Header Sinhala

22nd February 2026 09:38:19 Hours

1 බලකා නව නිපැයුම් තරගාවලිය - 2026 “Corps Creators Expo”

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා නවීන තාක්‍ෂණය භාවිතා කරමින් දැනුමින් පිරිපුන් සෙබළුන් බිහිකිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ නව තාක්‍ෂණික ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සහ ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වීමේ අරමුණ පෙරදැරි කරගනිමින් යුද්ධ හමුදාධිපතිගේ සංකල්පයක් අනුව පර්යේෂණ, සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් 77 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව සංවිධානය කරන ලද නවෝත්පාදන තරගාවලිය 1 බලකායේ බලකාධිපති හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් පීඑස් සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම හා පූර්ණ අධීක්‍ෂණයෙන් යුතුව මෙම බලකාය යටතේ පාලනය වන සියළුම පාබල සේනාංක, පාබල බලසේනා මූලස්ථාන සහ ඒකකයන්හි රාජකාරී කරනු ලබන සියළුම නිලධාරී හා සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් යුතුව 2026.02.19 සහ 20 යන දෙදින තුල “නෙළුම් පියස” ශ්‍රවණාගාරයේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.

ඒ අනුව, මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 1 බලකායේ බලකාධිපති හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් පීඑස් සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගි වූ අතර, පර්යේෂණ, සංකල්ප හා මුලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් - මේජර් ජෙනරාල් ජීඩීජේසී ප්‍රේමතිලක යුඑස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා පර්යේශණ, විශ්ලේශන යෝජනා හා සංවර්ධන අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් වයිඑස්පී සුමනසිංහ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ නව නිපැයුම් තරගාවලිය සඳහා 1 බලකා මූලස්ථානය හා ඒ යටතේ පාලනය වන 53 හා 58 පාබල සේමූ හා ඊට අයත් පාබල බසේමු, ඒකක හා මෙම බලකාය යටතේ ඉඳුරාම පාලනය වන ඒකකයන් වෙතින් නව නිර්මාණ 53 ක් ඉදිරිපත් කරන ලදි.

එම නව නිර්මාණ ඉදිරිපත් කරන ලද සියළුම අයවළුන් හට තම නිර්මාණ වෙනුවෙන් වටිනා සහතික පත්‍රයක් හිමිවූ අතර, ඒ අතරින් තෝරාගත් නිර්මාණකරුවන් 10 දෙනෙකු වෙනුවෙන් විශේෂ සහතික පත්‍රයක් හා ඔවුන් හට අවසන් මහා තරඟය සඳහා සහභාගිවීමට අවස්ථාව හිමි වූ අතර මෙම තරගාවලියේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානයන් දිනා ගනු ලැබූයේ;

ප්‍රථම ස්ථානය - 2/ ලුතිතන් ඊඑම්එන්එම්ආර් එදිරිසිංහ - 6 විපාරෙ (කෘතිම බුද්ධිය භාවිතයෙන් ගිනි හා සොර සතුරන් හඳුනා ගැනීමේ පද්ධතිය)

දෙවන ස්ථානය - 2/ ලුතිතන් ඊඑම්එන්එම්ආර් එදිරිසිංහ - 6 විපාරෙ (ගංවතුර හා ජලය ආශ්‍රිතව දුරස්ථ පාලක ජීවිත ගලවා ගැනීමේ පද්ධතිය)

තෙවන ස්ථානය - සැරයන් දිසානායක ඩීඑම්එස්ඩී - 8 කාහ (ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බියුගලය)

තවද, මෙම අවසන් උත්සවය සඳහා පර්යේශණ, විශ්ලේශන, යෝජනා හා සංවර්ධන අංශ ප්‍රධානී වශයෙන් කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් වයිඑස්පී සුමනසිංහ ආර්එස්පී, 1 බලකා බ්‍රිගේඩියර් පාලන/භකාස බ්‍රිගේඩියර් එම්එම්එම්පී මහේෂ් කුමාර, ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ඒඑජේ හේමචන්ද්‍ර ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී, පර්යේශණ, විශ්ලේශන, යෝජනා හා සංවර්ධන අංශ කර්නල් (සැලසුම් හා සම්බන්ධීකරණ) වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඒඑච්එම්ටී ගුණරත්න ආර්එස්පී පීඑස්සී, පර්යේශණ, විශ්ලේශන යෝජනා හා සංවර්ධන අංශ (තාක්‍ෂණික අංශ ප්‍රධානී) වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් කේඑස්පීඑන් පෙරේරා ආර්එස්පී, 1 බලකා කර්නල් සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් හා කොමිෂන් නොලත් නිලධාරීන් ඇතුළු සෙසුනිළයින් 500 ක පමණ පිරිසක් සහභාගි වන ලදි.