Header Sinhala

විශේෂ බලකා බලසේනා මූලස්ථානය

ධජය

ලාංඡනය

ඉතිහාසය

විශේෂ බළකා බළසේනා මූලස්ථානයේ ප්‍රෞඩ ඉතිහාසය

මෙරට පෞරාණික මූලාශ්‍රයක් වන මහා වංශයට අනුව විදේශ ආක්‍රමණිකයන් හා දේශීය කැරලි මර්ධනය කිරීමට විශේෂ සටන් කුසලතා සහ විශේෂ අවි ආයුධ භාවිතා කල බව සඳහන්වේ. ආශ්වාරෝහකයින් දුනුවායන්, කඩු ශිල්පීන්, කෙටේරි (රණ පරුශු) සහ අලි ඇතුන් එවකට පැවති යුධමය තත්වයන් තුල භාවිතා කල බවද සඳහන් වේ.


30 වන දශකයේ මුල් භාගය වන විට බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධාන දිනෙන් දින හිසද ඔසවමින් සිටි අතර, එම කාල වකවානුව තුලදීම රාජ්‍ය විරෝධී කැරලිකරුවන්ගේ භීතතියද රට පුරා පැතිර තිබීම හේතුවෙන් විශේෂිත ක්‍රියාන්විත සිදු කිරීම සඳහා විශේෂ ඒකකයක අවශ්‍යතාවය මතුවිය. එහි ප්‍රථිඵලයක් වශයෙන් මේජර් ගාමිණි හෙටිටි ආරච්චි තුමන්ගේ නායකත්වයෙන් නිලධාරීන් දෙදෙනෙකු සහ සෙබලුන් 38 දෙනෙකුගෙන් යුතුව ස්වේච්ඡාවෙන්ම බැඳුනු සාමාජිකයින් ඉතා ඉහල දක්ෂතා ඇති කුඩා කණ්ඩායමක් සංග්‍රාමික ලුහු බැඳීමේ කණ්ඩය (combat Tracker Team) ලෙස ආරම්භ විය. ඉතා කෙටි කාලයක් තුල මෙම කණ්ඩායම සතුරාට විනාශකාරී බියක් හා අවුල්සහගත තත්වයක් ඇති කරමින් නිර්භීත සහ අධිෂ්ඨානශීලීව සතුරාට එරෙහිව ක්‍රියා කලේය. සුවිශේෂී වූ ක්‍රියාන්විතයන් සිදු කරමින් ත්‍රස්තවාදීන් නීතියෙන් සලිත කිරීමට සමත්වූ අතර මෙම විශේෂිත කණ්ඩායම ක්ෂණික විහිදුම් බලකාය ( Rapid Deployment Forces ) ලෙස පරිවර්ථනය විය. 1988 වර්ෂයේදී මෙම ක්ෂණික විහිදුම් බලකාය විහේෂ බලකා බළඇණියක් ලෙස ව්‍යාප්ත විය. මේජර් ගාමිණි හෙට්ටිආරච්චි තුමන් විශේෂ බලකායේ පියා ලෙස සැලකේ.

"විශේෂ බලකා රෙජිමේන්තුවේ පියා"
මේජර් ජනරාල් ජි හෙට්ටිආරච්චි ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී


