05th February 2023 09:00:00 Hours
12 වන පාබල සේනාංක මූලස්ථානයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි සුරිය වැව හ/හත්පෝරුව කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් 320 දෙනෙකු සඳහා පාසැල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් 2023.02.05 වන දින ඵම විද්‍යාලයේදි සිදුකල අතර, මේ සඳහා කඩවත, හර් ෂ ට්‍රේලර් ස් ආයතනයෙහි කාර් ය මණ්ඩලය පුර් ණ දායකත්වය ලබාදෙන ලදි.
04th February 2023 08:30:00 Hours
75 වන නිදහස් දිනයට සමඟාමීව 1 ශ්‍රිලංකා රයිෆල් බලකාය වෙතින් රුක් රෝපණ වැඩසටහනක් 2023.02.04 වන දින 1 ශ්‍රිලංකා රයිෆල් බලකා මූලස්ථානයේදී පවත්වන ලදි.
04th February 2023 08:15:42 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් 75 වන නිදහස් දිනය අභිමානවත් අයුරින් සමරන ලදි.
30th January 2023 09:25:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව ප්‍රමානි 11 (පුහුණු) තනතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායට අයත්, නි/67333 මේජර් බීඒඑස්පී බටේපොල පීඑස්සී විබ යන නිලධාරී තුමන් 2023 ජනවාරි මස 30 වන දින පෙ:ව 0925 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
30th January 2023 09:00:00 Hours
111 වන පාබල බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටීඑම්ආර්බී රත්නායක ආර්ඩබ්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ උදාර සංකල්පයකට අනුව 2023.01.30 දිනට යෙදි තිබුන 12 වන සංවත්සරයට සමගාමිව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි.
27th January 2023 11:09:42 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හා ඒකකයන් හි රාජකාරි ඉටු කරනු ලබන සියළුම නිලධාරින් හා සෙසුනිලයින් ගේ ධානාත්මක චින්තනය වැඩි දියුණුකර ගනිමින් ඉතා හොද මානසික නිදහසකින් රාජකාරි ස්ථානයෙත්, තම පවුලේ සමාජිකයින් වෙනුවෙන් ඉටු කල යුතු වගකිම් හා කාර්යභාරයන් පිලිබඳ හා තම ජිවිතය යහමගට ගනිමින් ඉතාමත් හොද පුරවැසියෙක් වශයෙන් ජිවිතය සාර්ථක කර ගැනීම උදෙසා හරවත් දේශණයක් මනෝවිද්‍යා උපදේශිකා අමා දිසානායක මැතිණියගේ සහභාගිත්වයෙන් 2023.01.26 වන දින ස්වේච්ඡා බළසේනා පුහුණු පාසල දියතලාවෙ හි දේශණ ශාලාවේදි පවත් වන ලදී.
18th January 2023 10:30:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) රාජකාරි කරනු ලබන සෙසු නිළයින් සඳහා බදාදා පුහුණූවීම් දිනයට සමගාමීව “සම්බන්ධ වීමේ නිතීය” සබැදිව දේශණයක් 2023.01.18 වන දින 1030 පැයේ සිට 1230 පැය දක්වා මෙම මූල දේශණ ශාලාවේදී පවත්වන ලදි.
10th January 2023 08:49:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව සිවිල් සම්බන්ධිකරණ තනතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවට අයත්, නි/4104 ලුතිතන් කර් නල් ජේඩීයූටී කුමාර RSP යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2023 ජනවාරි මස 10 වන දින පෙ:ව 10.00 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
09th January 2023 08:00:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශය තුල 2023.01.09 වන දින පැවති රෝහල් කණිෂ්ඨ කාර් ය මණ්ඩලයේ වැඩ වර් ජනය හේතුවෙන් අදාල රාජකාරින් ආවරණය කිරිම සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල සහ නුවරඑළිය මහ රෝහල වෙත යුද්ධ හමුදා භටපිරිස් රෝහල් රාජකාරින් සඳහා යොදවන ලදි.
05th January 2023 09:00:00 Hours
පාසල් ළමුන්ගේ අනාගත අභිවෘධිය උදෙසා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව ආර්ථික වශයෙන් ඉතා අසීරු කාලසීමාවක් මධ්‍යයේ කටයුතු කරන ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති දෙමාපියන් පිරිසකගේ දුවා දරුවන් පිරිසකට පාසල් උපකරණ කට්ටල බෙදාදීමේ වැඩ සටහනක් 2023.01.05 වන දින සිදු කරන ලදි.