02nd January 2025 16:09:56 Hours
11 වන පාබල සේනාංකයේ කර්නල් (පාලන/භකාස) නිලධාරි වශයෙන් කර්නල් එස් බි ආර් ඒ ඩබ්ලිව් එම් ආර් ටී ඩබ්ලිව් එස් බී තෝරදෙණිය යුඑස්පී එල්එස්සී (නි/64253) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.12.30 වන දින ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
01st January 2025 11:17:52 Hours
2025 නව වසර උදාවත් සමග ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි නව වර්ෂයේ වැඩ ආරම්භ කිරිමේ පෙරට්ටුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ USP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි මෙම මූල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එච් ඒ අයි පෙරේරා RWP RSP USP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2025.01.01 දින 0815 පැයට සිදුකරන ලදි.
31st December 2024 08:40:18 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි වශයෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායට අයත්, කර්නල් ආර් ආර් පී පෙරේරා (නි/63190) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 දෙසැම්බර් මස 28 වන දින පෙ:ව 0845 පැයට යෙදුණු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.
30th December 2024 20:50:52 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මඟපෙන්වීම මත මෙම මූලස්ථාන භඨ පිරිස් හි මානසික ඒකාග්‍රතාවය හා චිත්ත ධෛර්ය ඉහල නැංවීම අරමුණු කර ගනිමින් සුහඳ හමුව හා දිවා භෝජන සංග්‍රහයක් සියළු භට පිරිස් සහභාගිත්වයෙන් 2024.12.30 වන දින මේජර් ජෙනරාල් මුතුකුමරු අනුස් මරන ක්‍රීඩා පිටියේ දී පවත්වන ලදි.
27th December 2024 21:14:58 Hours
11 පාබල සේනාංක බළප්රෙදේශයට අයත් මහනුවර දිස්ත්‍රීක්කයේ කටුගස්තොට නුගවෙල ප්‍රදේශය තුල පිහිටා ඇති මප/කටු කුළුගම්මන ප්‍රේමරත්න මහ විද්‍යාලයේ පෙරදිග තුර්යවාදක කණ්ඩායමෙහි සිසුන් භාවිතා කරනු ලබන සංගීත භාණ්ඩ පාවිච්චියට නුසුදුසු තත්වයේ පවතින බැවින්, එම විදුහලේ විදුහල්පතිතුමිය වන එච්එම්එන්එස් හේරත් මහත්මිය විසින් යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත්කර ඇත.
24th December 2024 12:30:30 Hours
11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 11 වන පාබල සේනාංකයට අයත් ඒකකයන්හි නිලධාරින් හා සෙසුනිළයින්ගේ වත්මන් රාජකාරි කරනු ලබන ප්‍රදේශය පිළිබද හා ඉදිරිපත් කිරීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් ඒකක බළප්‍රදේශයේ පිහිටිම, භූ ලක්ෂණ, ඉතිහාසය සහ ථෙතිහාසික ස්ථානයන් පිළිබඳව මනා දැනුමකින් රාජකාරියේ යෙදවීම යන කරුණු මුලික කර ගනීමින් 2024.12.11 වන දින සිට 2024.12.18 වන දින දක්වා කාලසීමාව තුල සේනාංකාධිපති විසින් බළප්‍රදේශය ආවරණය වන පිරිදි 5(සෙව්)ශ්‍රීලපාහ, 2(සෙව්)ශ්‍රීලංසිරෙ, 1 ශ්‍රීලංරබ සහ 2 ශ්‍රීලංරබ යන ඒකකයන්හි දේශන පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් ඇතුළු සෙසුනිලයින් සහභාගිවිය.
19th December 2024 16:43:49 Hours
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හානීයටපත් වු ඌව කුඩාඔය ප්‍රදේශයේ මහර වැවේ වැව් බැම්බ ලී කණු සිටුවා වැලිඋර ගසා පිලිසකර කිරිමේ වැඩසටහනක් 121 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ මඟ පෙන්වීම හා 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුවේ අණදෙන නිළධාරිගේ අධික්ෂණය මත ක්රීයාත්මක කරන ලදි.
11th December 2024 17:37:44 Hours
11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 11 වන පාබල සේනාංකයට අයත් ඒකකයන්හි නිලධාරින් හා සෙසුනිළයින්ගේ වත්මන් රාජකාරි කරනු ලබන ප්‍රදේශය පිළිබද හා ඉදිරිපත් කිරීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් ඒකක බළප්‍රදේශයේ පිහිටිම, භූ ලක්ෂණ, ඉතිහාසය සහ ථෙතිහාසික ස්ථානයන් පිළිබඳව මනා දැනුමකින් රාජකාරියේ යෙදවීම යන කරුණු මුලික කර ගනීමින් 2024.12.09 වන දින සේනාංකාධිපති විසින් බළප්‍රදේශය ආවරණය වන පිරිදි දේශන පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් ඇතුළු සෙසුනිලයින් සහභාගිවිය.
11th December 2024 17:26:21 Hours
12 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයෙහි පිහිටා ඇති යෝධකණ්ඩිය වැවේයාය කාකබෝධි විහාරස්ථානයෙහි විහාරාධිපති රතනසාර හිමියන්ගේ ඉල්ලීමකට අනුව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එස් බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සහ 122 පාබල බළසේනාවෙහි බළසේනාධිපති බ්‍රිගේඩියර් කේඑච්එම්යුබි කොළොන්ගහපිටිය යූඑස්පි ජ්‍යෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ එම විහාරස්ථානය සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2024.12.08 වන දින සිදුකරන ලදි.
10th December 2024 16:36:30 Hours
12 වන පාබල සේනාංකයේ හි සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකළ මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුබුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී (නි/62186) යන ජ්‍යෙෂ්ඨ නිළධාරී 2024.12.06 වන දින 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධුරයෙන් නික්ම යන ලදී.