විශේෂ බළකා බළසේනා මූලස්ථානයේ ප්‍රෞඩ ඉතිහාසය

විශේෂ බලකා බලසේනා මුලස්ථානය සෘජුවම ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේ ස්වාධීන බලසේනාවක් ලෙස කටයුතු කරයි. විශේෂ මෙහෙයුම් මුලධර්මය විශේෂ බලකා රෙජිමේන්තු ස්ථානගතවීම, උපකරණ අවශ්‍යතා සහ පුහුණුවීම් කටයුතු හා පුහුණු පාසැල් සහ සියළුම ක්‍රියාන්විත කටයුතු මෙමගින් සිදු කරයි. මෙය වර්ෂ 1997 ක් වූ පෙබරවාරි මස 25 වන දින කර්නල් ඩබ්ලිව්එම්ජේ ප්‍රනාන්දු යටතේ අනුරාධපුර ප්‍රදේශයේ තාවකාලිකව ස්ථානගත විය. පසුව ස්ථීර භූමියක ස්ථානගතවීමේ අවශ්‍යතාවය මත වර්ථමානයේ ස්ථානගත වී ඇති වව්නියාව ප්‍රදේශයට රැගෙන යන ලදි. යුධ සමයේදී විශේෂ බලකා ඒකකයක් හට ක්‍රියාන්විත නියෝග ලබාදීම මෙන්ම ස්ථානගතවීම් සහ ක්‍රියාන්විත අවශ්‍යතාවයන් ඉටුකිරීමෙහිලා කටයුතු කලේය. මෙහි සිටින බලසේනාධිපති වරයා සෘජුවම යුද්ධ හමුදාපති යටතේ කටයුතු කරයි. අධිෂ්ඨානයෙන් අභීතව අරමුණකරා යන රෙජිමේන්තු ආදර්ශපාඨය පෙරටු කර ගනිමින් මාතෘ භූමිය වෙනුවෙන් කැපවීමෙන් සටන් කිරීමට විශේෂ බලකා රෙජිමේන්තුව සූදානමින් සිටී. අද වනවිට විශේෂ බලකා බලසේනා මුලස්ථානය 1, 2, 3, සහ 4 වන විශේෂ බලකා රෙජිමේන්තු මෙන්ම සංග්‍රාමික ප්‍රහාරක ධාවන පැදි බලඝණය සංග්‍රාමික කිමිදුම් බලඝණය දිගුදුර විහිදුම් බළඝණ දෙකක් සහ නාගරික සටන් බළඝණයක් සහ රෙජිමේන්තු මූලස්ථාන බලඇණියට අණදීම සිදු කරයි.

කාර්යභාරය

විශේෂ බලකායේ කාර්යභාරය වනුයේ සාම්පදායික නොවන යුද්ධ සහ සියළුම විශේෂිත මෙහෙයුම් ප්‍රසිද්ධියේ සහ රහසිගතව සිදුකිරිමයි.

කාර්යයන්

විශේෂ බලකායේ කාර්ය්‍යන් පහත පරිදි වේ:

 

සෘජු කාර්යයන්

  1. බෝම්බ සහ අනෙකුත් පතරෝම් භාවිතය.
  2. අවශ්‍ය වූ විට ගුවනින් සහ ආධාරක අවි භාවිතයෙන් වෙඩ් බලය සම්බන්ධිකරණය කිරිම.
  3. නිරවද්‍ය මාරගෝපදේශක යුධ උපකරණ භාවිතය.
  4. ස්වාධින කඩාකප්පල් කිරිමේ ක්‍රියාන්විත සිදුකිරිම.
  5. සැලසුම්ගත සතුරු භූමියෙන් ඉවත්විමේ ක්‍රියාන්විත සම්බන්ධිකරණය කිරිම.

ප්‍රතිත්‍රස්ථ ක්‍රියාන්විත

ප්‍රති කැරලි මෙහෙයුම්

  1. පූර්වගාමි ක්‍රියාන්විත - දිගුදුර මුර සංචාර සහ සහෝදර හමුදාවන් සමග ඒකාබද්ධ ක්‍රියාන්විත.
  2. අවිනිශ්චිත භාවය තුලින් සතුරාගේ යටිතල පහසුකම් විනාශ කිරීම.
  3. අන්තර්ගත පදනම මත හදිසි සැලැස්ම මත ප්‍රථිචාර දැක්විම.

විශේෂ විමර්ශණ හා නිරීක්ෂණ ක්‍රියාන්විත

  1. ප්‍රදේශ තක්සේරු කිරිම.
  2. පශ්චාත් - මෙහෙයුම් විමර්ශණ ක්‍රියාන්විත.

