?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th January 2026 13:21:49 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) අඥාපති තුමන් භකාස අණසක (නැගෙනහිර) හා ආසේමු (නැ) යටතේ ඇති කදවුරුවල නිරික්ෂණ චාරිකාවන් සිදු කිරිම.

ආරක්ෂක සේනා (නැගෙනහිර) අඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2026.01.23 වන දින භකාස අණසක (නැගෙනහිර) හා ආසේමු (නැ) යටතේ ඇති කදවුරුවල නිරික්ෂණ සංචාරයක් සිදු කරන ලදි.

මෙම සංචාරය තුළ භකාස අණසක (නැගෙනහිර), 231 පාබල බලසේනා මුලස්ථානය, යුධ හමුදා රෝහල (මින්නේරිය), පාබල පුහුණු මධ්‍යාස්ථානය (මින්නේරිය), විරුකැකුලු යුද්ධ හමුදා පෙර පාසල මින්නෙරිය ඇතුළු කදවුරු සහ ස්ථානයන් නිරික්ෂණයට ලක් කළාය.

කඳවුරු සහ ආයතන නිරික්ෂණය කරමින් අඥාපති තුමාන් පරිපාලන මට්ටම්, මෙහෙයුම් සූදානම, පුහුණු ක්‍රියාකාරකම් සහ සෙබලුන්ගේ සුභසාධන පහසුකම් සමාලෝචනය කළ අතර, හඳුනාගත් අඩුපාඩු සදහා කෙටි කාලීන විසඳීමට අවශ්‍ය උපදෙස් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හට ලබා දෙන ලදි.

නිරික්ෂණ සංචාරය සදහා භකාස අණසක (නැගෙනහිර) අඥාපති, 23 පාබල සේනාංකාධිපති, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, ජ්‍යෙකොනොනි සහ සෙබළුන් සහභාගී වූහ.