Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

මුල් පුවත

  • යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ආරක්ෂක සේනා මුලස්ථානයේ පාලන පරීක්ෂණයක් පවත්වන ලදී.

    14th December 2022 20:59:05 Hours

    ශ්‍රි ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේඡර් ඡෙනරාල් චන්න වීරසුරිය ඡ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2022 දෙසැම්බර් මස 12 වන දින පාලන පරීක්ෂණයේ අවසන් දිනය සදහා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ඨානය වෙත පැමිණි අතර ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති මේඡර් ඡෙනරාල් සුඡීව හෙට්ටිආරච්චි ඡ්‍යෙෂ්ඨ නිළධාරි විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර 15 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාබල රෙඡෙමේන්තුවේ භඨ පිරිස් විසින් පිවිසුම් දොරටුව අභියසදී කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

  • 2022 වර්ෂයේ (නැගෙනහිර) පාපන්දු මහා තරගාවලිය 22 පාබල සේනාංකය විසින් සංවිධානය කරයි

    13th December 2022 12:49:03 Hours

    2022 ආරක්‍ෂක සේනා (නැගෙනහිර) අන්තර් කොට්ඨාශ පාපන්දු අවසන් මහා තරගය 2022 දෙසැම්බර් 10 වන දින පැවැත් වු අතර ඒ සදහා 22 වන පාබල සේනාංකය හා 23 වන පාබල සේනාංකය වශයෙන් කණ්ඩායම් 2 ක් තරග වැදුනු අතර 23 වන පාබල සේනාංකය ගොල් 1 - 0 වශයෙන් පරාජය කරමින් 22 වන පාබල සේනාංකය ජයග්‍රහනය කරන ලදි. තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ අතර කණ්ඩායම් දෙකම ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කළ නමුත් ඉන් නොනැවතී 22 වැනි සේනාංකයේ ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ගේ සියලු ගෝල අවස්ථා ව්‍යර්ථ කරමින් ජයක්ග්‍රහනය කරන ලදි.

  • ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 12 වන ගැමුණු හේවා බලඇණි‌‌යේ සංචාරයක නිරත විය.

    02nd December 2022 12:44:59 Hours

    ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2022.11.22 වන දින 12 වන ගැමුණු හේවා බලඇණිය වෙත පළමුවරට සංචාරයක නිරත විය. 12 වන ගැමුණු හේවා බලඇණි මූලස්ථානය වෙත පැමිණි ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග හා 12 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී මේජර් ලසන්ත රණසිංහ ජ්‍යෙෂ්ඨ නිළදධාරින් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව

  • නැගෙනහිර භට පිරිස් වියළි සලාක පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරයි

    23rd November 2022 10:49:20 Hours

    ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ මාර්ගෝපදේශ හා අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) භට පිරිස් සහ 7 වන බලඇණිය ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් වියළි සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2022.11.19 වන දින සංවිධානය කරන ලදී.

  • ආරක්ෂක සේනා (නැගෙනහිර) නව ආඥාපති පළමු වරට 24 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරය කරයි

    23rd November 2022 10:31:18 Hours

    ආරක්‍ෂක සේනා (නැඟෙනහිර) ආඥාපති ලෙස වැඩ භාරගත් මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 2022 නොවැම්බර් 17 සහ 18 යන දිනයන්හිදී අම්පාර මල්වත්ත හි පිහිටි 24 පාබල සේනාංක මූලස්ථානය වෙත පළමු වරට සංචාරයක නිරත විය.

  • ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නව ආඥාපති පළමු වරට 23 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරය කරයි.

    19th November 2022 22:19:25 Hours

    ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නව ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙටිආරච්චි 2022.11.16 දින 23 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වන ලදී .

  • ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නව ආඥාපති පළමු වරට 22 වන පාබල සේනාංක මූලස්ථානයේ සංචාරය කරයි.

    19th November 2022 22:16:10 Hours

    ආරක්ෂක සේනා මූලස්ථානය(නැගෙනහිර) නව ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙටිආරච්චි 2022.11.15 දින ත්‍රිකුණාමලය - කෙසෙල් තුඩුවේ පිහිටි 22 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වන ලදී.

  • ශ්‍රි ලංකා රතු කුරුස සංවිධානයේ ප්‍රධානීන්, ආඥාපති තුමා හමුවිය.

    17th November 2022 18:47:20 Hours

    ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති, මේඡර් ඡෙනරාල් සුජීව හෙටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරීව ජාත්‍යන්තර ශ්‍රි ලංකා රතු කුරුස සංවිධානයේ ප්‍රධාන මහත්මිය සහ සහකාර නිළධාරි පිරිස නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන කාර්යාලයේදි හමුවිය.

  • ආරක්ෂක සේනා නැගෙනහිර 24 වන ආඥාපති රාජකාරි අරඹයි.

    17th November 2022 09:56:51 Hours

    ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර ආඥාපති ලෙස ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 .11.14 දින ආගමික ආශිර්වාද ලබා ගනිමින් වැඩ භාර ගන්නා ලදී.

  • නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ධුරයෙන් නික්ම යයි

    15th November 2022 10:59:53 Hours

    ආඥාපති ආසේ (නැ) ධුරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් 2022 නොවැම්බර් මස 12 වන දින ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) දි පැවැත් විය. ඒ අනුව ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත පැමිණි නික්ම යන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු මුරයක් පිරිනමනු ලැබූහ...