24th June 2025 16:06:56 Hours
11 වන පාබල සේනාංකයේ නව සේනාකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ටීසීඑම්ජිඑස්ටී කුරේ RWP RSP USP ndc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි මස 24 වන දින පාබල සේනාංක මුලස්ථානයේදි ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් හමුදා චාරිත්‍රානුකූලව නව ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
21st June 2025 15:59:12 Hours
11 වන පාබල සේනාංකයේ සේනාකාධිපති ලෙස රාජකාරින් ඉටුකරන ලද මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.06.21 වන දින සේනාකාධිපති රාජකාරින් අවසන් කර නික්මව යන ලදි.
16th June 2025 16:14:39 Hours
දශක තුනකට අධික කාලයක් රට තුල පැවති කුරිරු යුද්ධය නිමාකර ශ්‍රි ලංකා ද්විපයට සාමය උදාකිරිම වෙනුවෙන් ජිවිත කැපකල රණවිරුවන් සිහිකිරිම සෑම වර්ෂයකම මැයි මාසය තුල සිදුකරනු ලබන අතර, මෙම වර්ෂයේදි එම වැඩසටහනට සමගාමිව විවිධ සුභසාධක වැඩසටහන් මෙන්ම සමාජ සත්කාර ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලබයි.
14th June 2025 13:23:30 Hours
12 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් රාජකාරී භාරගනුලැබු මේජර් ජෙනරාල් එච්ටීඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රථම කඳවුරු සංචාරය සනිටුහන් කරමින් 2025.06.13 වන දින 122 පාබල බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
13th June 2025 16:10:00 Hours
ගජබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් එච් ටී ඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි 12 වන දින 12 වන පාබල සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 12 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි ආරම්භ කරන ලදී.
12th June 2025 13:17:53 Hours
122 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බිඩිටිඩි ජයරන්න පීඑස්සි ගේ මඟපෙන්වීම මත පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව 2025 ජුනි මස 09 දින එම බලසේනාව වෙතින් වීරවිල ඔරිජිනල් ඇපරල් ඇඟළුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදි. මේ අවස්ථාව සදහා ඔරිජිනල් ඇපරල් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානි අර්ජුන ගුණවර්ධන මහතාද එක්විය.
04th June 2025 09:00:04 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එස්එන් හේමරත්න RWP RSP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 ජුනි 04 වන දින 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධුරයෙන් නික්ම යන ලදී
02nd June 2025 10:13:24 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරී සිදුකල මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් එන් හේමරත්න RWP RSP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී එම රාජකාරී නිමාවෙන් පසු නික්මයෑම සනිටුහන් කරමින් 2025.06.02 වන දින 122 පාබල බලසේනා මූලස්ථානයේ සංචාරය කරන ලදී. එම සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් 122 පාබල බලසේනා මූලස්ථානය යටතේ පාලනය වන 12 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සම්මාන මුරයක් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ප්රදානය කල අතර, සංචාරය සංකේතවත් කරමින් සදුන් පැලයක් කදවුරු භූමියේ රෝපණය කරන ලදී.
02nd June 2025 09:10:40 Hours
භකාස අණසක (මධ්‍යම) නව ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ආර්ඩි සලේ එන්ඩීසී (නි/62229) යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025.06.02 වන දින යුද්ධ හමුදා සාම්ප්‍රදානුකූලව සිය ධූරයේ රාජකාරී අරම්භ කරන ලදී. එහිදී නව ආඥාපති තුමන් හට 7ශ්‍රීලයුපොහේබ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් පසු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛණයන්ට අත්සන් තබන ලදී. අනතුරුව කඳවුරු භූමියේ පැළයක් රෝපණය කිරීමට කටයුතු කල එතුමන් සමූහ ඡායාරූපයට පෙනි සිටීමෙන් පසු සියළු නිලයින් ආමන්ත්‍රණය කරන ලදි.
23rd May 2025 17:27:57 Hours
මහනුවර කුන්ඩසාලේ SWRD බණ්ඩාරනායක ජාතික පාසලෙහි 2025 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවිමේ උත්සවය 2025.05.23 වන දින 1300 පැයට එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදි පැවැත්වූ අතර, එහිදි ශිෂ්‍ය නායක/නායිකාවන් 45 දෙනෙකු හට නිල ලාංජන පැලදවීමට කටයුතු කල අතර, එම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවිය.