනු ලබන විශේෂ උපකරණ වලට අවසන් උපදේශණයන් ලබාදීම සහ මෙම ක්‍රියාමාර්ග මගින් සතුරාට බරපතල අලාභහානි ඇති කිරීම තුලින් ජයග්‍රහණ ලබාගැනීම සිදුකිරිමයි.

අසම්මත යුධ උපක්‍රම ශිල්ප

                    මෙය ප්‍රභලව සිදුකරනුයේ සංවිධානය වු, පුහුණුවු, විශේෂ උපකරණ සහිත වු විශේෂ පිළිවෙතක් සහිත භාහිර සම්පත් යොදාගනු ලබන ස්වදේශීය හමුදාවන් විසිනි. මෙහිදී ගරිල්ලා යුධ උපක්‍රම, සෘජු ක්‍රියාන්විත, රහස්‍ය ක්‍රියාන්විත හා සතුරාට වක්‍රාකාරව හානි කරනු ලබන බුද්ධි ‍තොරතුරු ලබාගැනීම, සතුරාගෙන් ගැලවීම හා පැනයාම වැනිදෑ භාවිතා කරයි.

රහසිගත ක්‍රියාන්විත

                    රජයේ අනුග්‍රහය යට‍තේ, රජයේ ආයතන මඟින් හෝ කණ්ඩායම් මඟින් රහස්‍යභාවය හා සැඟවුණුභාවය ආරක්‍ෂා වන පරිදි සිදුකරනු ලබන ක්‍රියාන්විත රහස්‍ය ක්‍රියාන්විත වේ.

විශේෂ විමර්ෂණ ක්‍රියාන්විත

                    ආවේක්‍ෂණය හා විමර්ෂණය විශේෂ හමුදා මඟින් සිදුකරනු ලබනුයේ දෘෂ්‍ය නිරීක්‍ෂණය හෝ අනෙකුත් ක්‍රම උපායන් භාවිතා කරමිනි. සතුරාගේ හැකියාවන්, අරමුණු, ක්‍රියාකාරකම් හා සතුරු සංඛ්‍යාව පිළිබඳව තොරතුරු එක්රැස් කිරීම සඳහායි. මෙහිදී යම් නිශ්චිත ප්‍රදේශයක කාළගුණික, වායුගෝලීය, භූගෝලීය ලක්‍ෂණ නිරීක්‍ෂණය කර ගැනීමද සිදුකල හැක. එමඟින් ඉලක්කපත් තීරණය කිරීම ප්‍රදේශ විමර්ෂණය, පසු ආක්‍රමණික විමර්ෂණ වැනි කටයුතු සඳහා වැදගත් වේ.

ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම හා ප්‍රථි ත්‍රස්ත ක්‍රියාන්විත

                    යම් පුද්ගලයෙකුගේ හෝ කුඩා පුද්ගලයින් පාර්ශවයක පටු දේශපාලනික, සමාජීය හා ආගමික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සම්මත ලෙස බලය යොදාගැනීම මත පදනම් වු ත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධනය කිරීම මෙහි මුලික අරමුණ වේ. මෙවැනි ක්‍රියාන්විත ඉතා සියුම් හා තීව්‍ර වන අතර, හොඳ සැලසුමක් තිබිය යුතුයි. ඒ සතුරා අසම්මත යුධ ශිල්ප ක්‍රම භාවිතා කරන බැවිනි. මෙහිදී සහභාගි වන සොල්දාදුවන් එකම අරමුණක් කරා ඔවුන්ගේ දක්‍ෂතාවයන් මෙහෙයවිය යුතුයි.

විශේෂ පුද්ගල ආරක්‍ෂක රාජකාරි

                    විශේෂ පුද්ගලයෙකු යනු එම පුද්ගලයා සමාජීය හෝ දේශපාලනික වශයෙන් ප්‍රසිද්ධ, ධනවත්, වැදගත්කමක් ඇති විශේෂ වරප්‍රසාද හිමි පුද්ගලයෙකි. ‍ආරක්‍ෂකයා යනු, විශේෂ පුද්ගලයෙකු පහරදීමකින්, පැහැර ගැනීමකින් හෝ ඝාතනය කිරීමකින් වළක්වාලීම සඳහා රජය මඟින් පත්කර ඇති ආරක්‍ෂකයෙකි. කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් විසින් දැනට ජනාධිපති, අගමැති, ආරක්‍ෂක ලේකම්, යුද්ධ හමුදාධිපති වැනි ‍අති‍ විශේෂ පුද්ගලයින් සඳහා ආරක්‍ෂාව සපයනු ලබයි.

සටන් සුනඛයින් හැසිරවීම්

                    ඉව මඟින් පුද්ගලයින් හා ද්‍රව්‍ය හදුනාගැනීම සටන් සුනඛයින් විසින් සිදුකරනු ලබයි. ඊට අමතරව ලුහු බැදීම හෝ ආරක්‍ෂක රාජකාරි සඳහා සුනඛයින් විශේෂයෙන් පුහුණූ කර ඇති අතර, සුනඛයින් හැසිරවීම යනු ඉහත රාජකාරි ඉටුකිරීම සඳහා සුනඛයා හා හසුරවන්නා wkfHdakH වශයෙන් හුරුවීමයි.

මුහුදින් ගොඩබැස සිදුකරනු ලබන ක්‍රියාන්විත

                    නාවුක/ ගොඩබිම් හමුදාවන් නැව් මඟින් හෝ වෙනත් යාත්‍රා මඟින් සතුරු බලපෑමක් ඇති ආගන්තුක වෙරළ තීරයකට ගොඩබැස සිදුකරනු ලබන ක්‍රියාන්විත වේ. මෙහි ප්‍රාථමික අරමුණ වනුයේ ගොඩබිම් හමුදාවන්ට ඉදිරි ක්‍රියාන්විත සිදුකිරීමට අවශ්‍ය ආරක්‍ෂාව තහවුරු කර දීමයි.

ගුවනින් ගොඩබැස සිදුකරනු ලබන ක්‍රියාන්විත සහ ගුවන් මගින් පහරදීමේ ක්‍රියාන්විත :

                    ගුවනින් ගොඩබැස සිදුකරනු ලබන ක්‍රියාන්විත යනු පැරෂුට් මඟින් භූමිය මතට ගොඩ බැසීම සඳහා විශේෂයෙන් පුහුණූ කරන ලද පිරිසකින් යුත් කණ්ඩායමක් වේ. මෙම කණ්ඩායම විසින් සිදුකරනු ලබන ක්‍රියාන්විත එයාර් බෝන් ක්‍රියාන්විත නම් වේ. ගුවන් මගින් පහරදීමේ ක්‍රියාන්විත යනු යුධ භඨයින්, අනෙකුත් අවි ආයුධ හා බඩු භාහිරාදිය සමඟින් භූමි අණදෙන්නෙකුගේ පාලනය යටතේ ගුවන් මඟින් ගමන් කර සතුරා‍ට වැදගත් භූමිය අල්ලා ගැනීම හා විනාශ කිරීමයි.

විදේශ අභ්‍යන්තර ක්‍රියාන්විත

                    වෙනත් ර‍ටක් හෝ ආණ්ඩුවක් ය‍ටතේ ඇති සමාජීය හෝ මහජනතාව කඩාකප්පල්කාරී ක්‍රියා, හදිසි කැරළිකාරී තත්වයන්, නීතිය අඩු වශයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවන්හිදී එම රටේ සමාජය හා පොදු ජනතාව එම කැරළිකරුවන්ගෙන් බේරා ගැනීම සඳහා සිවිල් හෝ හමුදාමය අංශ වෙනත් රටවලින් යෙදවීම මෙමගින් අදහස් කෙරේ.

2. කමාන්ඩෝ භඨයින්ගේ කුසලතා, පුහුණුව සහ ඵලදායිතාවය ඉහල මට්ටමක පවත්වා ගැනීම.

3. විශේෂ මෙහෙයුම් සඳහා බුද්ධි තොරතුරු එක් රැස් කිරීම සඳහා බුද්ධි අංශය සමඟ සම්බන්ධතාවයෙන් කටයුතු කිරීම.

4. පුහුණුව හා උපදෙස් ලබාදීම.

බ්‍රිගේඩියර් වීඑම්එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
බලසේනාධිපති - කමාන්ඩෝ බළසේනාව


පසුගිය බළසේනාධිපතිවරුන්

නම

සිට

දක්වා

කර්නල් පී චන්ද්‍රවංශ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී 1997.03.15 1998.07.13
කර්නල් කේඒඑන්එස් ප්‍රනාන්දු ආර්එස්පී යුඑස්පී 1998.07.13 2000.05.07
කර්නල් එස්එම් ද ඒ රාජපක්‍ෂ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2000.05.07 2001.06.07
ලුති: කර්නල් එස් සුරියබංඩාර ආර්එස්පී 2001.06.07 2001.10.25
ලුති: කර්නල් පීආර්එස් ජයසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 2001.10.25 2002.02.05
කර්නල් එස් සුරියබංඩාර ආර්එස්පී 2002.02.05 2002.05.13
කර්නල් එස්එම් ද ඒ රාජපක්‍ෂ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2002.05.13 2002.07.29
කර්නල් එස් සුරියබංඩාර ආර්එස්පී 2002.07.29 2005.10.18
ලුති: කර්නල් පීආර්එස් ජයසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 2005.10.19 2007.01.20
කර්නල් සීපී ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2007.01.20 2007.10.25
බ්‍රිගේඩියර් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී 2007.10.25 2009.03.18
බ්‍රිගේඩියර් ආර්ඒ නුගේරා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී  2009.03.18 2009.08.23
කර්නල් එල්ඩබ්ලිව්එච් ගමගේ ආර්එස්පී 2009.08.23 2013.07.01
බ්‍රිගේඩියර් එල්ඒඑන්එස් වනසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී 2013.07.01 2013.11.25
බ්‍රිගේඩියර් එච්ච්ඒඑස්පීකේ සේනාරත්න ආර්එස්පී පීඑස්සී 2013.11.25 2015.12.14
බ්‍රිගේඩියර් ඩීඑම්යුජී බංඩාර ආර්එස්පී යුඑස්පී 2015.12.14 2018.02.16
බ්‍රිගේඩියර් ඒකේජීකේයු ඥාණරත්න පීඑස්සී 2018.02.16 2019.01.10
බ්‍රිගේඩියර් කේඒ සමරසිංහ ආර්ඩබලිව් ආර්එස්පී යුඑස්පී 2019.01.10 2020.01.04
බ්‍රිගේඩියර් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2020.01.06 2021.09.08

