Header Sinhala

53 පාබල සේනාංකය (ආර්එස්එෆ්)

ධජය

ලාංඡනය

ඉතිහාසය

70 දශකයේ අගභාගයේ සහ 80 දශකයේ මුල් භාගයේදී, එල්ටිටිඊ ක්‍රියාකාරකම් රට තුල තීව්‍ර වූ අතර, එම තත්වය මත ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවයක් මතු විය. බාහිර උනන්දුවක් දක්වන සාධක මගින් සැලසුමි සහගතව නිර්මානය කරන ලද විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ උතුරු සහ නැගෙනහිර පළාත්වල නැගී එන කැරැල්ලට ගැලපෙන පරිදි වැඩි දියුණු කිරීම් සිදු කරන ලදි. එබැවින් සිඝ්‍රයෙන් වෙනස් වන ආරක්‍ෂක තත්වයන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සඳහා විශේෂ ප්‍රහාරක හැකියාවක් සහිත ස්වාධීන බලසේනාවක් ස්ථාපිත කරන ලද අතර, එය යුධ හමුදාපතිවරයාගේ සෘජු අණ සහ පාලනය යටතේ තබා ගන්නා ලදී. 90 දශකයේ මුල් භාගයේදී, යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රි ලංකා යුධ හමුදාවේ ප්‍රහාරක බලසේනාවක් ලෙස දියත් කරන ලද මෙහෙයුමට මෙම බලසේනාවද සක්‍රියව දායකත්වය දක්වන ලදි.


ඉන් අනතුරුව, මෙම ස්වාධීන බලසේනාව පාබල බලසේනා තුනක් සමඟින් 53 පාබල සේනාංකය ලෙස ප්‍රතිසංවිධානය කරන ලදි. බ්‍රිගේඩියර් කේජේසි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි ආර්සිඩිඑස් පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් 1995 අගෝස්තු 08 වන දින පලාලි හිදී අලුතින් පිහිටුවන ලද සේනාංකයේ පළමු සේනාංකාධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී.

පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 27 දෙනෙකු මෙම කීර්තිමත් සේනාංකයට අණදීම සිදුකරනු ලැබු අතර, වර්ථමානයේ මේජර් ජෙනරාල් කේපිඑස්ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 53 පාබල සේනාංකයේ 28 වන සේනාංකාධිපති වශයෙන් රාජකාරි ඉටුකරනු ලබයි.

‘අකුණු පහර’, ‘රිවිරැස’, ‘සත්ජය’, ‘ජයසිකුරු’, ‘රිවිකිරණ’, ‘අග්නිඛීල’ සහ එල්.ටී.ටී.ඊ. යට එරෙහිව සිදුකළ අනෙකුත් සීමිත මෙහෙයුම් සියල්ලටම මෙම සේනාංකය සහභාගි විය. 2009 මැයි 18 වන දින අවසන් කරන ලද මානුෂීය මෙහෙයුමට මෙම සේනාංකයද සක්‍රීයව සහභාගී වෙමින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදය පරාජය කිරීමේ අභිමාණනයට පාත්‍ර විය.

යුද ජයග්‍රහණයෙන් පසු 53 පාබල සේනාංකය පසුගිය කාලය තුල යාපනය සහ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන වෙත අනුයුක්තව රාජකාරි කරන ලදී. තවද මෙම සේනාංකය මාන්කුලම්, උඩවලව, ආණමඩුව සහ පුත්තලම යන විවිධ ස්ථානවල ස්ථානගත කර තිබු අතර, 2015 මැයි මස 15 වන දින සිට 53 පාබල සේනාංකය ඉනාමඵව හබරණ ප්‍රදේශයේ ස්ථිරව ස්ථානගත කර ඇත.

