Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

මුල් පුවත

  • ශ්‍රි ලංකා රතු කුරුස සංවිධානයේ ප්‍රධානීන්, ආඥාපති තුමා හමුවිය.

    17th November 2022 18:47:20 Hours

    ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති, මේඡර් ඡෙනරාල් සුජීව හෙටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරීව ජාත්‍යන්තර ශ්‍රි ලංකා රතු කුරුස සංවිධානයේ ප්‍රධාන මහත්මිය සහ සහකාර නිළධාරි පිරිස නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන කාර්යාලයේදි හමුවිය.

  • ආරක්ෂක සේනා නැගෙනහිර 24 වන ආඥාපති රාජකාරි අරඹයි.

    17th November 2022 09:56:51 Hours

    ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර ආඥාපති ලෙස ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 .11.14 දින ආගමික ආශිර්වාද ලබා ගනිමින් වැඩ භාර ගන්නා ලදී.

  • නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ධුරයෙන් නික්ම යයි

    15th November 2022 10:59:53 Hours

    ආඥාපති ආසේ (නැ) ධුරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් 2022 නොවැම්බර් මස 12 වන දින ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) දි පැවැත් විය. ඒ අනුව ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත පැමිණි නික්ම යන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු මුරයක් පිරිනමනු ලැබූහ...

  • “මන්මුනේ” ක්‍රීඩා පිටිය ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති විසින් විවෘත කරන ලදී.

    14th November 2022 21:38:41 Hours

    දිවයිනේ නැගෙනහිර කොටසේ "මඩකලපුව" පරිපාලන දිස්ත්‍රික්කයේ "මන්මුනේ" බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් "පාවඩිකොචචිවේනයි" ප්‍රදේශය "මුස්ලිම් සහ දෙමළ" බහුලව ජීවත් වන "ඉතා දුෂ්කර" ප්‍රදේශයකි. "අඩු ආදායම්ලාභී" පවුල් එහි වෙසෙන අතර, විවිධ සිවිල් කටයුතු වැඩසටහන් හරහා ඔවුන්ගේ ජන ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා විවිධ මානුෂීය ආධාර සහ යටිතල පහසුකම් සැපයීමට හමුදා භට පිරිස් මෙම ප්‍රදේශයට මැදිහත් වේ.

  • 12 වන ගැමුණු හේවා බළ ඇණීයේ භට විසින් වියළි සලාක මලු පරිත්‍යාග වැඩසටහනක් සිදු කරන ලදි.

    13th November 2022 11:23:43 Hours

    ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම් සහ අධීක්‍ෂණය යටතේ 12 වන ගැමුණු හේවා බළ ඇණීයේ භට පිරිස්ගේ දායකත්වයෙන් අරලගංවිල මධ්‍යම “මහවැලි” කෙන්ද්‍රස්ථාන පරිශ්‍රයේදී වියළි සලාක මලු පරිත්‍යාග වැඩසටහනක් 2022 නොවැම්බර් 09 දින පැවැත්විණි.

  • ආරක්‍ෂක සේනා (නැඟෙනහිර) භඨ පිරිස් කඨින චීවර පිංකමක් සදහා දායකත්වය දැක්විය

    09th November 2022 12:49:20 Hours

    ආරක්‍ෂක සේනා නැඟෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි වැලිකන්ද කඩවත්මඩුව පුරාණ විහාරස්ථානයේ දී වාර්ෂිකව පවත්වනු ලබන කඨින චීවර පිංකම ආරක්‍ෂක සේනා (නැගෙනහිර) භඨ පිරිස්ගේ දායකත්වයෙන් සිදු කරන ලදි.

  • ආරක්ෂක සේනා (නැගෙනහිර) 19 වැනි සංවත්සරය සමරයි

    04th November 2022 15:01:01 Hours

    2022 ඔක්තෝබර් 27 හා 30 දිනයන්හි දි විශේෂ වැඩසටහන් කිහිපයක් සමඟින් ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) 19 වන සංවත්සරය සමරනු ලැබිය. ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහභාගිත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය සේවයේ නියුතු නිලධාරීන් සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව 2022 ඔක්තෝබර් 27 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) වෙත සෙත් පතා...

  • අඩු ආදායම්ලාභි පවුල් සදහා වියලි සලාක මළු බෙදා දෙයි

    29th October 2022 20:17:10 Hours

    නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්විම සහ අධීක්‍ෂණය යටතේ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කුංජන්කුලම් "සංස්කෘතික" මධ්‍යස්ථානයේදී වියළි සලාක පරිත්‍යාග වැඩසටහනක් 2022.10.26 වන දින සංවිධානය කරන ලදී.

  • යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ශ්‍රී මහා බෝධියේ අංකුර බෝධීන් වහන්සේ නමක් කවුඩාගල ආරණ්‍ය සේනාසන විහාරස්ථානයේ රෝපණය කරයි

    29th October 2022 07:50:50 Hours

    වැලිකන්ද, කවුඩාගල ආරණ්‍ය සේනාසන පුරාණ විහාරස්ථානයේ භික්‍ෂුන් වහන්සේලා විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) භඨ පිරිස් විසින් 2022 ඔක්තෝබර් 15 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධින් වහන්සේ නමක් විචිත්‍රවත් පෙරහැරකින් වැඩම කරවා එම විහාරස්ථාන පරිශ්‍රයේ රෝපණය කරනු ලැබීය.

  • ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ධාතු මන්ධිරයක් විවෘත කරයි

    28th October 2022 20:26:36 Hours

    මල්ලින්ද ශ්‍රී සුවර්ණ පහන පුදබිම විහාරස්ථානයේ කඨින චීවර පූජා උත්සවයට සමගාමීව අභිනවයෙන් ඉදිකල ධාතු මන්දිරය 2022.10.23 වන දින ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ විසින් විවෘත කරන ලදී.