Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th January 2024 12:29:45 Hours

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නැගෙනහිර ත්‍රිවිධ හමුදා භටපිරිස් අමතයි

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි එම්ෆිල්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් නැගෙනහිර ආරක්ෂක සේනා බලප්‍රදේශයේ සිටින යුධ, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයින්ට ඔවුන්ගේ වගකීමි හා කාර්ය භාරය සහ වෘත්තීයමය වටිනාකම, විනය ගරුකව හැසිරීම පිළිබඳව මතක් කිරීමේ අරමුණ ඇතිව 2024 ජනවාරි 28 වන දින මෙම සංචාරය සිදු කරන ලදී. ත්‍රීකුණාමලය ගුවන් හමුදා විද්‍යාපීඨය වෙත පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ගුවන් හමුදා සම්ප්‍රදායන්ට අනුව ගුවන් හමුදා සම්මාන මුරයක්ද ගුවන් හමුදා විද්‍යාපීඨ භූමියේදී පිරිනමන ලදි.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති විසින් භටපිරිස් ඇමතීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්හට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පිළිබඳව කෙටි සවිස්තරාත්මක හැඳින්වීමක් සිදු කරමිනි.

භටපිරිස් අමතමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි නව වසරට සුබ පැතුම් එක් කිරීමටත්, වන්නි මානුෂීය මෙහෙයුම ඇතුළු පසුගිය ක්‍රීයාන්විත සදහා සහභාගිවූ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් ඇගයීමට ලක් කිරීමටත් අවස්ථාවක් කර ගත්තේය. සියලුම නිලයන් ඔවුන්ගේ අඛණ්ඩ සේවය මාතෘ භූමියට ලබාදිය යුතු බවත් සිවිල් ජනතාවට උපකාර කරන අතරම මාතෘ භූමිය තුල සාමය සහ සහජීවනය පවත්වා ගැනීම සඳහා තම දායකත්වය ලබාදීමේ ඇති වටිනාකමද පෙන්වා දෙන ලදි.

හමුදා නිලධාරීන්ගේ වෘත්තීමයභාවය පිළිබදව බහුතර සිවිල් ජනතාවගේ පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වී ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සිහිපත් කළේය. එබැවින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සෑම විටම විනය උසස් තත්වයෙන් පවත්වා ගෙන යෑම අතිශය වැදගත් බව ඔහු විසින් අවධාරණය කළේය.

වත්මන් අභියෝග පිළිබඳව තමන් යට‍තේ රාජකාරි නියතු නිලධාරීන් සහ සෙසුනිලයින් නිතර දැනුවත් කරන ලෙසත් අවශ්‍ය විටදී ඔවුන්ව නිරතුරුවම මඟපෙන්වීමට කටයුතු කරන ලෙසත් විවිධ මට්ටම්වල නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

භටපිරිස් ඇමතීමෙන් අනතුරුව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. තවද මෙම සංචාරයේදී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි භටපිරිස් සමඟ සුහද කතාබහක යෙදුනු අතර එහිදී ඔහු නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ අවශ්‍යතා පිළිබදවද සොයා බලන ලදි.