දැක්ම

බලසම්පන්න හා බහුකාර්ය අතිරේක ප්‍රහාරක සේනාංකයක් ලෙස ජාතික ආරක්‍ෂාවට එල්ල විය හැකි අභ්‍යන්තර සහ භාහිර තර්ජනයන් මැඩපැවැත්විම සදහා ප්‍රමුඛයන් ලෙස වේගවත්ව සහ උපායමාර්ගික ස්ථානගතවිම හා ජාතික ව්‍යවසනවලදී ජාතික ශක්තින් වර්ධනය කර මානුෂිය මෙහෙයුම් සදහා දායකවිම’

මෙහෙවර

මනා ආත්ම විශ්වාසයකින් හෙබ් තම ශක්තීන් මගින් ස්වාධිනව නැගි සිටිය හැකි සේනාංකයක් ලෙස, අවශ්‍ය ඔනෑම අවස්ථාවකදි ප්‍රථිචාර දැක්විම සදහා වේගවත්ව ස්ථානගතවිම මෙන්ම නව්‍යකරණය හා කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත තුලින් හැකියාවන් වර්ධනය කර ශක්තිමත් ක්‍රියාන්විත සුදානමක් පවත්වා ගැනිම.

කාර්යභාරය

නම්‍යශීලීත්වය, නව සොයා ගැනිම්, නිර්භිතක සහ ප්‍රහාරාත්මක බව යන ලක්‍ෂණ සහිතව මනා සම්බන්ධතාවයකින් යුත් විමධ්‍යගත ක්‍රියාන්විත සදහා යුද්ධ හමුදාධිපතිගේ අතිරේක ප්‍රහාරක සේනාංකය ලෙස ක්‍ෂණිකව ස්ථානගත විමට ඇති පුර්ණ ක්‍රියාන්විත හැකියාවන් ශක්තිමත් කිරිම 53 පාබල සේනාංකයේ කාර්යභාරයවේ.

කාර්යයන්

අතිරේක ප්‍රහාරක සේනාංකය ලෙස 53 පාබල සේනාංකයේ කාර්යභාරය නම් නම්‍යශීලී බව, නවෝත්පාදනය, නිර්භීතකම සහ ආක්‍රමණශීලී බව මගින් සංෂිප්ත සම්බන්ධීකරණ සහ විමධ්‍යගත මෙහෙයුම් භාවිතා කිරීම තුලින් ක්‍රියාවට සීඝ්‍ර යෙදවීම සඳහා සම්පූර්ණ ශක්තිය උපයෝගී කර ගැනීමයි.

53 පාබල සේනාංකයේ ප්‍රාථමික කාර්යයන්

53 පාබල සේනාංකයේ ප්‍රාථමික කාර්යයන් පහත පරිදි වේ:

  1. ශ්‍රි ලංකා යුධ හමුදාවේ අතිරේක ප්‍රහාරක සේනාංකය ලෙස ක්‍රියා කිරීම
  2. ජාතික ආරක්‍ෂාවට දැඩි ලෙස බලපාන තත්වයන් පාලනය කිරීමට සහය වීම
  3. අර්ධ සාම්ප්‍රධායික තත්වයන්හිදි ප්‍රහාරාත්මක හා ආරක්‍ෂක මෙහෙයුම් සිදු කිරීම
  4. නාගරික හා ග්‍රාමිය ප්‍රතිවිප්ලවකාරි/ප්‍රතිත්‍රස්ථ ක්‍රියාන්විත සිදුකිරිම
  5. ප්‍රාථමික අවධියෙහි ඇති විශේෂ බලකා මෙහෙයුම් සදහා අවශ්‍ය විටදි සහය විම
  6. අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි ඉටු කිරීම

53 පාබල සේනාංකයේ ද්විතියික කාර්යයන්

53 පාබල සේනාංකය, සාමාන්‍ය රාජකාරි මෙන්ම යුධ හමුදා මූලස්ථානය විසින් පවරනු ලබන අනෙකුත් රාජකාරි ඉටු කිරීම සහ වෙනස් වන පරිසරයන් තුල මානුෂීය ආධාර මෙහෙයුම් සිදු කිරීම ඇතුළුව බහුවිධ හදිසි අවශ්‍යතා සහ හදිසි අවස්ථා සමඟ කටයුතු කිරීම.

  1. ව්‍යසනකාරී තත්වයන්ට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම සහ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම.
  2. මහජන සුබ සිද්ධිය වෙනුවෙන් යුධ හමුදා මූලස්ථානය විසින් පවරා ඇති අනෙකුත් රාජකාරි ඉටු කිරිම.
  3. යුධ හමුදාපතිවරයා විසින් පවරන ලද ඕනෑම රාජකාරියක් ඉටු කිරීම.

මේජර් ජෙනරාල් පිජිපිඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
සේනාංකාධිපති 53 පාබල සේනාංකය (ආර්එස්එෆ්)