01st December 2025 00:04:22 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් නුවරඑළිය දිස්ත්‍රීක්කයේ ආපදා තත්වය පරික්‍ෂා කිරිම හා ඒ වෙනුවෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලිම සදහා ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.11.29 වන දින නුවරඑලිය ක්‍ෂේත්‍ර සංචාරයක නිරත විය.
එහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේදී ආපදා කළමණාකරන සාකච්චාවක් දිස්ත්‍රික් ලේඛම් සහ පරිපාලන නිලධාරීන් සමග පැවැත්වූ අතර, එම සාකච්ඡාව සදහා ආරක්‍ෂක සේනා ආඥාපති තුමා සමගින් 642 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපතිද මේ වෙනුවෙන් සහභාගි වූ අතර, එහිදී අපදාවන්ට ලක්වූ ප්‍රදේශ නැවත යතා තත්වයට පත්කර ගැනීම සදහා යුද්ධ හමුදාව විසින් ගතයුතු ඉදිරි පියවර පිළිබදව මෙහිදී සාකච්ඡා කිරිමෙන් පසු එම ක්‍රියාන්විතය ආරම්භ කරන ලදී.