Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

31st May 2024 16:21:57 Hours

7 වන සැහැල්ලු කාලතුවක්කු රෙජිමේන්තුවේ භයපිරිස්ගේ ශ්‍රමදායකත්වයෙන් අවශ්‍යතා ඇති පවුලක් වෙත නව නිවසක් ඉදිකර දෙයි.

යුද්ධ හමුදාධිපති තුමාගේ උදාරතර සංකල්පයකට අනුව ඒකක බලප්‍රදේශයෙහි අවශ්‍යතා ඇති පවුලක් වෙත යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් අංග සම්පූර්ණ නව නිවසක් ඉදිකර දීමට අරමුණු කරගන්නා ලදි.

7 වන සැහැල්ලු කාලතුවක්කු රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කදුරුවෙල වඩිච්චලය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තුමියගේ සහයෝගය මත මෙම අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දීමට තෝරා ගන්නා ලද පවුලෙහි පියා වන බීඑම් සමන්ත බස්නායක මහතා ආබාධිත තත්වයේ පසුවන අතර, ආර්පීජී මාලනී අමරසිංහ මව සහ පාසල් අධ්‍යාපනය හදාරනු ලබන විභූදී සහන්සා යන දියනියගෙන් සමන්විත වේ.

මෙම නිවාස ව්‍යාපෘතියට මුලපිරීම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස්ඒ කුලතුංග ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්පී කාරියවසම් යන ජේෂ්ඨ නිලධාරී මඩුල්ලේ මගපෙන්වීම හා 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒඒඩීපී කුලතිලක යූඑස්පී පීඑස්සී ජේෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදි.

මෙම නිවස ඉදිකිරීම සදහා 7 වන සැහැල්ලු කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තුමා ඇතුළු භඨපිරිස් හි පූර්ණ ශ්‍රමදායකත්වයෙන් සහ පරිත්‍යාග ශීලීන්ගේ මූල්‍යමය දායකත්වයෙන් මාස තුනකට අඩු කාලසීමාවක් තුල මෙම නිවාස ඉදිකර දීමට කටයුතු කරන ලදි.