Header Sinhala

14th March 2026 11:08:16 Hours

1 බලකායේ බලකාධිපති තුමන් ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ නිළ සංචාරයක නිරත වීම.

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් පිඑස් සුභාත් සංජීව ආර්එස්පි එන්පීඑස් පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2026 මාර්තු 06 වන දින ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ කඳවුරු සංචාරය සිදු කරන ලදි.

පසුව ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් එච්ඒඑච්බී හේරත් ඩබ්ලිව්ඩබ්ලිවී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ශ්‍රිලංපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් බලකාධිපති තුමන්ව පිළිගනු ලැබූ අතර, එහිදි කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන්පසු සේනාවිධායක විසින් ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ කාර්යභාරය සහ කාර්යයන් සැබැදිව ඉදිරිපත් කිරිමක් සිදු කල අතර, ඉන් අනතුරුව බලකාධිපති තුමා විසින් පැලයක් රෝපණය කර, නිති විරෝධි රැස්විම් විසුරුවා හැරි‍මේ නිදර්ශණය සඳහා සහභාගිවිය.

ඉන් පසුව ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ නිත්‍ය කාර්ය්‍ය මණ්ඩලයේ සියළුම නිලයින් අමතා, අවසාන වශයෙන් 1 බලකාධිපති තුමන් විසින් නිළ සංචාරය සනිටුහන් කරමින් සමරු සටහන් පොතේ අත්සන් තබන ලදී.