කමාන්ඩෝ බළසේනාව සක්‍රීය දායකත්වය දැක්වු ක්‍රියාන්විත

ඊලාම් යුද්ධය - 1
වඩමාරච්චි සටන
ඊලාම් යුද්ධය - 2
මුතුර් කඳවුර නැවත අත්පත් කර ගැනීමේ මෙහෙයුම
මුලතිව් කඳවුර බේරාගැනීමේ මෙහෙයුම
ත්‍රිවිධ බලය මෙහෙයුම
වන්නි වික්‍රම 1 සහ 2
වන්නි මෙහෙයුම 1
අලිමංකඩ බේරා ගැනීමේ මෙහෙයුම
අකුණු පහර මෙහෙයුම
හයේ පහර මෙහෙයුම
අන්ගොඩවිල්ලු මෙහෙයුම
පුනරින් කඳවුර මුදවා ගැනීමේ මෙහෙයුම
ඊලාම් යුද්ධය -3
රිවිරැස මෙහෙයුම
නැගෙනහිර  මෙහෙයුම
එඩිබල මෙහෙයුම
ජයසිකුරු මෙහෙයුම
අලිමංකඩ උපායමාර්ගික ඉවත් කිරීමේ මෙහෙයුම
සර්පන්ටයින් මෙහෙයුම (ශ්‍රී ලංකාවේ පළමු ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම)
රිවිකිරණ මෙහෙයුම
නොනවතින රැල්ල මෙහෙයුම
රිවිකිරණ මෙහෙයුම
මුතුර් නගරය අත්පත් කර ගැනීමේ මෙහෙයුම
වාකරෙයි මුදවා ගැනීමේ මෙහෙයුම
තොප්පිගල මුදවා ගැනීමේ මෙහෙයුම
උතුරු මානුශීය මෙහෙයුම
වන්නි මානුශීය මෙහෙයුම
එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් ඇතුළු නායකයන් රැසක් නන්දිකඩාල්වලට සීමා කරමින් විනාශ කිරීමට කමාන්ඩෝ භඨයින් සිදුකළ ඓතිහාසික මෙහෙයුම
වැලිකඩ බන්ධගාරය ආශ්‍රිතව සිදුකල මෙහෙයුම (2012 නොවැම්බර් මස 09)

විශේෂ වැඩසටහන්

කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් සිදුකරන ලද නායකත්ව පුහුණූ වැඩමුළු

ශ්‍රී ලංකා එයාර් ලයින්ස් කාර්ය මණ්ඩලය සඳහා පවත්වන ලද නායකත්ව පුහුණු වැඩමුළුව

විශ්ව විද්‍යාල සිසුන් සඳහා පවත්වන ලද නායකත්ව පුහුණු වැඩමුළුව

බ්‍රැන්ඩික්ස් ලංකා පුද්ගලික සමාගමේ කාර්ය මණ්ඩලය සඳහා පවත්වන ලද නායකත්ව පුහුණු වැඩමුළුව

විශ්‍රාමික කමාන්ඩෝ භඨයින්ගේ ක්‍රියාකාරකම්

4 X 4 මෝටර් රැලි ගවේෂණය

ආපදා කළමණාකරණ ක්‍රියාන්විත සඳහා කමාන්ඩෝ භඨයින්ගේ දායකත්වය

4 කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් අරණායක නාය යෑමේ ව්‍යසනයේ සිවිල් පුද්ගලයින්ට අත්වැලක් වෙමින්

4 කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට පිරිස්වලින් අතුරුගිරිය ගිනි නිවීමේ සහාය

ආපදා තත්ත්වයකදී 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සලාක බෙදා හැරීම

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් අවතැන් වු සිවිල් ජනතාවට ‍අත්වැලක් වෙමින්

පුහුණූවීම්

ඇමතුම් විස්තර

ලිපිනය : මුලස්ථානය, කමාන‍්ඩෝ බළසේනාව, යුධ හමුදා කඳවුර, ගණේමුල්ල
විද්‍යුත් තැපැල් ලිපිනය : hqcdobde@army.lk commandobrigade@gmail.com brigadecommando@yahoo.com
දුරකථන අංකය : 0112974888
ෆැක්ස් : 0112984823