23rd January 2025 07:00:36 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩිකේඑස්කේ දොලගේ යුඑස්පී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ දියතලාවවිරුකැකුළු පෙර පාසලේ ආදරණිය දුවා දරුවන්ගේ හැකියාවන් දක්ෂතාවයන් විදහා දැක්වීම සඳහා වාර්ෂිකව පවත්වන ලබන වැඩසටහන 2025 ජනවාරි මස 21 වන දින ඉතාමත් විචිත්‍රවත් අයුරින් පවත්වන ලදි.
16th January 2025 19:01:41 Hours
විජයභාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් සුමල් හේමරත්න ආර්ඩබ්ල්ව්පි ආර්එස්පී පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 12 වන පාබල සේනාංකයේ 18 වන නව සේනාකාධිපති වශයෙන් 2025 ජනවාරි මස 15 වන දින පාබල සේනාංක මුලස්ථානය හම්බන්තොට හිදි ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් හමුදා විධිවිධාන අනුව නව ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
16th January 2025 14:58:30 Hours
12 වන පාබල සේනාංකයට අනුයුක්ත යුද්ධ හමුදා බුද්ධි අංශයේ භට පිරිස් සහ තංගල්ල පොලිස් නිලධාරීන් එක්ව 2025 ජනවාරි මස16 වන දින ලැබුණු තොරතුක් මත තංගල්ල ප්‍රදේශයේදි නීතිවිරෝධී සිගරට් 1200 ක් (මැන්චෙස්ටර්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සහය ලබාදි ඇති අතර, සැකකාර පුද්ගලයා සහ එම සිගරට් පිළිබඳව ඉදිරි කටයුතු තංගල්ල පොලිස් ස්ථානය වෙතින් සිදුකරනු ලබයි.
09th January 2025 15:01:29 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර, සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් යුතුව 12 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 12 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති හම්බන්තොට කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසු දරුවන් වෙනුවෙන් පාසල් පොත් හා පාසල් පාවහන් බෙදාදීමේ උත්සවයක් 2025 ජනවාරි මස 04 වන දින සිදු කරන ලදි.
04th January 2025 09:38:34 Hours
හැටන්, කොටගල ස්ථාපිත 642 පාබල බළසේනා මුලස්ථානය් 12 වන බළසේනාධීපති වශයෙන් බ්‍රිගේඩියර් කේ එච් එම් යු බී කොලොන්ගහපිටිය යුඑස්පී (නි/63080) යන ජේෂ්ඨ නිලධාරී 2025 ජනවාරී මස 01 දින ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් නව ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
03rd January 2025 11:44:21 Hours
11 වන පාබල සේනාංක මුලස්ථානය උදා වු 2025 නව වසර සඳහා වැඩ ආරම්භ කිරිමේ පෙරට්ටුව 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2025.01.01 වන දින සිදුකරණ ලදි.
02nd January 2025 16:09:56 Hours
11 වන පාබල සේනාංකයේ කර්නල් (පාලන/භකාස) නිලධාරි වශයෙන් කර්නල් එස් බි ආර් ඒ ඩබ්ලිව් එම් ආර් ටී ඩබ්ලිව් එස් බී තෝරදෙණිය යුඑස්පී එල්එස්සී (නි/64253) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.12.30 වන දින ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
01st January 2025 11:17:52 Hours
2025 නව වසර උදාවත් සමග ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි නව වර්ෂයේ වැඩ ආරම්භ කිරිමේ පෙරට්ටුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ USP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි මෙම මූල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එච් ඒ අයි පෙරේරා RWP RSP USP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2025.01.01 දින 0815 පැයට සිදුකරන ලදි.
31st December 2024 08:40:18 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි වශයෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායට අයත්, කර්නල් ආර් ආර් පී පෙරේරා (නි/63190) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 දෙසැම්බර් මස 28 වන දින පෙ:ව 0845 පැයට යෙදුණු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.
30th December 2024 20:50:52 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මඟපෙන්වීම මත මෙම මූලස්ථාන භඨ පිරිස් හි මානසික ඒකාග්‍රතාවය හා චිත්ත ධෛර්ය ඉහල නැංවීම අරමුණු කර ගනිමින් සුහඳ හමුව හා දිවා භෝජන සංග්‍රහයක් සියළු භට පිරිස් සහභාගිත්වයෙන් 2024.12.30 වන දින මේජර් ජෙනරාල් මුතුකුමරු අනුස් මරන ක්‍රීඩා පිටියේ දී පවත්වන ලදි.