බුද්ධි තොරතුරු පදනම් වු ක්‍රියාන්විත

ගුවන් මෙහෙයුම්

ජලය ආශ්‍රිත මෙහෙයුම්

  1. ජල මතුපිට පිහිණුම් ක්‍රියාන්විත.
  2. කිමිදුම් ක්‍රියාන්විත.
  3. ගංඟා ආශීත ක්‍රියාන්විත.
  4. දියයට පිපිරවිම්/විනාශ කිරිම්.

ක්‍රියාන්විත දායකත්වය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා රෙජිමේන්තුව වසර 33 ක කෙටි කාලයක් තුල රටතුල ස්වෛරී භාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා ජාතියට ඉමහත් සේවයක් ඉටුකර ඇත. ශ්‍රී ලංකාවට බෙදුම්වාදී තර්ජනයට මුහුණදුන් විට විශේෂ බලකා රෙජිමේන්තුව ජාතියේ ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කලේය. ඒ සඳහා සිය සාමාජිකයන්ගේ ජීවිත ගණනාවක් බිලි දෙමින් හා තවත් පිරිසකට තුවාල ලබා දෙමින් නොසැලෙන හා ධෛර්යයන් යුතුව සටන් කලේය. 1985 අගභාගයේ සංග්‍රාමික ලුහු බැඳීමේ ඛණ්ඩයක් ලෙස ආරම්භ වූ මෙම බලකාය යුද්ධ හමුදාවේ ප්‍රධාන අංගයක් දක්වා ව්‍යාප්තවී ඇත. විශේෂ බලකායේ ඛණ්ඩායම් මඟින් එල්ටීටීඊ ග්‍රහණයේ තිබූ ප්‍රෙද්ශවලට ගොස් සතුරු නායකයින්ට හා ප්‍රබල සතුරු කඳවුරු වලට ප්‍රහාර දියත්කරන ලදි. 1987 වඩමාරච්චි ක්‍රියාන්විතයේදී විශාල කාර්යයභාරයක් ඉටුකරන ලදි. ඊට අමතරව 1988 හා 1989 කැරලි කොලහාල අවස්තාවලදී උතුරු නැගෙනහිර සටන්වල යෙදෙමින් එම කැරලි මර්ධනයට සහය විය.

1988 අගභාගයේදී ක්ෂණික විහිදුම් බලකාය ලෙස තිබූ මය සම්පූර්ණ වූ විශේෂ බලකායක් ලෙස පරිවර්ථනය විය. යුධ පෙරමුනේ සටන් කිරීමට අමතරව අනෙකුත් හමුදා කණ්ඩයන් සඳහා ආරක්ෂාව සපයමින් සතුරු හමුදාවන්ට භීතිය ඇති කරමින් සතුරාට දැඩි ප්‍රහාර දියත් කරන රෙජිමේන්තුවක් ලෙස කීර්තියක් අත්කර ගන්නා ලදි. ත්‍රිවිධ බලය සහ සී බ්‍රීස් මෙහෙයුම් වලදී විශේෂ බලකා භඨ පිරිස් පෙරලද ක්‍රියාන්විත අත්දැකීම් යොදාගනිමින්ද නව සටන්ක්‍රමවේදයන් අනුගමණය කරන ලදි. මෙම විශේෂ බලකායේ හැකියාවන් සහ නැගී ඒම හඳුනාගත් සතුරා මහත්භීතියකට පත්වූ අතර, ඔවුන් විනාශවන බව දැන පසුබසින ලදි.

