08th December 2024 22:16:05 Hours
111 පාබල බලසේනා මුලස්ථාන බල ප්‍රදේශයට අයත් හන්තාන කදු ප්‍රදේශයේ සංචාරය කිරීම සදහා පෑලියගොඩ ගුරුකුල විද්‍යාලයේ සහ කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් 10 කින් යුත් පිරිසක් 2024.12.04 වන දින හන්තාන කදු ප්‍රදේශයේ සංචාරය සදහා පිටත්ව ගොස් ඇත. එම සිසුන් හන්තාන ප්‍රදේශයේ අතරමංව සිටින බවට මහනුවර පොලිස් ස්ථානය වෙතින් 111 පාබල බසේමූ බළසේනාධිපති හට තොරතුරක් ලබා දෙන ලදි.
06th December 2024 12:00:00 Hours
පළාත් ආයුර් වේද රෝහල පල්ලේකැලේ අධ්‍යක්ෂක වෛද්‍ය රුක්මල් මහතා විසින් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙතින් සිදුකරන ලද ඉල්ලිමකට අනුව, අභිප්‍රේරණය සහ ධනාත්මක චින්තනය යන තේමාව යටතේ දේශණයක් 2024.12.03 වන දින 1400 පැයේ සිට 1600 පැය දක්වා කාලය තුල පළාත් ආයුර් වේද රෝහල පල්ලේකැලේ දි පවත්වන ලදි.
06th December 2024 10:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත්, නි/62677 බ්‍රිගේඩියර් එච් ඒ අයි පෙරේරා RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 දෙසැම්බර් මස 06 වන දින 0614 පැයට යෙදුනු සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි භාරගන්නා ලදි.
05th December 2024 08:00:00 Hours
බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ අධ්යක්ෂ තුමියගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 2024 දෙසැම්බර් 03 වන දින 12 පාබල සේනාංකයේ (01×15) භඨ පිරිස් විසින් රෝහල් භූමියේ ඔසු උයනක් සකස් කිරීම සඳහා අවශ්‍ය පරිදි සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලද අතර, රෝහල් බළධාරී විසින් එම භූමියේ ඔසු උයනක් නිර්මානය කිරීමට සැලසුම් කර ඇත
30th November 2024 18:08:41 Hours
කැනෝරා හොටෙල් සංගමයේ කළමණාකරු තුෂිත් සමරවීර මහාතා විසින් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු ආර්එස්පි යුඑස්පි පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙතින් සිදුකරන ලද ඉල්ලිමකට අනුව, The Grand Kandyan Hotel ආයතනයෙහි සේවය කරනු ලබන විධායක නිලධාරින් හට අභිප්‍රේරණය හා කළමනාකරණය පිළිබද දේශණයක් 2024.11.25 දින 1430 පැයේ සිට 1630 දක්වා කාලය තුල එම හොටල් පරිශ්‍රයේදි පවත්වන ලදී.
30th November 2024 18:01:05 Hours
23 වන බළඇණිය විජයබාහු රෙජිමේන්තුවේ 15 වන බළ ඇණි සංවත්සරය ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම් එම් එල් කුමාර් එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය හා මඟපෙන්විම යටතේ ඉතා උත්කර්ෂවත් අන්දමින් 2024.11.24 වන දින සමරන ලදි.
30th November 2024 17:47:41 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 12 වන පාබල සේනාංක 04X50 ක භට පිරිස් ප්‍රමාණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආපදා ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම සමග එක්ව 2024 නොවැම්බර් 28, 29 වන දින හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අම්බලන්තොට ගොඩවාය කලපුවේ මෝය කට වැලි කොට්ට ඇසිරීම මගින් ධීවර වරාය ආරක්ෂා කරමින් භඨ පිරිස් හට මෙම හදිසි අවස්ථාවට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට හැකි විය.
27th November 2024 08:00:00 Hours
Kandy Dolphin Swimming Academy වෙතින් දෙවන වරට සංවිධානය කරනු ලැබු පිහිනුම් ශුරතාවලියේ සම්මාන උළෙල 2024.11.24 දින 1600 පැයට මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ පිහිණුම් තටාකයේදි පැවැත්වු අතර, එම උස්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි.
26th November 2024 08:00:00 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මැදිහත්වීම මත හම්බන්තොට - ගල්වැව විද්‍යාලයේ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් වෙත පාසල් බෑග් සහ අභ්‍යාස පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් 22 වන දින එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකරන ලදී.
24th November 2024 08:00:00 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මැදිහත්වීම මත සූරියවැව අගුණුකොළ වැව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් වෙත පාසල් බෑග්, අභ්‍යාස පොත් සහ පාසල් පාවහන් සඳහා තෑගි වවුචරයක් (රු. 3500.00 ක් වටිනා) බෙදාදීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් 21 වන දින එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකරන ලදී