Header Sinhala

01st April 2022 08:46:15 Hours

ප්‍රථම බළකාධිපති සිය ධූරයේ වැඩභාර ගනී

කිලිනොච්චි 1 බළකායේ ප්‍රථම බළකාධිපති ලෙස මේජර් ජෙනරාල් එච්පී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආඑස්පී එන්ඩීසී 2021 ඔක්තෝම්බර් 18 වන දින නිල ලේඛනයකට සිය අත්සන තබමින් 1 බළකායේ පළමුවන බළකාධිපති ලෙස සිය රාජකාරී ආරම්භ කරන ලදී.

යුධහමුදා චාරිත්‍රානුකූලව, 1 බළකායේ භට පිරිස් විසින් අභිනවයෙන් පත් කරන ලද 1 බළකායේ බළකාධිපති වෙත වර්ණවත් පෙළපාලියක් පිරිනමන ලද අතර, ඔහු විසින් කෙටි භට පිරිස් ඇමතීමක්ද සිදු කරන ලදී. මෙම ප්‍රෞඩ සංවිධානයේ සොල්දාදුවන් ලෙස නිරන්තර පුහුණුව තුළින් තම වෘත්තීය කුසලතා ප්‍රවර්ධනය කිරීම සදහා කැපවීමෙන් පැවරී ඇති රාජකාරිය ඉටුකිරීමේ වැදගත්කම ඔහු දේශනයේදී ප්‍රකාශ කළේය. අනතුරුව, බළකාධිපති විසින් එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා මූලස්ථාන පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කරන ලද අතර, සියලු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගි වනලදී.

අතිරේක ප්‍රහාරක බළකාය සහ නියෝජනය කරමින් 53 සහ 58 පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, විශේෂ මෙහෙයුම් බලකා නියෝජනය කරමින් විශේෂ බලකා සහ කමාන්ඩෝ බළකා බලසේනාධිපතිවරුන්, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගි වූහ.