?
19th January 2026 07:39:49 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (නැගෙනහිර) බල ප්‍රදේශයට අයත් වැල්ලවාඩීය - කල්කුඩා ප්‍රදේශයේ පිහිටා ඇති සිරි සීලාලංකාර ධර්මායතන පිරිවනට අවශ්‍ය සංවර්ධන කටයුතු සම්භන්ධව සොයා බැලිම සදහා මෙම ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලේකුබුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2026.01.17 වන දින එම පිරිවන් විහාරස්ථානයේ සංචාරය කිරිමක් සිදු කරන ලදි.
17th January 2026 18:15:57 Hours
මහඔය අධ්‍යාපන කාලප කාර්යාලයට අයත් අම්/මහ උණූවතුර බුබුල විදුහලේ ප්‍රථමික අංශයේ සිට අපොස සාපෙළ දක්වා එම විදුහලේ ඉගෙනුම ලබන පාසල් සිසුන් සදහා පාසල් පොත් සහ පාසල් උපකරණ බෙදා දිමේ වැඩසටහනක් 2026.01.17 වන දින අම්/මහ උණූවතුර බුබුල විදුහලේ පවත්වන ලදි.
16th January 2026 19:13:37 Hours
අක්කරෙයිපත්තු අධ්‍යපන කාලප කාර්යාලයට අයත් දිඝවාපිය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා විදුහලේ ඉගෙනුම ලබන පාසල් ලමුන් සදහා පාසල් පොත් සහ උපකරණ බෙදා දිමේ වැඩසටහනක් 2026.01.16 වන දින අක්කරෙයිපත්තු/දිඝවාපිය මහා විද්‍යාලයේ පවත්වන ලදි.
10th January 2026 13:51:20 Hours
මෙම ආරක්ෂක සේනා (නැගෙනහිර) බලප්‍රදේශයට ඉදිරියේදි සිදුවෙතැයි අපේක්ෂිත අයහපත් කාළගුණය හේතුවෙන් ඇතිවිය හැකි අපදාමය තත්වයට මුණුන දීම සඳහා ආරක්ෂක සේනා (නැගෙනහිර)
06th January 2026 14:50:37 Hours
2026 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ආරක්ෂ සේනා (නැගෙනහිර) මුලස්ථානයයේදි පසුගිය ජනවාරි මස 01 දින උදෑසන සම්ප්‍රදායානුකූලව උත්සවයන් පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට ආරක්ෂ සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සියලු උත්සව කටයුතු සිදුකරන ලදි.
05th January 2026 14:13:38 Hours
දිවයිනට බලපෑ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් ඇතිවු අයහපත් කාලගුණික තත්ත්වය මත සේරුවිල ප්‍රදේශයේ පිහිටි මාවිල්ආරු වැව් බැම්ම ගැලවී යාමෙන් පසු එම ප්‍රදේශයට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර, එමගින් අවතැන් වූ සිවිල් ජනතාව මුදවා ගැනීම සහ වැව් බැම්ම නැවත සකස් කිරීම සඳහා ත්‍රිවිධ හමුදා භඨ පිරිස් විශාල දායකත්වයක් ලබා දෙන ලදි.
31st December 2025 10:06:14 Hours
මෑත කාලීන ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස විනාශයට පත් වූ පුරාණ ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීම යුද්ධ හමුදාව, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ එක්ව ආරම්භ කර ඇත. මෙය ක්‍රි.ව. 67–111 වසභ රජුගේ පාලන සමයේදී ඉදිකරන ලද ඇලහැර අමුණ, ශ්‍රී ලංකාවේ පැරණිතම සහ වඩාත්ම වැදගත් ජලවිදුලි ඉංජිනේරු ජයග්‍රහණවලින් එකක් ලෙස සැලකිය හැක. සියවස් ගණනාවක් තිස්සේ, එය මහවැලි නදියේ අතු ගංගාවක් වන අඔන් ගගෙහි ජලය ඇලහැර යෝධ ඇල මාර්ගයෙන් - මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල හා කන්තලේ ජලාසයන් වලට යොමු කර ඇති අතර, එමඟින් ඇළහැර, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය ප්‍රදේශයන් හි කුඹුරු සහ ගොඩබිම් බෝග දහස් ගණනක් අස්වැද්දිමට සහාය වෙමින් ගොවි ප්රජාවන්ගේ ජීවනෝපායන් තිරසාරව පවත්වාගෙන යයි.
20th December 2025 10:16:04 Hours
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඉදිරි උත්සව සමය සඳහා ආරක්ෂක විධිවිධාන පිළිබඳ සාකච්ඡාවක් 2025 දෙසැම්බර් 19 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර, ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී, එන්ඩියු, පීඑස්සී, යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
19th December 2025 16:15:38 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මගපෙන්වීම මත 22 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්ඩීඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ උපදෙස් මත
19th December 2025 10:36:05 Hours
23 පාබල සේනාංකයේ පූනානි බලඇණි පුහුණු පාසලේදී 2025 ඔක්තෝබර් මස 27 වන දින සිට 2025 දෙසැම්බර් 18 වන දින දක්වා පුරා දින 53 ක කාලයක් 10X268 ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබු බළඇණි පුහුණු පාඨමලාව 16 වන ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ භඨපිරිස් සාර්ථකව නිම කරන ලදී.