Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th February 2024 13:02:26 Hours

23වන පාබල සේනාංකය විසින් මොණරතැන්න ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සදහා පාසල් උපකරණ හා මව්පියන් හට වියලි සලාක මලු පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි.

23පාබල සේනාංක බළප්‍රදේශයට අයත් වැලිකන්ද ප්‍රා‍දේශිය ලේකම් කොටිඨාශයේ පිහිටි පො/දිඹු/වැලිකන්ද මොණරතැන්න ප්‍රාථමික විද්‍යාලය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කර පාසලක් වන අතර, එම පාසලේ දු දරුවන්ට නව අධ්‍යයන වාරය ආරමිභ කිරිමට අවැසි පාසල් උපකරණ හා පාසැල් භූමිය සුද්ධ පවිත්‍ර කිරිමේ ගැටළුවට විදුහල්පතිණිය හා දෙමාපියන් මුහුණ දි සිටින ලදි.

අඩු ආදායම්ලාභි ජනතාවන් වාසය කරන මොණරතැන්න ප්‍රදේශයේ මෙම ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් 35 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර, ඔවුන්ගේ අධ්‍යයන වාරයට අවශ්‍ය පාසැල් උපකරණ සොයා දිමේ සහ පාසැල් භුමිය පිළිසකර කිරිමේ භාරදූර වගකිම ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිගේ උපදෙස් මත හා 23 පාබල සේනාංකාධිපති ‌මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්ඒස්පී යූඒස්පී පීඒස්සී, ගේ සමිබන්ධීකරණයෙන් සෙලාන් බැංකුවේ සේවය කරන සුරේෂ් පක්ෂවීර මහතා සහ කොළඹ ප්‍රදේශයේ ජිවත්වන දානපතියන්ගේ මුල්‍ය පරිත්‍යාගයෙන් සිදුකරන ලදි.

එහි දි පාසැල් සිසුන් 35 ක් සදහා අභ්‍යාස පොත්, පෑන්, පැන්සල්, වතුර බෝතල්, කටර්, මකන,පාට පැන්සල්, කෑම පෙට්ටි ඇතුළු වටිනා පාසැල් උපකරණ කට්ටලය බැගින් ලබාදුන් අතර, අබලන්ව තිබු පාසැල් දේශණ ශාලාවේ වහලය පිළිසකර කිරිම, පාසල් ළමුන් විවේක කාලයේදි ක්‍රිඩා කරන අබලන්ව තිබු සෙල්ලම් උයන වෙනත් ස්ථානයක ස්ථාන ගත කර පිළිසකර කර, තින්ත අලේප කර සිසු අයිතියට ලබාදිමට මෙන්ම පාසැල වෙත පොදු අයිතිය සදහා අවැසි ක්‍රිඩා භාණ්ඩ මෙන්ම ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරිමද සිදුකරන ලදි. එමෙන්ම පාසැල් ළමුන්ගේ සෑම පවුලක් සදහාම ඉතා වටිනා පෝෂණ මල්ලක් ලබාදීම සිදුකරන ලදි.

මෙම අවස්ථාව සදහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ‌මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්ඒස්පී එන්ඩියු පීඒස්සී අයිජි, 23 පාබල සේනාංකාධිපති ‌මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්ඒස්පී යූඒස්පී පීඒස්සී, දිබුලාගල අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක (සැලසුමි) පීජීඒඑස් අනිල් කුමාර මහතාද, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක (පාසැල්) ටීඒඩීවයිජී තෙවරප්පෙරුම මහත්මියද සහභාගි වු අතර, මෙම සියලු කටයුතු සදහා මුල්‍ය ආධාර ලබා දුන් සුරේෂ් පක්ෂවීර මහතා සහ එම මැතිණිය, කිෂාන් සිල්වා මහතා එම මැතිණිය සහ ඔවුන්ගේ දියණිය ඇතුළු සියලු දෙනා සහභාගී විය.