?
05th February 2026 16:34:05 Hours
78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, රාත්‍රි සුහද ක්‍රිකට් තරගාවලියක් පූනානි ජාතියන්තර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන් සහ 23 වන පාබල සේනාංක මූලස්ථානයේ භට පිරිස් අතර එම විශ්ව විද්‍යාල ක්‍රිඩා පිටියේදී පවත්වන ලදී.
මෙම උත්සවය 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී පී පී කුලතිලක එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ 23 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී එස් කේ පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ලාගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.
මෙම තරගය සිවිල් ප්‍රඡාවේ සහ යුද්ධ හමුදාවේ එකමුතුකම හා ජාතීන් අතර සුහදත්වය වර්ධනය කර ගැනීම උදෙසා පවත්වන ලද අතර, එම අවස්ථාව සදහා ICST විශ්ව විද්යාහලයේ උප කුලපති තුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් හා යුද්ධ හමුදා භඨපිරිස්10 x 60 ක පමණ ප්රළමාණයක් සහභාගීත්වයෙන් පවත්වන ලදී.