Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th March 2024 20:20:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ ගැබිණිමව්වරුන් 20 දෙනෙකු සදහා පෝෂණ මලු සහ පොල් පැළ බෙදාදීමේ උත්සවයක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත මඩකලපුව දිස්ත්‍රික්කයේ කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ ගර්භනී කාන්තාවන් 20 දෙනෙකු සඳහා වියළි සලාක මලු සහ පොල් පැළ බෙදාදීමේ උත්සවයක් 2024.03.13 වන දින කොක්කඩිචෝලෙයි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

ප්‍රධාන වැවිලි සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශිරාන් අබේසේකර, පරිසර සමාජ හා පාලන කළමනාකාරිනී ඩිලන්ති රණවීර මහත්මිය සහ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දිනේෂ් සිල්වා මහතා විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය සහ පූර්ණ අරමුදල් සපයන ලදී. දානපති සංවිධානයක් වන (Silvermill & Vitacoco) සිවම්මිල් සහ විටාකොකෝ පදනම විසින් රුපියල් මිලියන 1.2 ක් වැය කර රුපියල් 7,000 ක් වටිනා වියලි සලාක මලු ලබාදී ඇත. 243වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.සී.එස් කුමාරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ 11වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී මේජර් ටී.එම්.එන් පත්මසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ නායකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

මෙම උත්සවයේදී කොක්කඩිචෝයි ප්‍රදේශයේ ජනතාව වෙත පොල් පැළ 500ක්, දෙමුහුන් බීජ ඇසුරුම් 120ක් සහ පොහොර පැකට් 120ක් ප්‍රදානය කිරීමද සිදු විය. තවද, ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සඳහා කෘෂිකර්මයේ නව ප්‍රවණතා සහ ක්‍රමවේද පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශිරාන් අබේසේකර, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ආර්එසපි යුඑස්පි පිඑස්සි, 243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද කුමාරසිංහ, ආරක්ෂක සේනා මූලස්ථානයේ (නැගෙනහිර) මාණ්ඩලික නිලධාරීන් සහ 11වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මෙම අවස්ථාවට සහභාගී අතර කොක්කඩිචෝලේ ප්‍රාදේශීය ලේකම් එම්.එම්.සුදාර් මහතා, ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ ගරු එබනේසර් ජෝසප් රදගුරු හිමිපාණන් ඇතුළු ආරාධිතයෝ ද සහභාගි වූහ.