Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th February 2025 12:38:09 Hours

භකාස අණසක (මධ්‍යම) යටතේ පාලනය වන භකාස ඒකක අතර පැවති එල්ලේ ක්‍රීඩා තරඟාවලිය

ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ සංකල්පයකට අනුව භකාස අණසක (මධ්‍යම) යටතේ පාලනය වන භකාස ඒකකයන්හි භඨ පිරිස් සහභාගීත්වයෙන් 2025.02.25 වන දින එල්ලේ ක්‍රීඩා තරඟාවලියක් දියතලාව ‘මුතු කුමරු’ ක්‍රීඩාංගනයේදී පැවැත් වු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් භකාස අණසක (මධ්‍යම) ආඥාපති වශයෙන් කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී වන ලදී.

එම තරඟාවලිය සඳහා භකාස අණසක (මධ්‍යම) යටතේ පාලනය වන භකාස ඒකක අතරින් අවසන් මහා තරඟය සඳහා 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තු කණ්ඩායම හා 7 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා කණ්ඩයාම තේරීපත්වන ලදී. එම කණ්ඩායම් දෙක අතරින් තරඟාවලියේ ශූරතාවය 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තු කණ්ඩායම විසින් හිමිකරගත් අතර, තරඟාවලියේ අනුශූරතාවය 7 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී.