Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th July 2024 11:58:09 Hours

මඩකලපුව දෙමළ මිශ්‍ර විද්‍යාලය පුනානි හා මඩකලපුව මල්ලලත් විද්‍යාලයේ අධ්‍යපනය හදාරනු ලබන සිසු දරු දැරියන් සදහා පාසල් උපකරණ බෙදා දිමේ වැඩ සටහනක්

ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති තුමාගේ සංකල්පයක් මත හා 23 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති තුමාගේ සහ 233 බළසේනාධිපති තුමාගේ මගපෙන්විම යටතේ සිවිල් ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරිම සංකල්පය පලගන්වමින් මෙම ඒකක බළප්‍රෙද්ශයේ පිහිටා ඇති පාසල් අතුරින් දුෂ්කර පාසල් දෙකක් වන මඩ/කකු/දෙමළ මිශ්‍ර විද්‍යාලය පුනානි හා මඩ/කකු/ මල්ලලත් විද්‍යාලයේ අධ්‍යපනය හදාරනු ලබන සිසු දරු දැරියන් සදහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩ සටහනක් 2024.07.19 වන දින 13x30 භඨ පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සව ශාලාවේ දි සිදුකරන ලදි.

තවද මෙම වැඩ සටහන සදහා මඩ/කකු/පුනානි දෙමළ මිශ්‍ර විද්‍යාලයේ ළමුන් 35 හා ගුරුවරුන් 06 හා මඩ/කකු/කකු/මල්ලලත් විද්‍යාලයේ ළමුන් 94 හා ගුරුවරුන් 06 දෙනෙකු සහභාගිත්වයෙන් සිදුකල අතර සහභාගි වු ළමුන් හා ගුරුවරුන් සදහා තේ පැන් සංග්‍රහයක් හා දිවා ආහාර වේලක් ලබා දෙන ලදි.