Header Sinhala

03rd February 2026 12:56:19 Hours

කනිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යෙකොනොනි පුණරික්‍ෂණ වැඩමුළුව

කනිෂ්ඨ නිලධාරී සහ ජ්‍යෙකොනොනි පුනරික්‍ෂණ වැඩමුළුවක් 2026 ජනවාරි 19 සිට 24 දි දක්වා නිකවැව ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී නිලධාරීන් 10 දෙනෙකු සහ ජ්‍යෙකොනොනි 53 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී. එහි සමාරම්භක දේශනය හා සමාප්ති දේශනය සදහා පුධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිග්‍රේඩියර් ඩබ්ලිව්ඒජේ හේමචන්ද්‍ර ආර්එස්පි එච්ඩිඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වු අතර, මෙම වැඩමුළුව සදහා සහභාගි වු සියළුම නිලධාරින් සහ ජ්‍යෙකොනොනින් හට සහතික පත් ප්‍රදානය කරන ලදී.