11th December 2025 13:42:03 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ලෙස ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ නි/63030 බ්‍රිගේඩියර් එස්එන්එම්ඒබි අරඹේපොල ආර්ඩබ්ලිව්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 දෙසැම්බර් මස 11 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි චාරිත්‍රානුකූලව භාරගන්නා ලදි.
05th December 2025 18:28:08 Hours
විශේෂ බලකා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් එම්පීකේඑල් අමරසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 දෙසැම්බර් 04 වන දින හම්බන්තොට පිහිටි 12 වන පාබල සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ 12 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි ආරම්භ කරන ලදී.
05th December 2025 10:58:03 Hours
11 වන පාබල සේනාංකයේ හි සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකළ මේජර් ජෙනරාල් ටීසීඑම්ජිඑස්ටි කුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරී 2025.12.05 වන දින 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් නික්ම යන ලදී
03rd December 2025 10:00:31 Hours
පසුගිය දින කිහිපය තුල පැවති අයහපත් කාලගුණික තත්වය මගහැරීමෙන් පසු ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට අයත් 11 පාබල සේනාංකය යටතේ ඇති 641 පාබල බලසේනා මුලස්ථානට අයත් භඨ පිරිස් විසින් මාතලේ රත්තොට ප්‍රදේශයේ විසන්ධි වී තිබූ විදුලි බලය යථාතත්වයට පත්කරමින් පවතින අතර, ඒ සදහා 2025.12.03 වන දින 1 ශ්රීලරංබ ඒකකයේ 01x10 ක භඨ පිරිසක් සහභාගි විය. එදිනම මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට සිට රිවස්ටන් දක්වා ගමන් කරන මාර්ගයේ නිපලෝය ගඟ හරහා පිහිටා ඇති පානීය ජලනල පද්ධතිය නැවත පිළිසකර කිරීමේ කටයුතු සදහා 4 ශ්‍රිලපාහ ඒකකයට අයත් 01x16 ක භඨ පිරිසක්ද, එම දිස්ත්‍රික්කයේම පල්ලේපොල ප්‍රදේශයේ ගමනාගමනය සහ ජලය සැපයීම යථාතත්වයට පත්කිරීම සදහා 5 ශ්‍රීලපාහ ඒකකයට අයත් 01x08 ක භඨ පිරිසක් සහභාගි විය. එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ කරගස්තැන්න සම්ප්‍රේක්ෂණ කුළුණු වෙත ඉන්ධන සැපයීම සදහා සහය දැක්වීමට 1 ශ්රීලරංබ ඒකකයේ 01x08 ක භඨ පිරිසක් සහභාගිවී එම ස්ථානයන් වෙත අවශ්‍ය ඉන්ධන සැපයුම සිදුකරන ලදි.
02nd December 2025 11:37:46 Hours
පසුගිය දින කීපය පුරා දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය මගහැරීමෙන් පසු ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට අයත් 11 පාබල සේනාංකය යටතේ ඇති 111 පාබල බලසේනා මුලස්ථාන බළප්‍රදේශයේ මාතලේ පලාපත්වෙල, ඇල්ලෙපොල ප්‍රදේශයේ පස්කදු නායයෑම් හේතුවෙන් අතුරුදහන්වූ පුද්ගලයින් 05 දෙනෙකු අතුරින් එක් මෘත ශරීරයක් පමණ හමුවූ අතර, ඉතිරි මළසිරුරු සොයා ගැනීම සදහා එම ඒකකය වෙතින් 01x15 ක භඨ පිරිස් ප්‍රමාණයක් 2025.12.02 වන දින එම ස්ථානය වෙත රපොර්තු කරන ලදි
02nd December 2025 10:32:50 Hours
පසුගිය දින කීපය පුරා දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් 12 පාබල සේනාංකය යටතේ ඇති 122 පාබල බලසේනා මුලස්ථාන බළ ප්‍රදේශයේ කතරගම ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් අපිරිසිදුවී තිබු කතරගම පූජා භූමීය 2025.12.02 වන දින 3 ශ්‍රීලංජාආබමු ඒකකයේ 02x50 ක භඨ පිරිසකගේ සහභාගිත්වයෙන් සුද්‍ර පවිත්‍ර කටයුතු සිදුකර යතා තත්වයට පත්කර ඇති අතර, එම බළ ප්‍රදේශයේම අපිරිසිදුවි තිබූ ලිං පිරිසිදු කර යතා තත්වයට පත් කිරීමට 3 ශ්‍රීලංජාආබමු ඒකකයේ 01x15 ක භඨ පිරිසක් යොදවා එම පිරිසිදු කටයුතු අවසන් කරන ලදි. තවද 122 පාබල බසේමු බළ ප්‍රදේශයේ හම්බන්තොට ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාස බළ ප්‍රදේශයේ ජන ජිවිත වලට තර්ජනයක් වී තිබු ගස් කපා ඉවත් කිරිම සදහා එම බළසේනා මූලස්ථානයේ 08 දෙනෙකුගෙන් යුත් භඨ පිරිස් ප්‍රමාණයක් සහභාගිවී එම කටයුතු අවසන් කරන ලදී.
02nd December 2025 08:20:41 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයේ දියතලාව, හපුතලේ, හාලිඇල ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශවල ජීවත්ව පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවගේ ආරක්ෂාව සදහා සුරක්ෂා මධ්‍යස්ථාන කීහිපයක් පිහිටුවා ඇත. එම සුරක්ෂා මධ්‍යස්ථාන අතුරින් උඩදොම්පෙ විදුහල - හාලිඇල, උඩුවර පහළ දෙමළ විද්‍යාලය - දෙමෝදර සහ හපුතලේ ගල්කන්ද මතුවාන කෝවිල, ග්ලේනෝර් ප්‍රජාශාලාව, පිටරත්මලේ ප්‍රජා ශාලාව යන ස්ථාන වල සිටින දරුවන් හා වැඩිහිටියන් සදහා ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් Pizza Hut Sri Lanka ආයතනය විසින් ලබාදුන් කෙටි ආහාර (pizza) බෙදාදීම 2025.11.28 සහ 2025.12.01 යන දෙදින තුලදී සිදුකෙරුණ අතර, ඒ සදහා ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් බෙදාදීම සිදුකරන ලදි.
02nd December 2025 08:05:29 Hours
පසුගිය දින කීපය පුරා දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් 11 පාබල සේනාංකය යටතේ ඇති 111 පාබල බලසේනා මුලස්ථාන බළප්‍රදේශයේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට සහ දංගොල්ල යන ප්‍රදේශ වලට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් අපද්‍රව්‍ය වලින් අවහිර වී තිබු ජලපවිත්‍රාගාරය සුද්ධ පවිත්‍ර කිරීමේ කඩිනම් මෙහෙයුම් 2025.11.29 සහ 2025.11.30 යන දෙදින තුලදී සිදුකල අතර, ඒ සදහා 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 01 x 25 කින් යුත් භඨ පිරිසකගේ සහභාගි වී සිදුකල අතර, එම බළ ප්‍රදේශයටම අයත් මහනුවර බදුල්ල මාර්ගයේ අධිකාරිගම සිට කිලෝමීටර් 2ක් දක්වා දුරට අවහිරවී තිබූ මාර්ගය 5 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයේ 01 x 12 කින් යුත් භඨ පිරිසක් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව 2025.12.01 දින මාර්ගය යථාතත්වයට පත් කිරිමට කටයුතු කරන ලදී.
01st December 2025 00:20:34 Hours
දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2025.11.29 වන දින රාත්‍රීයේ වැලිමඩ රේන්දපොල ප්‍රදේශයේ නිවාස රැසක් නායයෑමට ලක්වූ අතර, එම නිවාස වල අවතැන් වු පුද්ගලයන් මුදවා ගැනීමට සහ මියගිය අයවලුන්ගේ මළ සිරුරු සොයා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් මෙම බළ ප්‍රදේශයේ ස්ථානගත 1 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ සහ 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 02 X 47 ක භටපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපොර්තු කරවා එහි මුදවා ගැනීමේ කටයුතු 2025.11.30 දින 1430 පැය දක්වා සිදුකරන ලදී. එහිදී පස් ඉවත් කිරීම් කටයුතු පැය 15කට ආසන්න කාලයක් සිදුකර එහි පස් කන්ඳට යටවී සිටි පුද්ගල මළ සිරුරු 07 ක් සොයාගත් අතර, එහි සිරවී සිටි පුද්ගලයින් 13 දෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් පසු ඔවුන් එම ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමෙන් අනතුරුව එම භටපිරිස් නැවත කඳවුරු වෙත රපොර්තු කරන ලදී.
01st December 2025 00:04:22 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් නුවරඑළිය දිස්ත්‍රීක්කයේ ආපදා තත්වය පරික්ෂා කිරිම හා ඒ වෙනුවෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලිම සදහා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.11.29 වන දින නුවරඑලිය ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.