?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th February 2026 10:44:30 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) අඥාපති තුමන් බලප්‍රදේශයේ 24 පාබල සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත පාබසේමු/ඒකක නිරික්ෂණ සංචාරයක් සිදු කරයි

ආරක්ෂක සේනා (නැගෙනහිර) අඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2026.02.06 වන දින 24 පාබල සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 241 පාබල බලසේනා මුලස්ථානය, 11 ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බලමුළුව, 11 ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව, 16 ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බලමුළුව සහ 18 විජයබාහු පාබල රෙජිමේන්තුව වල නිරික්ෂණ සංචාරයක් සිදු කරන ලදි.

කඳවුරු ආයතන නිරික්ෂණය කරමින් අඥාපති තුමාන් පරිපාලන මට්ටම්, මෙහෙයුම් සූදානම, පුහුණු ක්‍රියාකාරකම් සහ සෙබලුන්ගේ සුභසාධන පහසුකම් සමාලෝචනය කළ අතර, හඳුනාගත් අඩුපාඩු විසඳීමට අවශ්‍ය උපදෙස් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හට ලබා දෙන ලදි නිරික්ෂණ සංචාරය සදහා 24 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, 241 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ජ්‍යෙකොනොනි, සෙබළුන් සහභාගී වන ලදී.