Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd February 2024 09:57:36 Hours

යුධ හමුදා කාන්තා බලකායට අයත් ලාන්ස් කෝප්‍රල් සුභාෂිනී සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් නව නිවසක් ඉදිකර දෙයි.

ආඥාපති ආරක්ෂක සේනා (නැගෙනහිර) මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී නයෝමි රණවීර මහත්මියගේ අධීක්ෂණය මත, 3(සෙව්) ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩි එම් එන් සුභාෂිනී විසින් වැලිකන්ද ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු එම නිවස නිල වශයෙන් භාර‍දෙන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සේවය කරන කාන්තා සෙබළියක් වන ලාන්ස් කෝප්‍රල් සුභාෂිණී තම රැකියා විරහිත සැමියා සහ දරු දෙදෙනා සමඟ නිවසක් නොමැති නිසා දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින අතර තුර. ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය සමනය කිරීම සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වූ ආඥාපති ආරක්ෂක සේනා (නැගෙනහිර) මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් දෙමළ සම්භවයක් ඇති දානපතියෙකු වන ගෙන්ගසුතාන් මයිල්වාගනම් මහතා සමග සම්බන්ධවී රු. මිලියන 1.2, මුදලක් ධනපරිත්‍යාගයක් වශයෙන් ලබාදී මෙම පවුලට නව නිවසක් ඉදිකිරීමට පහසුකම් සලසන ලදී.

2024 පෙබරවාරි 21 වන දින, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ගෞරවනීය අමුත්තන්ගේ සහ හමුදා සාමාජිකයින් මධ්‍යයේ, ලාන්ස් කෝප්‍රල් සුභාෂිණී සහ ඇයගේ පවුලේ අයට සංකේතාත්මකව යතුරු ප්‍රදානය කරමින්, මෙම උත්සවය අලංකාරවත් ලෙස පවත්වන ලදී. මීට අමතරව, එම නිවසෙහි පරිහරණය සදහා අවශ්‍ය ගෘහඋපකරණ සපයා දී ඇති අතර, එය ඔවුන්ගේ නව නිවසට බොහෝසේ ප්‍රයෝජනවත් වන ලදී.

තවද ලාන්ස් කෝප්‍රල් සුභාෂිනී, සිංහල ප්‍රජාවෙන් පැමිනි අතර ඇය විවාහ වී සිටින්නේ මුස්ලිම් ජාතිකයෙකු සමගයි. ශ්‍රී ලංකා යුද හමුදාව මෙම නිවාස ව්‍යාපෘතිය හරහා සංහිඳියාව වර්ධනය කිරීමට ප්‍රාෙයා්ගිකව සිදුකර ඇති බැව් තහවුරු කරන අතර, එකමුතුකම තුලින් වාර්ගික හෝ සංස්කෘතික භේදයක් නොමැති බව මැනවින් විදහා දක්වයි.

මෙම උත්සවය සදහා වැලිකන්ද (මහවැලි) නේවාසික ව්‍යාපෘති කළමනාකරු මහතා, ආසේමු(නැ) සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වන ලදී.