යාපන අර්ධද්වීප ක්‍රියාන්විතයේදී, රිවිරැස 1,2 හා 3 වන ක්‍රියාන්විත වලදී පාබල ස්නාංක සමඟ ඉදිරියට යාමේදී ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාකරණ ලදි. නගරබද සටන් වලදී ලබාගත් දක්ෂතා, හැකියාවන් යොදාගනිමින් ලඟ ලඟ සටන් හා ගොඩනැගිලි වල සිට සතුරුට ප්‍රහාර දියත් කීරම සිදු කරමින් පාබල සේනාංක වෙතට ඉදිරියට ගමන් කිරීමට පහසුකම් සලසන ලදි. මුලතිව් මුදවා ගැනීමේ මෙහෙයුමේදී ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර්ගේ නායකත්වයෙන් යුතුව 1 වන විශේෂ බලකා රෙජිමේන්තුව එහි සිටි තුවාල ලැබු සෙබලුන් ටබේරාගැනීමට ගුවනින් ගොස් සහය ලබාදිම ‍ෛඑහාසික මෙහෙයුමකි. මුහුදෙන් හා ගොඩබිමෙන් අවතීර්ණ වීමට සතුරු විසින් ඉඩ සලසා නොතිබූ නිසාවෙන් නිර්භීතව ගැවන් මෙහෙයුමක් සිදු කරණ ලදි. මෙහිදී එහිසිටි 1 වන විශේෂ බලකාරෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු සැලකිය යුතු පිරිසක් මියගිය අතර, සමස්ථ යුධ සමයේදී සිදුකරණ ලද නිර්භීතම මෙහෙයුමක් ලෙස සඳහන් කල හැක.

මීට අමතරව ජයසිකුරු ක්‍රියාන්විතයේදී අවසන් අධියරයේදී සතුරා විසින් දැඩි ප්‍රථිප්‍රහාර දියත් කිරීම නිසාවෙන් යුධ, ගුවන, නාවික හා හමුදා සෙබළුණ් අපහසුතාවයට පත්වූ අතර, විශේෂ බලකාය එම සතුරාට ප්‍රහාර එල්ල කර සතුරාගේ ඉදිරි ගමන නතර කළේය.

1996 වර්ෂයේදී විශේෂ බලකාය විසින් දියත් කරනු ලැබු දිගුදුරු විමර්ශණ මෙහෙයුම සතුරු භූමියේ ගැඹුරටම ගොස් ක්‍රියාන්විත සිදුකරන ලදි. බොහෝ කාලයක් සතුරු භූමිය් සැඟව සිටිමින් සතුරු නායකයින් ඇතුළු ප්‍රධාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර හා කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරිමට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලදි.

විශේෂ බලකාය සිදුකල තවත් කාර්යය භාරයක් ලෙස පාබල රෙජිමේන්තු පුහුණු කිරිම් සිදු කිරීම් දැක්විය හැකිය. යුධබිමෙහි ලද අත්දැකීම් තුලින් හා අවි ආයුධ නිවැරදිව හැසිරවීම සම්බන්ධ උසස් පුහුණුවකත් ලබාදෙන ලදි.

2006 ජූලි මාසයේදී එල්ටීටීඊ ය විසින් ගොවින්ට කෘෂිකර්මාන්තයට ජලය අහිමි කරමින් මාවිල්ආරු සොරොව්ව වසා දැමූ අවස්ථාවේදී විශේෂ බලකාය විසින් එම දොරටු සුරක්ෂිතව විවෘත කිරීමට මෙහෙයුමක් දියත් කරන ලදි. 2009 මැයි මාසයේදී එල්ටීටීඊ සංවිධානය නන්දිකඩාල් කලපුවේදී 4 වන ඊලාම් යුද්ධය ලෙස සැලකෙන අවසාන යුධ මෙහෙයුමටද විශාල දායකත්වයක් ලබා දෙන ලදි. අවසානයේ බෙදුම්වාදී ත්‍රාස්තවාදය විනාශ කිරීමට කොටි සංවිධානය මිනිස් පළිහක් ලෙස යොදාගත් දහස් ගණන් අහිංසක දෙමල සිවිල් වැසියන්ට නිදහස සහ ආරක්ෂාව ලබා දීමට කටයුතු කලහ. නිලධාරි 34 දෙනෙකු සහ සෙබළුන් 657 දෙනෙකු ජීවිත පරිත්‍යාග කල අතර, විශාල පිරිසක් සදාකාලිකව අබාධිතව සිටී. පහත දැක්වෙන්නේ විශේෂ බලකා සෙබළුන් ලැබූ ඉහලම සම්මාන ලැයිස්තුවයි.

