Header Sinhala

01st April 2022 08:39:59 Hours

යුධහමුදා ඉතිහාසයේ නවපිටුවක් පෙරලමින් 1 බළකායේ සමාරම්භය සනිටුහන් වූ වගයි

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩිසි පීඑස්සි එම්පීල් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති තුමාගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද නවතමයෙන් ගොඩනැගුණු 1 බළකායේ සමාරම්භක උත්සවය 2021 ඔක්තෝම්බර් 17 වන දින අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

සමාරම්භක උත්සවය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ආරාධනයෙන් ආරක්ෂක ලේකම්, ජාතික ආරක්ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධාන ආරාධිත අමුත්තා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන එනු ලැබීමෙන් අනතුරුව සම්මාන මුර ආචාර සිදුකරන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 1 බලකාය එහි ආදර්ශ පාඨය වන "වේගවත්, ජවසම්පන්න, අභීතව" යන පාඨය සංකේතවත් කරන ලාංඡන 1 වන බලකායේ භට පිරිස් වෙත පැළඳවීමට මාණ්ඩලික ප්‍රධානීගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් සිදුකරන ලදී. එම අවස්ථාව සදහා යුධ හමුදාපති සහ විධායක ජෙනරල් මේජර් ජෙනරාල් සංජය වනසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගිවන ලදි.

1 බලකා නිල වෙබ් අඩවිය සංකේතාත්මකව එළිදැක්වීමට විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සුරතින් සිදුකෙරුන අතර ඔහු විසින් අතිගරු ජනාධිපති තුමන්ගේ 'සෞභාග්‍යෙයේ දැක්ම' සංකල්පයට සමගාමීව ගොඩනැගුණු මෙම සන්ධිස්ථානය පිළිබඳව සුබ පැතුම් එක්කල අතර, අමුත්තන්ගේ සටහන් පොතෙහි සටහනක්ද තබන ලදී. සූම් තාක්ෂණය ඔස්සේ බලකායේ සියලුම නි/සෙසුනිලයින් හට මෙම සමාරම්භක උත්සවය නැරඹීමට පහසුකම් සපයා දී තිබුණි.

නව පලමුවන බලකාධිපති වන මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ජේෂ්ඨ නිළධාරී විසින් මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරිම සදහා විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා හට හා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාපති තුමන් හට සමරු තිළිණ ප්‍රධානය කරන ලදී.