Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

මුල් පුවත

  • නැගෙනහිර මුලස්ථානය ආධ්‍යාත්මික දියුණුව සඳහා ‘අමා දොර විවර විය’ ධර්ම දේශනාවට සවන් දෙති

    20th July 2023 11:27:48 Hours

    යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව, පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා යුධ හමුදා බෞද්ධ බළමණ්ඩලයේ උපදෙස් පරිදි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ධර්ම දේශනා වැඩසටහනක් සංවිධානය කරන ලදී. "අමා දොර විවර විය" යන තේමාව යටතේ පැවති ධර්ම දේශනා මාලාවේ එක් වැඩසටහනක් ලෙස බලංගොඩ රාධ ස්වාමින් වහන්සේ විසින් 2023 ජූලි 18 වන දින වැලිකන්ද නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන විහාරස්ථාන පරිශ්‍රයේදී මෙම ධර්ම දේශනාව පවත්වන ලදී.

  • නැගෙනහිර ආඥාපති වැලිකන්ද ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇස් කණ්නාඩි බෙදා දෙයි

    19th July 2023 11:38:32 Hours

    හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා හි ජංගම වෛද්‍ය සහ අක්ෂි සත්කාර ඒකකය සමඟ එක්ව වෛද්‍ය සායනයක් සහ අක්ෂි සායනයක් 2023 ජුනි 10 වන දින සිංහපුර ගැමුණු මහා විහාරයේදී 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී සහ භට පිරිස් විසින් පවත්වන ලදී. අක්ෂි සායන සඳහා රෝගීන් 250 ක් පමණ සහභාගී වූ අතර හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා ආයතනය ප්‍රකාශ කළේ, ඇස් කණ්ණාඩි ලබා ගැනීමට සුදුසුකම් ඇති පුද්ගලයින් හට මාසයක් ඇතුළත ඇස් කණ්ණාඩි ලබා දෙන බවයි.

  • නැඟෙනහිර ආඥාපති නෙළුගල ප්‍රතිමා මාර්ගය ඉදිකිරීමට මුල්ගල තබයි

    13th July 2023 10:37:45 Hours

    නැඟෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තුවට දකුණින් ප්‍රදේශයක් පුරා පැතිරී ඇති නෙළුගල ඓතිහාසික ස්ථානයෙහි දැනට නටඹුන් පිළිම 16ක් පමණ ඉතිරිව ඇත. ඉපැරණි ශ්‍රී ලාංකේය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා නෙළුගල ඓතිහාසික ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ආරම්භ කරනු ලැබුවේ පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමියන් විසිනි. ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම සඳහා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2023 ජූලි 12 දින සුබ මොහොතින් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ නෙළුගල ප්‍රතිමා දක්වා නව මාර්ගය ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.

  • නැගෙනහිර ආඥාපති දීඝවාපිය විහාරස්ථානයේ පිරිත් සජ්ඣායනයට සහභාගි වෙයි

    12th July 2023 16:25:35 Hours

    අම්පාර ‘දීඝවාපිය’ චෛත්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීම සඳහා පිරිත් සජ්ඣායනා වැඩසටහනක් ඉරිදා 2023 ජුලි 09 දින සන්ද්‍යාභාගයේදී දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. පෞරාණික පුදබිමේ පැවති මෙම පුජා වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගී විය.

  • නැගෙනහිර ආඥාපති සිංහපුර ශ්‍රී ගැමුණු විහාරයට "සංඝාවාසයක්" පූජා කරයි

    07th July 2023 09:12:25 Hours

    233 වන පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් සිංහපුර ශ්‍රී ගැමුණු විහාරය සඳහා "සංඝාවාසයක්" ඉදිකර එය විහාරස්ථානයේ දික්ඇල්ලේ ඥානප්‍රදීපාලංකාර නායක ස්වාමීන් වහන්සේ වෙත භාර දෙන ලදී. චාම් උත්සවයකදී අභිනවයෙන් ඉදිකරන ලද "සංඝාවාසය" 2023 ජුලි 02 දින නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සුරතින් භාරදෙන ලදී.

  • ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති "පන්සල්ගල අභිනවාරාම ස්ථූපයේ කොත් වහන්සේ" නිරාවරණය කරයි

    05th July 2023 20:32:58 Hours

    නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2023 ජූලි 02 දින "මහා සංඝරත්නයේ" ආගමික වතාවත් මධ්‍යයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථාන ‍චෛත්‍ය"කොත් වහන්සේ" නිරාවරණය කරන ලදී. අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උප සංඝනායක, අම්පිටියේ සුමනරතන නාහිමි සහ දායක සභා සාමාජිකයින්ගේ ආරාධනයෙන් නැගෙනහිර ආඥාපතිතුමා "කොත් වහන්සේ" නිරාවරණය කිරීමේ පූජෝත්සවයට සහභාගී විය.

  • නැගෙනහිර ආඥාපති "සෝමාවතිය විහාරස්ථානය" වැදපුදාගනී

    25th June 2023 19:55:16 Hours

    නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි සෝමාවතිය විහාරස්ථානය වැදපුදා ගැනීම සදහා 2023 ජුනි 22 වන දින ගියේය.

  • නැගෙනහිර මූලස්ථානයේ භට පිරිස් සදහා ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රයක්

    24th June 2023 11:29:32 Hours

    ජලය පිරිසිදු කිරීම යනු ජලයෙන් අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය, ජීව විද්‍යාත්මක දූෂක, අත්හිටවූ ඝන ද්‍රව්‍ය සහ වායූන් ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. ඉලක්කය වන්නේ නිශ්චිත අරමුණු සඳහා සුදුසු ජලය නිෂ්පාදනය කිරීමයි. බොහෝ ජලය මිනිස් පරිභෝජනය සඳහා පිරිසිදු කර විෂබීජහරණය කරනු ලැබේ.

  • නව නැගෙනහිර ආඥාපතිවරයා භට පිරිස් හමුවේ

    22nd June 2023 10:28:23 Hours

    නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජුනි 20 සහ 21 යන දිනයන්හිදී 24 වන පාබල සේනාංකය සහ එහි යටතේ ඇති බලසේනා සහ ඒකක වෙත ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

  • නැගෙනහිර ආඥාපතිවරයා 22 වන පාබල සේනාංකය වෙත නිල සංචාරයක්

    19th June 2023 06:33:20 Hours

    22 වන පාබල සේනාංකයේ සහ එහි යටතේ ඇති බසේමු හා ඒකක වල කාර්යභාරය සහ රාජකාරි පිළිබඳව දැනුවත් වීමේ අදහසින්, අභිනව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජුනි 16 සහ 17 යන දිනයන්හිදී, 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ සිය ප්‍රථම දෙදින නිළ සංචාරය සිදු කරන ලදී.