5 x පරම වීර විභූෂණය (PWV)
51 x වීර වික්‍රම විභූෂණය (WWV)
1212 x රණ වික්‍රම පදක්කම (RWP)
2417 x රණශූර පදක්කම (RSP)

බ්‍රිගේඩියර් එම්පීකේඑල් අමරසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
බලසේනාධිපති විශේෂ බළකා බලසේනා මූලස්ථානය


PAST COMMANDERS

අ:අං අංකය නිලය නම සිට දක්වා
1 නි/50815 කර්නල් W M J ප්‍රනාන්දු WWV RWP RSP 1996.12.11 1998.08.17
2 නි/50662 බ්‍රිගේඩියර් G හෙට්ටිආරචචි WWV RWP RSP USP psc 1998.08.17 1998.11.23
3 නි/50748 කර්නල් N A ජයසූරිය RWP RSP psc 1998.12.07 1999.12.24
4 නි/50748 බ්‍රිගේඩියර් N A ජයසූරිය RWP RSP psc 1999.12.24 2000.01.06
5 නි/50980 ලුතිතන්කර්නල් D R විජේසිරි RWP RSP USA CGSC 2000.01.06 2000.09.09
6 නි/60050 ලුතිතන්කර්නල් N U M M W සේනානායක RWP RSP USA CGSC 2000.09.09 2004.02.20
7 නි/60075 ලුතිතන්කර්නල් P P  De සිල්වා WWV RWP RSP psc 2004.02.20 2005.08.19
8 නි/60075 කර්නල් P P De සිල්වා WWV RWP RSP psc 2005.0819 2007.05.14
9 නි/60401 ලුතිතන්කර්නල් N A ධර්මරත්න RWP RSP psc 2007.05.14 2007.08.12
10 නි/60401 කර්නල් N A ධර්මරත්න RWP RSP psc 2007.08.12 2008.05.21
11 නි/60401 බ්‍රිගේඩියර් N A ධර්මරත්න RWP RSP psc 2008.05.21 2009.02.14
12 නි/60318 කර්නල් A A කොඩිප්පිලි  RSP 2009.02.14 2009.08.02
13 නි/60318 බ්‍රිගේඩියර් A A කොඩිප්පිලි RSP 2009.08.02 2009.08.07
14 නි/60846 ලුතිතන්කර්නල් H P රණසිංහ RWP RSP 2009.08.07 2009.08.16
15 නි/60846 කර්නල් H P රණසිංහ RWP RSP 2009.08.16 2013.03.22
16 නි/60950 බ්‍රිගේඩියර් R M Y J රත්නායක WWV RSP psc  2013.03.22 2014.10.07
17 නි/61016 කර්නල් D G S සෙනරත්යාපා RWP RSP  2014.11.03 2016.10.05
18 නි/61016 බ්‍රිගේඩියර් D G S සෙනරත්යාපා RWP RSP  2016.10.06 2018.08.29
19 නි/61518 කර්නල් W T W G ඉහලගේ RWP RSP psc 2018.09.06 2019.06.28
20 නි/61533 කර්නල් J P C පීරිස් RWP RSP 2019.07.04 2019.12.27
21 නි/61533 බ්‍රිගේඩියර් J P C පීරිස් RWP RSP 2019.12.27 2021.01.25
22 නි/61970 බ්‍රිගේඩියර් M T I මහලේකම් WWV RWP RSP ndu psc 2021.01.25 2022.03.21

