?
27th June 2025 14:30:06 Hours
ගජබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 ජුනි 25 වන බ්‍රහස්පතින්දා ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) දී ආගමික ආශිර්වාද මධ්‍යයේ නව ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි භාර ගන්නා ලදී.
නවතමයෙන් වැඩ භාරගත් ආඥාපතිතුමන් හට ප්‍රධාන දොරටුව අභියසදී ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනමනමින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
හමුදා ගෞරවාචාරයෙන් පසුව, නව ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ආගමික වතාවත් මධ්‍යයේ සුබ මොහොතින් රාජකාරි භාරගත් අතර, එතුමන්ගේ නව කාර්යාලයේ වැඩභාරගැනීම සනිටුහන් කිරීම සඳහා නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටිමෙන් පසු පැළයක්ද රෝපණය කරන ලදී.
පසුව, ආඥාපතිතුමා විසින් භටපිරිස් අමතමින්, නැගෙනහිර කලාපයේ ආරක්ෂාව සහ ප්‍රගතිය සඳහා සිදුකළ කැපවීම වෙනුවෙන් හිටපු ආඥාපතිවරුන්, ඇතුළු සියලුම නිලධාරීන් සහ අනෙකුත් නිලයන් හට ස්තූති කළේය. සෙබලුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමෙන් සහ ඔවුන්ගේ අදාළ භූමිකාවන්හි විනය සහ වෘත්තීය කුසලතා ආරක්ෂා කිරීමෙන් භටපිරිස් සඳහා සුවපහසු පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කමද එතුමන් අවධාරණය කළේය.
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) යටතේ දිස්ත්‍රික්ක හතරක් පුරා විසිරී සිටින ජනතාවට ආරක්ෂාව සැපයීමේ උතුම් වගකීම එතුමන් තවදුරටත් අවධාරණය කළේය. ස්වාභාවික විපත් වලින් ජනතාව ආරක්ෂා කිරීමේ වැදගත්කම ද ආඥාපතිතුමන් අවධාරණය කළ අතර කලාපය සඳහා පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කිරීමට භටපිරිස් දිරිමත් කළේය. එතුමන් තම දැක්ම පෙන්වාදුන්හ.