Header Sinhala

14th February 2026 10:08:56 Hours

1 බලකායේ නව බලකිධිපති තුමන් 583 පාබල බලසේනාවේ නිල සංචාරයක

1 බලකායේ නව බලකාධිපති මේජර් ජෙනරාල් පී එස් සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2026 පෙබරවාරි මස 07 වන දින 583 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත වන ලදි.

582 පාබල බලසේනාවේ බල සේනාධිපති බ්‍රිගේඩියර් රුවන් සිරිවර්ධන ආර්එස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් බලකාධිපති තුමන් හට බලසේනාවේ රාජකාරි ස්වභාවය පිලිබද විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. ඉන් පසුව බලකාධිපති තුමන් සමූහ ඡායාරූපයක් සදහා පෙනි සිටිමෙන් අනතුරුව භට පිරිස් ඇමතීම සිදු කරන ලදි. පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සදහා සහභාගි විමෙන් පසු කඳවුරු භුමියේ සංචාරයක නිරත වු අතර, 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 1 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් නවීකරණය කරන ලද බෝට්ටු සහ කැරලි මර්දන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද නිදර්ශණ අවස්ථා බලකාධිපති තුමන් විසින් නිරීක්ෂණය කරන ලදී.

ඉන් අනතුරුව බලකාධිපති තුමන් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහන් තැබිමෙන් අනතුරුව සිය නිල සංචාරය අවසන් කරන ලදි.