විශේෂ බලකායේ කොටස්

1 වන විශේෂ බලකායේ සංග්‍රාමික ප්‍රහාරක ධාවන පැදි බළඝණය

      දිනෙන් දින උත්සන්න වූ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හා රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන් 1988 දෙසැම්බර් 10 වන දින විශේෂ යුද්ධ හමුදා නියෝගයෙන් එවකට ක්ෂණික විහිදුම් බලකාය ලෙස හැඳින්වූ වර්ථමාන විශේෂ බලකායේ 1 වන රෙජිමේන්තුව නාවුල ප්‍රදේශයේ ස්ථාපනය කරන ලදි. මෙම අභිමානවත් බලඇණියේ ප්‍රථම බළඝණයන් ලස ඒ, බී, සි හා ඩි බළඝණයන්ගෙන් ශක්තිමත්වූ අතර, එහි පළමු අණදෙන නිලධාරි ලෙස එවකට මේජර් ජි හෙට්ටිආරච්චි තුමන් පත්විය.

2 වන විශේෂධ බලකායේ සංග්‍රාමික කිමිදුම් බළඝණය.

      90 දශකයේ මුල් භාගය වන විට ම්ලේච්ච ත්‍රස්තවාදය ශ්‍රී ලංකා ද්වීපයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි හිස ඔසවමින් ඉතා බිහිසුනු ප්‍රහාර එල්ල කිරීම මත ආරක්ෂක හමුදාවන් වෙත විශාල අභයොගයන් රාශියකට මුහුණ පෑමට සිදුවූ අවධියක ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල විශේෂ ක්‍රියාන්විත සිදු කිරීමේ හැකියාව ඇති තවත් බළඇණියක, අවශ්‍යතාවය හේතුවෙන් දෙවන රෙජිමේන්තුව විශේෂ බලකාය වර්ෂ 1994 වූ ජූලි මස 25 වන දින ත්‍රීකුණාමලය මංකිබ්‍රීජ් යුද්ධ හමුදා කඳවුරේදී ස්ථාපිත කරන ලදි. මෙම අභිමාණවත් ඒකකයේ පළමු අණදෙන නිලධාරි ලෙස එවකට මේජර් ඩිආර් විජේසිරි කටයුතු කල අතර, ක්‍රියාන්විත බළඝණයන් වශයෙන් 1 වන රෙජි‍මේන්තුව විශේෂ බලකායේ ස්ථාපිත කර තිබූ බි, ඩි හා ඊ බළඝණයන් මෙම බලකාය වෙත එක්විය. ක්‍රියාන්විත අවශ්‍යතාවයන් ත්‍රීව වීම මත වර්ෂ 1995 ක් වූ අප්‍රේල් මස 25 වන දින එච් බළඝණය මෙම ඒකකය වෙත එක්වීමත් සමඟ ඉතා සුවිශේෂී අංගයක් ලෙස සංග්‍රාමික කිමිදුම් කණ්ඩයක් මම ඒකකය යටතේ ස්ථාපිත කරන ලදි.

      මෙම කණ්ඩය පසුකාලිනව එනම් වර්ෂ 2010 ක් වූ ඔක්තෝබර් මස 13 වන දින කිමිඳුම් බළඝණයක් ලෙස ස්ථාපිතව ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම් සිදු කිරීමටත් ක්‍රියාන්විත පහසුව සඳහාත් දෙවන රෙජිමේන්තුව විශේෂ බලකාය වර්ෂ 2011 ක් වූ ජූනි මස 26 වන දින නයාරු යුද්ධ හමුදා කඳවුර තුල ස්ථානගත කරන ලදි.

      වර්ථමාණයේ 2 වන විශේෂ බලකා රෙජිමේන්තුව බී, ඩි, ඊ, එච් සහ සංග්‍රාමික කිමිදුම් යන ක්‍රියාන්විත බළඝණ පහකින්ද අධාරක සහ පාලන බළඝණයකින් යුතුව ඉතා අභිමාණවත් අයුරින් තම දේශහිතෛශීභාවය මෙන්ම ක්‍රියාන්විත දක්ෂතාවය මත ලබාගත් පන්නරය මඟින් අනාගත අභියෝගයන්ට මුහුණදීම සඳහා සුදානම්වී සිටින සුවිශේෂී වූ බළඇණියක් ලෙස හැඳින්විය හැකිය.

