24th February 2025 23:00:42 Hours
මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සහ වාට්ටු සංකිර්ණයේ තීන්ත ආලේප කිරීම සඳහා යුද්ධ හමුදා සහය ලබාදෙන ලෙස ජාතික රෝහලේ අධ්‍යක්ෂක තුමිය විසින් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙතින් ඉල්ලීමක් සිදුකර ඇත.
24th February 2025 16:35:22 Hours
11 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රමානි වශයෙන් කර්නල් එම් ඒ පී එස් බී මංචනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී (නි/63446) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.02.20 වන දින ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
23rd February 2025 22:48:02 Hours
භකාස අණසක (මධ්‍යම) දෙවන ආඥාපති වශයෙන් බ්‍රිගේඩියර් ඒ එම් ආර් අබේසිංහ එන්ඩීසී (නි/62474) යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025.02.13 වන දින සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරී අරභන ලදී. එහිදි ආඥාපති හට ශ්‍රීලයුපොහේබ භටපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් පසු මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රාජකාරී භාරගැනීම සනිටුවහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛණයන්ට අත්සන් තැබීමෙන් අනතුරුව කදවුරු භූමියේ ජෑම් පෙර පැළයක් රෝපනය කිරිමෙන් පසුව සමූහ ඡායාරූපයට පෙනි සිටින ලදි. ඉන් අණතුරුව සියළු නිලයින් ආමන්ත්‍රණය කිරීමට අමතක නොකළේය
23rd February 2025 21:28:49 Hours
අතිගරු ජනාධිපති තුමාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාධිපති තුමන්ගේ මග පෙන්වීම යටතේ ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බංඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ සම්බන්ධිකරණයෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශයේ පලමු අධිරය යටතේ පාසල් 40 ක ප්‍රමාණයක් සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා යුධ හමුදා භට පිරිස් මුලිකත්වයෙන් පාසලෙහි විදුල්පති ඇතුළු කාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය, දෙමාපියන් සහ දුවා දරුවන් සහභාගීත්වයෙන් පිරිසිදු හා ලස්සන වටපිටාවක් පාසල තුල නිර්මාණය කිරීම පෙරදැරීව අද දින වැඩ සටහන ආරම්භ කරන ලදි.
21st February 2025 17:40:03 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ ආසේමු (මධ්‍යම) බළප්‍රදේශය තුල රාජකාරි කරනු ලබන 2025 වසරේදි කපිතන් සිට මේජර් දක්වා උසස් කිරීමේ පරික්ෂණය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරින් හා නිලධාරිනියන් හට පුණරික්ෂන පාඨමාලාවක් 2025.02.18. වන දින සිට 2025.03.01 වන දින දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
20th February 2025 17:07:20 Hours
11 වන පාබල සේනාංකයේ අභිමානවත් 15 වන සංවත්සරය 2024.02.14 වන දින සියළු නිලයින්ගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
19th February 2025 16:47:21 Hours
11 වන පාබල සේනාංකය යටතේ පිහිටා ඇති 641 පාබල බසේමු බලප්‍රදේශයේ පිහිටි දුෂ්කර ප්රදේශයකක් වන නාරංගමුව ප්‍රාථමික විදුහලේ දුවා දරුවන් සඳහා “බෞද්ධ සිංහල භාරය” යන සංවිධානයේ සහ පරිත්‍යාගශීලින්ගේ මුල්‍යමය අනුග්රාහයෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025.02.13 වන දින 0900 පැයට 641 පාබසේමු බළසේනාංකාධිපති බ්‍රීගේඩියර් යු ආර් අයි බි රණතුංග ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේදී පවත්වන ලදි.
19th February 2025 16:40:39 Hours
122 පාබල බළසේනාවේ නව බළසේනධීපති ලෙස කර්නල් බීඩීටීඩී ජයරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 පෙබරවාරි මස 10 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.
16th February 2025 19:33:19 Hours
11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව සෙංකඩගල විරුනද හා රංගසොබා, දක්ෂතම හමුදා/සාමාන්‍ය දැනුම ඇති සෙබළ කණ්ඩායම් තේරිමේ අවසන් මහා තරගය 2025.02.13 වන දින 1600 පැයට පල්ලේකැලේ පලාත් සභා ශ්‍රවණාගාර සංකීර්ණ ශාලාවේදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
12th February 2025 16:38:01 Hours
‘Clean Sri Lanka Programme’ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට සිට තංගල්ල දක්වා මුහුදු වෙරළ තීරය සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 12 වන සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි 2025 පෙබරවාරි 09 වන දින යුද්ධ හමුදා නිලධාරි/සෙසු නිළයින් 06x175 ක සහ සිවිල් වැසියන් 300 ක් පමණ සහභාගීත්වයෙන් සාර්ථකව සිදුකරන ලදි. මෙම වැඩසටහන සිදුකර ගැනීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරින්, සෙසුනිළයින් සහ හම්බන්තොට දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරින් සහ සිවිල් ජනතාව සහයෝගය ලබාදෙන ලදි.