?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th June 2025 16:23:13 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති ධුරයෙන් නික්ම යයි.

2025 ජුනි 21 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නික්ම යන ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන, යුඑස්ඒඩබ්ලිව්සි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී හට සමුදීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) භටපිරිස් උත්සවයක් සංවිධානය කළහ.

සමුගැනීමේ උත්සවය වෙනුවෙන් සන්නාහ සන්නද්ධ බලකා භටපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදී සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදි. අනතුරුව කාර්්‍යාලයේදී යුද්ධ හමුදායානුකූලව භාරදීම් භාරගැනීම් ලිපිය අත්සන් කිරීමෙන් පසු, සමූහ ඡායාරූපයකටද පෙනිසිටි අතර ඉන්පසු භටපිරිස් ඇමතීමෙන් සහ සියලු නිල තේ පැන් සංග්‍රහයටද සහභාගී විය.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස කටයුතු කළ කාලය තුළ, ඔහු නැගෙනහිර කලාපය තුළ ආරක්ෂාව සහ සමාජ සුභසාධනය සහතික කිරීම සඳහා මෙහෙයුම් සහ මෙහෙයුම් නොවන ව්‍යාපෘථි රාශියක් ආරම්භ කළේය. ඔහුගේ සංකල්පීය මඟ පෙන්වීම යටතේ, ඔහුගේ අණ යටතේ සිටින භටපිරිස් ප්‍රජා-නැඹුරු සුභසාධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කළහ. මහත්මා ගති ලක්ෂණ වලින් පරිපූර්ණ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස, ඔහු තම අණ යටතේ සිටින සියලුම භටපිරිස් සඳහා සුවපහසු රාජකාරී පරිසරයක් නිර්මාණය කළේය. එතුමන්ගේ ධුර කාලය පුරාම ඔහු නිහතමානීව හා තම කණ්ඩායමේ අවශ්‍යතා කෙරෙහි අවධානයෙන් සිටියේය.

මෙම අවස්ථාව සදහා 22, 23 සහ 24 පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, ආඥාපති භටකාර්‍ය සමිපාදක (නැගෙනහිර), ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ භටපිරිස් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරියාට ගෞරව දැක්වීමට සහ සමුදීමට එක්රැස් වූහ.