12th September 2025 12:49:09 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) අඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ සහ 12 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ටීඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ පුර්ණ මග පෙන්වීම යටතේ 122 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීඩීටීඩී ජයරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ පූර්ණ අධික්ෂණය යටතේ සූරේෂ් කන්දරාජා මහතාගේ ධන පරිත්‍යාගයෙන් කතරගම ප්‍රදේශයේ තෝරාගත් අඩුආදායම් ලාභි පවුල් සහ 122 පාබල බල සේනා මුලස්ථානය, 12 වන ගජබා රෙජිමේන්තුව සහ 3 වන ජාතික ආරක්ෂක බලමුළුවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් සදහා රු. 6000.00 ක වටිනාකමිකින් යුත් වියළි සලාක මළු 100 ක් බෙදාදීමේ වැඩසටහනක් 2025.09.09 දින රුහුණු කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දයා ගමගේ දානශාලා පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.
12th September 2025 12:30:42 Hours
12 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරී සිදුකර නුදුරේදී විශ්‍රාම යෑමට නියමිත මේජර් ජෙනරාල් එච්ටීඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී එම රාජකාරී නිමාවෙන් පසු නික්මයෑම සනිටුහන් කරමින් 2025.09.10 වන දින 122 වන පාබල බලසේනා මූලස්ථානයේ සංචාරය කරන ලදී. එම සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් 122 පාබල බලසේනා මූලස්ථානය යටතේ පාලනය වන 12 වන ගජබා රෙජිමේන්තුවෙ භට පිරිස් සහභාගිත්වයෙන් සේනාංකාධිපති හට සම්මාන මුරයක් පිරිනැමිමෙන් ගෞරවාචාරය පුද කිරිමෙන් අනතුරුව සේනාංකාධිපති තුමන් විසින් සංචාරය සංකේතවත් කරමින් කදවුරු භුමියේ සදුන් පැලයක් රෝපණය කරන ලදී.
04th September 2025 09:29:48 Hours
ඇල්ල වැල්ලවාය මාර් ගයේ 15 කණුව අසල ප්‍රදේශයේ දී 2025.09.04 වන දින රාත්‍රි 2145 පැයට පමණ විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසක් නැවත තංගල්ල ප්‍රදේශය වෙත බස්රථයෙන් ගමන් කරමින් සිටියදි අනතුරට ලක්ව ඇත
27th August 2025 19:06:22 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති, මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්විම හා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ 2025.08.27 වන දින ‘තෘප්තිමත් සහ නිර් භිත හමුදාවක්’ යන මැයෙන් දේශණයක් යුද හමුදා විද්‍යා පිඨයේ සිනෝ ලංකා නව ශ්‍රවණාගාරයේදි පවත්වන ලදී.
22nd August 2025 13:06:32 Hours
121 පාබල බළසේනා මූලස්ථානයට අයත් වැල්ලවාය, හඳපානාගල ප්‍රෙද්ශයේ පිහිටා ඇති මෙත් සේවා පදනම මගින් පවත්වාගෙන යනු ලබන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හා වැඩිහිටි අයවලුන් රැකබලාගන්නා ස්ථානයේදී නේවාසික දරුවන් හා වැඩහිටියන් උදෙසා ආධාර හා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් බොරලැස්ගමුව ප්‍රදේශයේ දානපතීන්ගේ මූල්‍ය හා ද්‍රව්‍යමය අනුග්‍රහය මත 12 පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ටීඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මගපෙන්වීම හා 121 පාබසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් එච්ඒ හපුගොඩ USACGSC ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි 20 වන බළඇණිය ශ්‍රීලංසිරෙ අණදෙන නිලධාරී හා 03 X 25 ක භඨපිරිසක් මගින් සංවිධායකත්වයෙන් 2025.08.17 දින පවත්වන ලදි. පරිත්‍යාග ද්‍රව්‍ය වශයෙන් ඖෂධ, ඇඳුම් පැළඳුම්, රෝද පුටු හා සනීපාරක්ෂක ද්‍රව්‍ය පිරිනමන ලද අතර, ප්‍රනීත දිවා ආහාරයට අමතරව නේවාසික අවයලුන්ගේ මානසික තෘප්තිය උදෙසා සංගීතමය වැඩසටහනක්ද සංවිධානය කරන ලදි.
22nd August 2025 09:39:31 Hours
122 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී ඩී ටී ඩී ජයරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ උදාරතර සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සහ 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච් ටී ඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ මඟපෙන්වීම මත නවතමයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද බුද්ධ මන්දිරය 2025.08.17 වන දින විවෘත කරන ලදි.
15th August 2025 09:47:29 Hours
122 වන පාබල බලසේනාවේ නව උසස්වීම් ලැබූ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීඩීටීඩී ජයරත්න පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හට පිළිගැනීමේ උත්සවයක් 2025 අගෝස්තු 15 වන දින 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සහභාගීත්වයෙන් වීරවිල පිහිටි 122 වන පාබල බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.
14th August 2025 11:27:43 Hours
වර්ථමානයේ යුද්ධ හමුදා සාමාජිකයින් හට පැන නැගි ඇති පෞද්ගලික, රාජකාරිමය ගැටළු හේතුවෙන් දැඩි මානසික පිඩාකාරී තත්ත්වයන්ට ලක්ව ඇති බවත්, එම ගැටළු නිසිලෙස කළමණාකරණය කර ගැනීමට නොහැකිව විවිධාකාර වූ විෂමාචාර ක්‍රියාවන්ට ලක්වන බවට හා ඇතැම් යුද්ධ හමුදා සාමාජිකයින් සිය දිවි හානිකර ගැනීමට පෙළඹී ඇති බැවින්, හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සිය දිවි හානිකර ගැනීමට පෙළඹවීම වලක්වාලීම සඳහා “Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව දින 03 ක මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව ආසේමු (මධ්‍යම) බලප්‍රදේශය ආවරණය වන පරිදි 2025.08.12 වන දින සිට 2025.08.14 දින දක්වා සිදු කිරිමට කටයුතු කරන ලදි.
07th August 2025 12:05:29 Hours
“ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් යුතුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙතින් සිදු කරනු ලබන සිවිල් සුභසාධක වැඩසටහනක් වශයෙන් පාසල් උපකරණ බෙදා දිමේ උත්සවයක් 12 වන බළඇණිය ගජබා රෙජිමේන්තු ඒකකය ස්ථානගත බළප්‍රදේශයෙහි පිහිටා ඇති හම්බන්තොට කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයෙහි ඉගෙනුම ලබන පාසල් සිසුන් වෙනුවෙන් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ සංකල්පයකට අනුව 122 වන පාබල බලසේනාවේ බළසේනාධිපති තුමාගේ මගපෙන්වීම මත පැවැත්විය.
07th August 2025 10:53:34 Hours
සංස්කෘතික උරුමයන් ප්‍රජාව වෙත රැකගැනීම සදහා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමඟාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඓතිහාසික වැඩසිටිකන්ද පුජා භුමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 අගෝස්තු මස 07 වන දින යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව හා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පුර්ණ මඟ පෙන්වීම මත 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් සහ 122 පාබල බසේමු බලසේනාධිපති තුමන්ගේ පූර්ණ අධික්ෂණයෙන් පැවැත්විය