Header Sinhala

01st April 2022 08:41:40 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නවතමයෙන් ඉදිකරනලද 1 බලකා මූලස්ථාන ගොඩනැගිල්ල උත්සවාකාරයෙන් විවෘත කරයි

1 බලකාධිපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසි එම්පීල් තුමාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩිසි පීඑස්සි එම්පීල් විසින් 2021 ඔක්තෝම්බර් 17 වන දින කිලිනොච්චියේ නවතමයෙන් ඉදිකරන ලද කරන ලද 1 බළකායේ මූලස්ථාන ගොඩනැගිල්ල උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ විසින් ගෞරව සම්මාන මුරය පිළිගැන්වීමට ප්‍රථම ප්‍රධාන ආරාධිත අමුත්තා වන යුධහමුදාපති තුමන් හට ප්‍රධාන දොරටුව අභියසදී විශේෂ බළකාය විසින් කදවුරු මුරයක් පිරිනමන ලදී.

පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා අනෙකුත් අමුත්තන් සමඟ සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා නව මූලස්ථාන සංකීර්ණය උත්සවාකාරයෙන් විවෘත කළේය. බලකාධිපති නිල කාර්යාලයේ පැවති කෙටි සුහද සාකච්ඡාවකින් අනතුරුව, මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම සඳහා නව මූලස්ථානය ඉදිරිපිට පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව අමුත්තන්ගේ පොතේ අත්සන් තබන ලෙස ප්‍රධාන ආරාධිත අමුත්තාට ආරාධනා කරන ලදී.