?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

මුල් පුවත

  • නැගෙනහිර ආඥාපති මඩකලපුව අඟරදගුරු හමුවේ

    30th November 2023 10:49:01 Hours

    නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි, ‍ඡ්‍යෙෂ්ඨ නිලධාරි මඩකලපුව අගරදගුරු ජෝසප් පොන්නයියා පියතුමා අද දින (නොවැම්බර් 29 ) මඩකලපුව බිෂොප් මන්දිරයේදී හමුවීය.

  • ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මගින් තවත් ප්‍රජා ව්‍යාපෘතියක් - වැලිකන්ද ගැබිණි මව්වරුන්හට පෝෂණ මල්ලක් බෙදාදීම

    24th November 2023 14:10:34 Hours

    නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි ගැබිණි මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් 233 වන පාබල බලසේනාව විසින් සංවිධානය කල වැඩසටහනකදී ගැබිණි මව්වරුන් 80 දෙනෙකු සඳහා පෝෂණ වියළි සලාක මල්ලක් බෙදාදීම 2023 නොවැම්බර් මස 23 වන දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.

  • ආරක්ෂක සේනා නැගෙනහිර සිංහල සිසුන්හට දෙමළ භාෂාව ඉගැන්වීමේ වැඩමුළුවක් ආරම්භ කරයි

    22nd November 2023 08:28:20 Hours

    ජාතීන් අතර සංහිදායාව වර්ධනය කිරිම සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයුපි ගුණරත්න ආර්ඒස්පි එන්ඩියු පිඒස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකය මූලස්ථානයේ සහ 233 වන පාබල බලසේනා මූලස්ථානයේ මගපෙන්වීම යටතේ යටතේ 9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් නෙළුම් වැව මහ විද්‍යාලයේ හා සිංහපුර කණිෂ්ඨ විද්‍යාලයේ සිංහල සිසුන්හට දෙමළ භාෂාව ගැන්වීමේ වැඩමුළුවක් සංවිධානය කරන ලදි. එම වැඩමුළුවේ සමාරම්භක උත්සවය 2023 නොවැම්බර් 21 වන දින නෙළුම් වැව මහ විද්‍යාලයේ ශ්‍රවනාගාරයේදී නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ලදි.

  • නැගෙනහිර ආඥාපති විසින් සිංහල උගත් දෙමළ සහ මුස්ලිම් දරුවන් සඳහා ඩිප්ලෝමා සහතික පිරිනමයි

    20th November 2023 08:01:06 Hours

    2023 නොවැම්බර් 18 වන දින ඔඩ්ඩමාවඩි ජාතික පාසලේදී පැවැති දෙමළ භාෂාව කතා කිරීමේ හැකියාව ඇති තරුණ තරුණියන් සඳහා සිංහල භාෂා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑසසි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී විය.

  • 4 වන ගැමුණු හේවා බළඇණියේ බලඇණි පුහුණු පාඨමාලාවේ නිමාව

    08th November 2023 08:59:42 Hours

    4 ගැමුණු හේවා බළඇණියේ බලඇණි පුහුණු පාඨමාලාව නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයින් 286 දෙනෙකු සමඟ 2023 සැප්තැම්බර් 18 වන දින පූනානි බලඇණි පුහුණු පාසලේදී ආරම්භ විය. පාඨමාලාව 2023 නොවැම්බර් 06 දින ඉතා සාර්ථක සටහනක් සමඟින් අවසන් කරන ලදී.

  • 15 ශ්‍රීලපාහ ඒකක භට පිරිස් දෙමළ පවුලක් පැල්පත් නිවසේ සිට නව නිවසක් වෙත මාරු කරයි

    04th November 2023 10:34:06 Hours

    නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පීය මගපෙන්වීම යටතේ, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති , මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ, 15 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ජේ ශ්‍රීපති මහත්මියගේ ඉල්ලීම පරිදි තම ආබාධිත දියණිය සහ පවුලේ අය සමඟ තඹලගමුව ප්‍රදේශයේ පැල්පත් නිවාසයේ පදිංචිව සිටි වේලායුදම් ලිංගේෂ්වරම් ෂර්මා මහතා වෙත නව නිවසක් ඉදිකර දෙන ලදී.

  • ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) අණදෙන නිලධාරින් සහ දෙවන අණදෙන නිලධාරින්ගේ වැඩමුළුවේ දෙවන අධියර පවත්වයි

    04th November 2023 10:20:59 Hours

    හිටපු ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් පිඑස්සි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ප්‍ර‍දේශයට අයත් අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් සඳහා දින 02 ක වැඩමුළුවක් ජූලි මස සංවිධානය කරන ලදී.

  • අරලගංවිල ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ මල්ලක් බෙදාදීම

    04th November 2023 10:14:55 Hours

    අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් 231 වන පාබල බලසේනාව විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල ප්‍රදේශයේ පදිංචි ගැබිණි මව්වරුන් 75 දෙනෙකු සඳහා වියළි සලාක ඇසුරුම් බෙදාදීමේ වැඩසටහනක් 2022.11.02 වන දින අරලගංවිල “ප්‍රතිභා” ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සී අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි.

  • 20 වන සංවත්සරය වෙනුවෙන් නැගෙනහිර මූලස්ථානය ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී

    03rd November 2023 07:12:27 Hours

    20 වැනි සංවත්සරයට සමගාමීව පොළොන්නරුව ලේ බැංකුවේ සහයෝගය සමගින් ලේ දන්දීමේ වැඩසටහනක් අඟහරුවාදා (නොවැම්බර් 02) දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් සන්විධානය කරන ලදී. සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් 100 කට අධික පිරිසක් ලේ දන්දීමේ වැඩසටහන සදහා තම ලේ පරිත්‍යාග කල අතර මූලස්ථාන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිඡි ඡ්‍යෙෂඨ නිලධාරි විසින්ද 20 වන සංවත්සරය නිමිත්තෙන් ලේ පරිත්‍යාග කිරිම සිදු කළේය.

  • නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සිය 20 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අති උත්කර්ෂවත් අන්දමින් සමරයි

    02nd November 2023 09:05:45 Hours

    ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) 20 වන සංවත්සරය 2023 ඔක්තෝබර් 31 වන දින නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිඡි ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ලබා දෙන ලද මාර්ගෝපදේශ අනුව වැඩසටහන් මාලාවක් සිදුකරමින් අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී