Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th December 2023 10:05:41 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති හා කාන්තා බලකා රෙජිමේන්තු සේවා වනිතා සභාපතිනිය එක්ව කාන්තා සෙබළියකට නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තබයි

යුධ හමුදා සෙබළියකට නව නිවසක් තනාදීමේ ගමන ආරම්භ කිරීම උදාර සහ ත්‍යාගශීලී කටයුත්තකි. සොල්දාදුවන් තම රට වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන අතර, දැනට සේවයේ නියුතු 3 ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකායට අයත් ලා/කෝ සුභාෂිනී ඩීඑම්එන් යන කොනොනිවරියගේ මෙම අවශ්‍යතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සභාපතිනි නයෝමි රණවීර මහත්මිය සහ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න විසින් අවබෝධ කර ගන්නා ලදී. 2023 දෙසැම්බර් 28 වන දින කෙටි උත්සවයකදී වැලිකන්ද ප්‍රදේශයේ නව නිවසක් ඉදිකිරීම ආරම්භ කිරීමට මුල්ගල තබන ලදී. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වැලිකන්ද නේවාසික ව්‍යාපෘති කළමනාකරු සුගත් සෙනෙවිරත්න මහතා විසින් පර්චස් 20 ක ඉඩමක් පරිත්‍යාග කරමින් ව්‍යාපෘතිය සඳහා දායක වූ අතර, මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිගේ ඉල්ලීම මත ගෙන්ගසුතන් මයිල්වාගනම් මහතා විසින් සපයන ලදී.

සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද මධ්‍යයේ සුබ මොහොතින් මුල්ගල තැබීමේ උත්සවය සිදුකරන ලදි. ඒ අනුව යෝජිත නව නිවස ඉදිකිරීම සඳහා ශ්‍රම ශක්තිය සහ තාක්ෂණික දැනුම නැගෙනහිර ආරක්ෂක සේනා යටතේ ඇති ආරක්ෂක සේනා වැලිකන්ද ඉංජිනේරු කාර්යාලය විසින් සපයනු ඇත.

මෙම අවස්ථාව සඳහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න, නැගෙනහිර ආරක්ෂක සේනාංකයේ සියලුම මාණ්ඩලික නිලධාරීන්, නිලධාරින්,නිලධාරිනියන් සහ සෙබළ සෙබළියන් රැසක් සහභාගී වූහ.