Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th February 2024 15:05:20 Hours

7 වන කාලතුවක්කු රෙජිමේන්තුව විසින් කදුරුවෙල වඩිච්චාලය ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබයි.

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත 2024 පෙබරවාරි 25 වන දින කදුරුවෙල, වඩිච්චාලය ප්‍රදේශයේ ජීවත් වන අසරණ පවුලක් සදහා නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබීම ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

නව නිවස ඉදිකරදෙනු ලබන්නනේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පලුගස්දමන ප්‍රදේශයේ පදිංචි අඩු වරප්‍රසාද ලත් පවුලක් සදහාය. 7 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් මෙම වැඩසටහන සිදුකරන අතර, 7 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීගේ ආරාධනයෙන් 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් කුලතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරී මෙම උත්සවයට සහභාගී වූහ.

තවද 7 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වටිනා ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික සහාය ලබාදෙන අතර ප්‍රදේශයේ පරිත්‍යාගශීලී දානපතියන්ගේ මූල්‍ය ආධාරද සපයනු ලැබේ. මෙම චාම් උත්සවය සඳහා ඉදිකිරීමට නියමිත පවුලේ සාමාජිකයින්, ගම්වාසීන් සහ හමුදා සාමාජිකයින් සහභාගී විය.