Header Sinhala

14th February 2026 10:15:00 Hours

1 බලකායේ බලකාධිපති 582 පාබල බලසේනා මූලස්ථානයෙහි සංචාරයක

1 බලකායේ බලකාධිපති - මේජර් ජෙනරාල් පීඑස් සුභාත් සංජිව ආර්එස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් එම දුරය භාර ගැනිමෙන් අනතුරුව 582 පාබල බලසේනා මුලස්ථානයෙහි වර්ෂ 2026 පෙබරවාරි මස 06වන දින නිල සංචාරයක නිරත විය.

ප්‍රථමයෙන් 582 පාබල බලසේනාව - හොරණ වෙත පැමිනි 1 බලකාධිපති තුමන්ට මෙම පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල් ආර් අමරසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි, ඒකක අණදෙන නිලධාරින් හා 582 පාබල බලසේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් විසින් ඉතා උනුසුම් අයුරින් පිලිගන්නා ලදි. ඉන් පසුව 582 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් බලසේනාවේ භට පිරිස් ස්ථානගතවිම, රාජකාරි හා වගකිම් පිලිබදව විස්තරාත්මක ඉදිරිපත් කිරිමක් සිදු කරන ලදි.

ඉන් අනතුරුව බලකාධිපති තුමන් මෙම පාබල බලසේනා මුලස්ථානයෙහි හා එයට අයත් ඒකක වන 1 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 21 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුව යන ඒකකයන්හි නිලධාරින් හා සෙසු නිලයින් ඇමතිමෙන් පසු කඳවුරු පරික්‍ෂාව සිදුකල අතර, ඉන් පසු සියළු නිල තේ පැන් සංග්‍රහයක් සදහා සහභාගි විය. අවසන් වශයෙන් එතුමන් අමුත්තන්ගේ පොතෙහි සමරු සටහන් තැබිමෙන් අනතුරුව තම නිල සංචාරය අවසන් කරන ලදි.