Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

මුල් පුවත

  • 233 වන පාබල බළසේනාවේ අභිනවයෙන් ඉදිකරන ලද නිළධාරී නිවස්නය විවෘත කරයි.

    20th September 2022 21:15:10 Hours

    233 වන පාබල බළසේනාවේ අභිනවයෙන් ඉදිකරන ලද නව නිළධාරී නිවස්නය ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශිවන්ත කුලතුංග යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් 2022 සැප්තැම්බර් 03 වන විවෘත කරන ලදී.

  • 7 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය විසින් තවත් ව්‍යාපෘතියක් ආරම්භ කරයි

    08th September 2022 17:38:56 Hours

    පාසල් සංවර්ධන ව්‍යාපෘතියන්ට සමගාමීව තවත් එක් පිටවරක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩ/මන්මුනේ බටහිර පාවට්කොඩිච්‍‍චේනෛ විද්‍යාලයේ විදුහල්පති තුමන්ගේ ඉල්ලිමකට අනුව නව ක්‍රිඩා පිටියක් සකස් කිරිම සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි 2022.09.07 වන දින පාසල් ක්‍රීඩා පිටියේදී ව්‍යාපෘති කටයුතු ආරම්භ කරන ලදී.

  • ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ප්‍රදේශයට අයත් විහාරස්ථාන වෙත වියළි සලාක මලු බෙදා දෙයි.

    07th September 2022 14:43:30 Hours

    ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජිආර්ආර්පි ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බළප්‍රදේශයට අයත් කන්දකාඩු, දම්මින්න, සෙවනපිටිය සහ මහවැව ප්‍රදේශයන් හි තෝරාගත් විහාරස්ථාන 7 ක් වෙත රුපියල් 85000.00 ක් බැගින් පමන වටිනා කමකින් යුත් අත්‍යාවශ්‍ය වියළි සලාක ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් 2022 සැප්තැම්බර් 05 වන දින බෙදා දෙන ලදි.

  • අඩු ආදායම්ලාභි පවුල් සදහා වියලි සලාක මළු හා පාසල් සිසුන් සදහා ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂ බෙදා දෙයි

    29th August 2022 12:16:34 Hours

    ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් ආර් පි ජයවර්ධන ආර්ඩබ්පි ආර්ඒස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා පරිත්‍යාගයෙන් අරලගංවිල ප්‍රදේශයේ දෙහිඅත්තපිටිය යාය, ජයමුතුගම සහ යාය 03 යන ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභි පවුල් 100 ක් සදහා එකක වටිනාකම රු. 5000.00 ක් වන වියලි සලාක මළු 100 ක් සහ එම ප්‍රදේශයන්ම තෝරාගත් පාසල් සිසුන් 100 ක් සදහා රු 2500.00 වටිනා කමකන් යුත් ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂ 100 ක් 2022 අගෝස්තු 27 වන දින අරලගංවිල මහවැලි සංස්කෘතික ශාලාවේදී බෙදා දෙන ලදි.

  • ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 22 වන පාබල සේනාංකයේ සංචාරක නිරත වෙයි

    29th August 2022 10:01:39 Hours

    ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර), මේජර් ජෙනරාල් ජි ආර් ආර් පි ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරී 2022 අගෝස්තු මස 18 සහ 19 යන දිනවල 22 වන පාබල සේනාංකයේ සංචාරයක නිරත විය. පළමු දිනයේදි බුද්ධි සාකච්ඡාවක් 22 වන පාබල සේනාංකය ත්‍රිකුණාමලයේදි පැවැත් වු අතර භට පිරිස් ඇමතිම 221 වන පාබල බළසේනාවේ දි පැවැත් විය.

  • වියළි සලාක මලු සහ පාසල් උපකරණ බෙදා දීම.

    25th August 2022 14:59:33 Hours

    අඩු ආදායම්ලාභී පවුල් දෙදහසක් සඳහා වියළි සලාක මලු සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන් කිහිපයක් නාඋයන ආරණ්‍ය ප්‍රධාන සංඝනායක අගුළුගමුවේ අරියනන්ද හිමි සහ නාඋයන බෞද්ධ සංගමයේ කාරක සහයකයින් ගේ ප්‍රධානත්වයෙන් 2022 අගෝස්තු 20 වන දින අම්පාරේදී පවත්වන ලදි.

  • ආඥාපති ආසේ (නැ) දීඝවාපිය නීරීක්ෂණ සංචාරයක.

    06th August 2022 10:19:54 Hours

    ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ජී ආර් ආර් පී ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරී දීඝවාපිය රජමහා විහාරය, අම්පාර හි නිරීක්ෂණ සංචාරයක් 2022 අගෝස්තු මස 06 වන දින සිදු කරන ලදි.

  • "ශාසනාලෝක වැඩසටහන" යටතේ ආරක්ෂක සේනා නැගෙනහිර ප්‍රදේශයට අයත් විහාරස්ථාන වෙත වියළි සලාක මලු බෙදා දෙයි

    29th July 2022 15:54:24 Hours

    "ශාසනාලෝක වැඩසටහන" යටතේ ආරක්ෂක සේනා නැගෙනහිර ප්‍රදේශයට අයත් විහාරස්ථාන වෙත ගම්පහ ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් ලොකුබාලසුරිය මහතා හා ඔහුගේ මිතුරුකැලගේ අනුග්‍රාහකත්වයෙන් සහ ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජිආර්ආර්පි ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම මත 2022.07.26 දින දිඹුලාගල, කල්කුඩා, කඩවත්මඩුව සහ වැලිකන්ද විහාරස්ථාන වෙත වියළි සලාක මලු විශාල ප්‍රමාණයක් පරිත්‍යග කරන ලදි.

  • මනුෂ්‍යත්වයේ සහන යාත්‍රාව 18 සහ 19 වන අධියරයන් යටතේ අඩු ආදායම්ලාභි පවුල් සදහා වියලි සලාක මලු බෙදා දෙයි

    28th July 2022 12:39:40 Hours

    “මනුෂ්‍යත්වයේ සහන යාත්‍රාවේ” 18 සහ 19 අධියරයන් යටතේ දුෂ්කර ප්‍රදේශවල ජිවත් වන අඩුආදායම්ලාභි පවුල් 200 ක් සදහා රු.5000.00 කට වඩා වටිනාකමකින් යුත් වියලි සලාක මලු බෙදා දිමේ වැඩසටහනක් 2022 ජූලි 25 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

  • ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිතුමන් ඉදිරි නඩත්තු පෙදෙස සංචාරයක නිරත වෙයි.

    22nd July 2022 21:57:24 Hours

    ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ජී ආර් ආර් පී ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂඨ නිළධාරී 2022 ජූලි මස 19 වන දින ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) සහ යුධ හමුදා මූලික රෝහල - මින්නේරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.