Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th September 2025 06:12:56 Hours

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තනතුරෙන් නික්ම යාම

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්ටීඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 සැප්තැම්බර් 12 වන දින සේනාංකාධිපති තනතුරට සමුදීමේ උත්සවයක් පවත්වන ලදි.

එහිදි සේනාංකාධිපති තුමා හට 12 ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සේනාංකාධිපති තුමා සේනාංකයේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, පසුව සේනාංකාධිපති තුමන් විසින් කඳවුරු භූමිය තුල පැළයක් රෝපණය කළේය. නික්ම යන සේනාංකාධිපති තුමා විසින් 12 වන පාබල සේනාංක මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දේශණ ශාලාව විවෘත කිරිමෙන් අනතුරුව සේනාංකාධිපති තුමා විසින් භට පිරිස් අමතනු ලැබූ අතර, සියලු නිල තේ පැන් සංග්‍රහය අතරතුර නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සමඟ සුහද පිළිසඳරක නිරත විය.

2025 සැප්තැම්බර් 12 වන දින 12 වන පාබල සේනාංක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසු නිලයින් මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට පෙළ සැදී සේනාංකාධිපති තනතුරට සමුදී නික්මයන මේජර් ජෙනරාල් එස්ටීඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත ඔවුන්ගේ හෘදයාංගම කෘතඥතාව සහ සුභ පැතුම් එක් කළහ.