Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th March 2024 20:49:55 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් සෙවනපිටිය මදුරංගල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදෙන ලදී.

අනාගත පරපුර දැනුමෙන් හා අධ්‍යාපනයෙන් සවිබල ගැන්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් වැලිකන්ද ප්‍රදේශයේ අඩු වරප්‍රසාද ලත් පාසල් දරුවන් අතරට අත්‍යාවශ්‍ය පාසල් ද්‍රව්‍ය බෙදාදීමේ තවත් ප්‍රජා සත්කාරයක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම සහ සම්බන්ධීකරණය යටතේ, ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර), සිවිල් සම්බන්ධීකරණ නිලධාරී සහ 2 (සෙව්) ශ්‍රී ලංකා සංඥා බලකාය සමග අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ උත්සවයක් සංවිධානය කරන ලදී. තවද මධුරංග ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 47 දෙනෙකු හට පාසල් උපකරණ බෙදාදෙන ලදී. මෙම පරිත්‍යාගශීලී අභිනය සඳහා අනුග්‍රහය දක්වන ලද්දේ (Blissful Minds) බ්ලිස්පුල් මයින්ඩ්ස් සමාජ සංවිධානය විසිනි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පී එන්ඩියු පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගි විය. 2024 මාර්තු 06 දින සෙවනපිටිය මදුරංගල ප්‍රාථමික විද්‍යාලයේ පවත්වන ලදී. මෙම උත්සවය සඳහා Blissful Minds සමාජ සංවිධානයේ සාමාජිකයින්, ආසේමූ (නැ) සහ 2 (සෙව්) ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින්, සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් සහභාගී විය.

වැඩසටහන අතරතුරදී මදුරංගල ප්‍රාථමික විද්‍යාලයේ 1 සිට 5 ශ්‍රේණියේ සිසුන් හට සහ සියලුම දෙනාට ප්‍රණීත ආහාර ලබාදීමෙන් උත්සවය අවසන් විය.