07th November 2022 08:00:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.11.07 වන දින ආඥාපති තනතුරෙන් නික්ම යන ලදි.
06th November 2022 09:00:00 Hours
හිටපු යුද්ධ හමුදාධිපති විශ්‍රාමික ජෙනරාල් ජගත් ජයසූරිය ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, මංජුලිකා ජයසූරිය මැතිණිය සහ තවත් ධානපතීන් පිරිසකගේ පූර් ණ දායකත්වයෙන් යුතුව තිස්සමහරාම ප්‍රාදේශීය බලප්‍රදේශය තුල ආර් තික වශයෙන් ඉතා අසීරු කාලසීමාවක් මධ්‍යයේ කටයුතු කරන ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති පවුල් 65ක් සඳහා පෝෂණ මළු 2022.11.06 දින තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල උත්සව ශාලාවේදී බෙදාදීමට කටයුතු කරන ලදී.
06th November 2022 08:30:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) කඳවුරු පරිශ්‍රයේ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකල නව සුභසාධක වෙළඳසැලක් හා දුරකථන උපාංග හා අළුත්වැඩියා කිරීමේ වෙළඳසැලක් “CENTRAL SUPER MEAT AND VEGETEBLE MART”, “MERCURY COMPUTER AND MOBLE PHONE REPAIR MART’’ 2021.11.06 වන දින 1015 පැයට යෙදුණු සුභ මොහොතින් විවෘත කරන ලදි.
05th November 2022 09:00:00 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ සම්බන්ධීකරනයෙන් හා මඟ පෙන්වීම මත ආර්ථික වශයෙන් ඉතා අසීරු කාලසීමාවක් මධ්‍යයේ කටයුතු කරන ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති කහගල්ල තේවතු සමාගම අවට වෙසෙන පවුල් 75ක් සඳහා රුපියල් 7500.00 ක වටිනාකමකින් යුත් වියලි සලාක මළු කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික ක්රිෂ්ගෝපි මහතාගේ පූර් ණ අනුග්‍රාහකත්වය මත 2022.11.05 දින බෙදාදීමට කටයුතු කරන ලදී.
05th November 2022 05:00:00 Hours
ශ්‍රිලංකා ද්වීපයේ උතුම් සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අදාරතර සංකල්පයකට අනුව කඳවුරු පරිශ්‍රයේ ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රථිමාව හා බුද්ධ මන්දිරය 2022.11.05 වන දිනට යෙදුණු සුභ මොහොතින් විවෘත කරන ලදි.
14th October 2022 09:00:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් යුතුව “යුධ සාහිත්‍ය’’ පිළිබඳව දේශණයක් මහනුවර විශාඛා බාලිකා විද්‍යාලයේ දේශණ ශාලාවේදී 2022.10.14 වන දින 0900 පැයේ සිට 1230 පැය දක්වා පවත්වන ලදි.
10th October 2022 08:30:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදී 73 වන යුද්ධ හමුදා දිනය ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි.
08th October 2022 09:00:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 පාබල සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා 2022.10.08 වන දින උත්සව මාලාවක් පවත්වන ලදි.
06th October 2022 09:00:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි ඉටුකරන ලද මේජර් ජෙනරාල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය ධුර කාලය නිමාවෙන් පසුව නික්මයාම සනිටුහන් කිරීම සඳහා 2022.10.06 වන දින 12 පාබල සේනාංක මූලස්ථානයේදී උත්සව මාලාවක් පවත්වන ලදි.
30th September 2022 09:00:40 Hours
හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදී 2022.11.01 දිනට යෙදෙන ලෝක ලමා දිනයට සමගාමීව යුද්ධ ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) ආඥාපති තුමන්ගේ අධීක්ෂණය යටතේ 2022.09.30 වන දින වැඩ සටහන් මලාවක් පවත්වන ලදි.