3 වන විශේෂ බලකායේ දිගුදුර මෙහෙයුම් බළඝණ

      යුධමය වාතාවරණය මත බෙදුම්වාදි ත්‍රස්තවාදීන්ගේ මුහුදු කොටි තර්ජනය මැඩපැවැත්වීම සඳහා තවත් සුවිශේෂී වූ බළඇණියක අවශ්‍යතාවය මත වෙනත් ඒකක වලින් පැමිණි නිලධාරි සහ සෙසුනිලයින්ගෙන් සමන්විතව මෙම ඒකකය සමුදුරු විශෙෂ බලකාය ලෙස වර්ෂ 1996 අගෝස්තු 01 වන දින ආරම්භ විය. එනමුත් විෆශ්ෂ බලකා පුහුණු සහ ක්‍රියාන්විත නිපුනත්වය, සාර්ථකත්වය සඳහා අවශ්‍ය සාධකයක් බැවින්, ඉතාමත් කෙටිකාලයක් තුල මෙම සංකල්පය වෙනස්ව පළමු සහ දෙවන රෙජිමේන්තු විශේෂ බලකායන්හි දිගුදුර විමර්ශණ කණ්ඩයන් ලෙස පුහුණුව හා ක්‍රියාන්විත සිදුකල විශිෂ්ඨ සාමාජිකයන්ගෙන් සංක්‍රමණයත් සමඟ අය, ජේ, සහ කේ යන බළඝණයන් ගෙන් සමන්විතව 3 වන විශේෂ බලකා රෙජිමේන්තුව එනම් වර්ෂ 1996 ක් වූ සැප්තැම්බර් මස 18 වන දින වව්නියාව යුද්ධ හමුදා කඳවුර තුල ස්ථාපිත කරන ලදි. ක්‍රියාන්විත සංකල්පයන් ත්‍රස්තවාදී තර්ජනයන්ගේ ස්වභාවය මත වෙනස්ව ජේ සහ කේ යන බළඝණයන් ඉවත්ව එම් බළඝණය ඇතුල් කරගන්නා ලදි.

4 වන රෙජිමේන්තු විශේෂ බලකායේ නාගරික සටන් බළඝණය

      උතුර මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ ඉතා සුවිශ්ෂිත වූ ක්‍රියාන්විත අව්‍යතාවයන් ඉටු කිරීම සඳහා තවත් විශේෂ බලකා බළඇණියක අවශ්‍යතාවය මත 4 වන රෙජිමේන්තුව විශේෂ බලකාය වර්ෂ 2008 ක් වූ ජූනි මස 15 වන දින මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ ස්ථාපිතව ක්‍රියාන්විත අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා පදවි පරාක්‍රමපුර කඳවුරතුල ස්ථානගත කරවිම සිදුවිය. මෙම ඒකකයේ ආරම්භක සාමාජික බළඝණ ලෙස 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ඒ බළඝණයද 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ කේ බළඝණයද එක්වූ අතර, මෙම ඒකකයේ ප්‍රථම අණදෙන නිලධාරි ලෙස එවකට මේජර් ජේපිසි පීරිස් කටයුතු කරන ලදි. පසුව ක්‍රියාන්විත අවශ්‍යතාවය මත මෙම ඒකකය තුල එස් සහ එල් බළඝණ නගා සිටවූ අතර, මේ සඳහා අනෙකුක් විශේෂ බලකා ඒකක වෙතින් පැමිණි නිලධාරීන් හා සෙසුනිලයින් සමඟ මෙම ඒකකය තුලින් අනියක්ත කරන ලද එවැනිම භඨ පිරිස් සංඛ්‍යාවක දායකත්වය ලබාගන්නා ලදි. මානුෂීය මෙහෙයුම අවසන් අධියර තුලදී මෙම ඒකකය් ස්ථීර වාසස්ථානය ලෙස නයාරු මුහුදු බඩ ප්‍රදේශය තොරාගත් අතර, පසුව පුහුණු අවශ්‍යතාවයන් සපුරා ගැනීම වෙනුවෙන් මෙම ඒකකය වර්ෂ 2011 ක් වූ ජූනි මස 26 වන දින මංකිබ්‍රීජ් යුද්ධ හමුදා කඳවුරතුල ස්ථානගතව 2 වන රෙජිමේන්තුව විශේෂ බලකාය නයාරු යුද්ධ හමුදා කඳවුරතුල ස්ථාන ගත කරවන ලදි. එමෙන්ම මෙම ඒකකය වර්ථමාන ක්‍රියාන්විත අභියෝගයක් වන නගරබද සටන් සිදු කිරිම සඳහා වර්ෂ 2012 ක් වූ අප්‍රේල් මස 16 වන දින සුවිශේෂිතවූ දක්ෂතාවන්ගෙන් පිරි නාගරික සටන් බළඝණය මෙම බළඇණිය වෙත එක්කරන ලදි. මේ වන විට 4 වන විශේෂ බලකා රෙජිමේන්තුව සුවිශේෂිත වූ ක්‍රියාන්විත බළඝණ 4 කින් සහ නාගරික සටන් බළඝණයකින් මෙන්ම අධාරක හා පාලන බළඝණයකින් යුක්තව තම රාජකාරි ඉටු කරනු ලබයි.

