Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th June 2024 20:47:52 Hours

2(සෙව්) ගජබා රෙජිමේබතුව විසින් අවශ්‍යතා ඇති පවුලක් සදහා නව නිවසක් ඉදිකර දෙයි.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ශිවන්ත් කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උදාර සංකල්පයකට අනුව 22 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මගපෙන්විම සහ සමිබන්ධිකරණය මත අංක 4/B, සේරම් පාර, ගල්කිස්ස ලිපිනයේ පදිංචි රොහාන් ගුණසේකර මහතාගේ මුල්‍ය ධන පරිත්‍යාගයෙන් හා 221වන පාබල බලසේනාධිපතිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ 2 (සෙව්) ගජබා රෙජිමේනතුවේ අණදෙන නිලධාරිගේ සහ නිලධාරින්ගේ මගපෙන්විම හා සෙසුනිළයින්ගේ ශ්‍රමදායකත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අංක 81/1, ගාමිණී දිසානායක මාවත, මහාමායාපුර, ත්‍රිකුණාමලය ලිපිනයේ පදිංචි යශෝදරා ලක්මාලී පෙරේරා මහත්මිය සහ පවුලේ සැමට නව නිවසක් ඉදිකිරිම සදහා 2024.01.28 වන දින මුල් ගල තබන ලදි.

ඒ අනුව මෙම නිවස මාස හතරක් වැනි කෙටි කාලයකින් ඉදිකර 2024.06.07 වන දින යශෝදරා ලක්මාලී පෙරේරා මහත්මිය හා එම පවුලේ අයවළුන් හට යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි, ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ශිවන්ත් කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අනිල් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා රොහාන් ගුණසේකර මහතා විසින් මෙම නිවස භාර දෙන ලදි.

ඒ අනුව උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ශිවන්ත් කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අනිල් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ රොහාන් ගුණසේකර මහතා සහභාගි වන ලදි.