12th June 2025 13:17:53 Hours
122 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බිඩිටිඩි ජයරන්න පීඑස්සි ගේ මඟපෙන්වීම මත පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව 2025 ජුනි මස 09 දින එම බලසේනාව වෙතින් වීරවිල ඔරිජිනල් ඇපරල් ඇඟළුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදි. මේ අවස්ථාව සදහා ඔරිජිනල් ඇපරල් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානි අර්ජුන ගුණවර්ධන මහතාද එක්විය.
04th June 2025 09:00:04 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එස්එන් හේමරත්න RWP RSP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 ජුනි 04 වන දින 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධුරයෙන් නික්ම යන ලදී
02nd June 2025 10:13:24 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරී සිදුකල මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් එන් හේමරත්න RWP RSP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී එම රාජකාරී නිමාවෙන් පසු නික්මයෑම සනිටුහන් කරමින් 2025.06.02 වන දින 122 පාබල බලසේනා මූලස්ථානයේ සංචාරය කරන ලදී. එම සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් 122 පාබල බලසේනා මූලස්ථානය යටතේ පාලනය වන 12 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සම්මාන මුරයක් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ප්රදානය කල අතර, සංචාරය සංකේතවත් කරමින් සදුන් පැලයක් කදවුරු භූමියේ රෝපණය කරන ලදී.
02nd June 2025 09:10:40 Hours
භකාස අණසක (මධ්‍යම) නව ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ආර්ඩි සලේ එන්ඩීසී (නි/62229) යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025.06.02 වන දින යුද්ධ හමුදා සාම්ප්‍රදානුකූලව සිය ධූරයේ රාජකාරී අරම්භ කරන ලදී. එහිදී නව ආඥාපති තුමන් හට 7ශ්‍රීලයුපොහේබ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් පසු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛණයන්ට අත්සන් තබන ලදී. අනතුරුව කඳවුරු භූමියේ පැළයක් රෝපණය කිරීමට කටයුතු කල එතුමන් සමූහ ඡායාරූපයට පෙනි සිටීමෙන් පසු සියළු නිලයින් ආමන්ත්‍රණය කරන ලදි.
23rd May 2025 17:27:57 Hours
මහනුවර කුන්ඩසාලේ SWRD බණ්ඩාරනායක ජාතික පාසලෙහි 2025 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවිමේ උත්සවය 2025.05.23 වන දින 1300 පැයට එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදි පැවැත්වූ අතර, එහිදි ශිෂ්‍ය නායක/නායිකාවන් 45 දෙනෙකු හට නිල ලාංජන පැලදවීමට කටයුතු කල අතර, එම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවිය.
20th May 2025 16:51:21 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට අයත් 11 සේනාංකය යටතේ පවතින පාබල බසේමු සහ ඒකකයන් විසින්, 2569 වෙනි සම්බුදු තෙමගුල සිහිකිරීම වෙනුවෙන්, මෙම බලප්‍රදේශ ආවරණය වන පරිදි බුද්ධාලම්භන ප්‍රිතිය ඔප්නංවාලමින් වෙසක් පුර පසලොස්වක පොහොය දිනය සමරන ලදි.
19th May 2025 11:58:18 Hours
12 වන පාබල සේනාංකයේ භට පිරිස් 2025 මැයි 19 වන දින සේනාංක මූලස්ථානයේදී 16 වන ජාතික රණවිරු දිනය සැමරූ අතර, සැමරුම ආරම්භ වූයේ යුද්ධ හමුදාධිපතිතුමාගේ පණිවිඩය කියවිමෙනි. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන් සැමරීම සදහා විනාඩි දෙකක නිශ්ෂබ්ද තාවයක් පවත්වා මෙම විශේෂ දිනය සනිටුවහන් කිරිමට සේනාංකාධිපති තුමන්ගේ මූලිකත්වයෙන් සියලු නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පැල රෝපණය කිරිමේ වැඩසටහනක් සිදුකරන ලදි.
17th May 2025 15:33:07 Hours
122 වන පාබල බලසේනා මූලස්ථාන බළප්‍රදේශයේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හ/කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයෙහි සිසුන්ගේ ප්‍රයෝජනය සදහා 122 වන පාබල බලසේනා මූලස්ථාන යටතේ පාලනය වන 12 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ වැඩබලන අණදෙන නිලධාරීගේ සහභාගිත්වයෙන් යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලබන සිවිල් සුභසාධන වැඩසටහනක් වශයෙන් 2025 මැයි 10 වන දින තූර්්‍යය වාදක භාණ්ඩ බෙදාදීමේ වැඩසටහනක් එම විද්‍යාලයේදී සිදුකරන ලදි.
16th May 2025 12:04:47 Hours
12 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 122 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති කර්නල් බිඩීටීඩී ජයරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ මඟපෙන්විම මත 2025.05.12 වන දින සිට 2025.05.16 වන දින දක්වා බළසේනාවට අයත් සියළුම ඒකක සහ බළසේනා සාමාජිකයින්ගේ කලාත්මක හැකියාවන් ඉහල නැංවිම අරමුණු කරගෙන Double Tree by Hilton – Weerawila Rajawarna හෝටල් පරිශ්‍රෙය්දි පහන් කූඩු තරඟාවලියක් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් එන් හේමරත්න RWP RSP psc ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී විය.
16th May 2025 09:30:46 Hours
බණ්ඩාරවෙල - පූනාගල දෙමල මහා විද්‍යාලයේ - 2025 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති හට සහාභාගි වන ලෙස සිදුකරන ලද ආරාධනයකට අනුව ආරක්ෂකසේනා (මධ්‍යම) ආඥාපති නියෝජනය කරමින් බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ (ස්වේච්ඡා) ජ්‍යෙෂ්ඨ නිලධාරි වන බ්‍රිගේඩියර් එම් මහවිතාන කේඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ලදි.