ආපදා කළමණාකරණය

ස්වාභාවික විපත් වලදී උපකාර ලබාදීම

      උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල මෙහෙයුම් රාජකාරි සඳහා යොදවා ඇති අතර ස්වාභාවික විපත් වලදී සහය ලබාදිමට විශේෂ බලකා රෙජිමේන්තුව ඉදිරිපත්ව ඇත‍ 2006 සුනාමි ව්‍යවසනයේදී රෙජිමේන්තු නිලධාරින් සහ සෙබළුන් අවතැන් වූවන් නැවත පදිංචි කිරිමට විනාශ වූ යටිතල පහසුකම් යතා තත්වයට ගැනීමට අවශ්‍ය මහජන සේවා ප්‍රතිසංස්කරණයට සහයවීම සහ හදිසි ජීවිත ආරක්ෂක වෛද්‍ය ප්‍රථිකාර ලබාදීමට උපකාර කලහ. අවතැන්වූවන්ට ආහාර ඇඳුම් පැලඳුම් සහ තාවකාලික නවාතැන් පහසුකම් ලබාදීමට කටයුතු කලහ.

අරණායක ප්‍රදේශයේ නායයෑමෙන් අනතුරුව අධාර ලබාදීම

      2016 මැයි 17 වන දින අරණායක ප්‍රෙද්ශයේ නායයෑමේ ආපදා මෙහෙයුමට 4 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ නාගරික සටන් බළඝණය සම්බන්ධ විය.

මල සිරුරු ගොඩ ගැනීමට සහය ලබාදීම - මඩොල්සීම

      2021 පෙබරවාරි 09 වන දින මඩොල්සීම ප්‍රදේශයෙ ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා 4 වන විශේෂ බලකායේ නාගරික සටන් බළඝණය හා එල් බළඝණය සහභාගී වූ අතර, 2021 පෙබරවාරි 07 වන දින පුංචි ලෝකාන්තයෙන් අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුර සොයාගන්නා ලදි.

ඉදිරියට ඇති පුහුණුවීම්

ඇමතුම් විස්තරය

තැපැල් ලිපිනය : මූලස්ථානය, විශේෂ බලකා බලසේනා මූලස්ථානය, යුද්ධ හමුදා කඳවුර, වව්නියාව
ඊ මේල් ලිපිනය : hqsfbde@gmail.com, hqsfbde@army.lk
දුරකථන අංක : 0242223927
ෆැක්ස් : 0242223747