29th December 2023 21:09:54 Hours
ලෝකවාසී ජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී පාදස්ථානයේ වන්දනා සමය උඳුවප්පුර පසළොස්වක පොහෝ දින ආරම්භ වූ අතර, එහිදී සධාතුක ධාතු කරඬුව ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ 2023.12.26 දින නල්ලතන්නි විහාරස්ථානයේ සිට ශ්‍රී පාදස්ථාන උඩමළුව දක්වා ම වැඩම කරවීමේ පුරාණ මහෝත්සවය සඳහා 19 ශ්‍රීලංජාආබමු ඒකක වෙතින් නිලධාරින් තිදෙනෙකු හා සෙසුනිලයින් හැට දෙනෙකු සහභාගී වන ලදී.
20th December 2023 20:43:23 Hours
දැනට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ මිරහා වත්ත,6 කණුව ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට 2023.12.19 වන දින උදැසන කොස් ගසක් කඩාවැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට අවහිරතා සිදුවි ඇති අතර, ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් ක්ෂණීක විහිදුම් යතුරුපැදි ඛණ්ඩයෙහි අටදෙනෙකුගෙන් යුත් භට පිරිසක් යොමුකර මාර්ග සංවර්ධන අධිකාරියේ හා ආපදා කලමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන්, අනෙකුත් සංවිධාන සහයෝගයෙන් දැඩි පරිශ්‍රමයක් යොදා මාර්ගය යථාතත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරන ලදි.
20th December 2023 20:40:56 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් දියතලාව ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2023.12.19 වන දින උදෑසන හපුතලේ දුම්රිය ස්ථානයට ආසන්නව දුම්රිය මාර්ගය වෙතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අවහිරව තිබූ අතර, ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් එක් නිලධාරීයෙකු හා විසිදෙනෙකුගෙන් යුත් භට පිරිස සමග දුම්රිය දේපාර්තමේන්තුවේ සේවකයින් පිරිසකුගේ සහය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදා යලි දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි.
14th December 2023 15:27:58 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොස්ලන්ද කැලිපානාවල ග්‍රාමයේ කොටසක් 2023.12.11 වන දින නායයෑමට ලක්වු අතර එම ගම්මානයේ නිවාස 06 සම්පුර්ණයෙන්ම විනාශ වි ඇත. එම ප්‍රදේශයේ නායයෑමේ අවදානම හේතුවෙන් නිවාසවල පදිංචිව සිටි සිවිල් වැසියන් ආරක්ෂක ස්ථාන වලට යොමු කිරීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු සිදුකර ඇත.
14th December 2023 15:13:35 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ හල්දුම්මුල්ල කැලිපනාවෙල කොටසේ 2023.12.11 දින සක්‍රීය වී ඇති නායයෑම අක්කර 200ක පමණ වපසරියක් පුරා විහිද ගොස් ඇති බැවින්, මේ වනවිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත පවුල් 31 ක පුද්ගලයින් 141 ක් ඉවත් කිරීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු සිදුකර ඇත.
12th December 2023 08:18:33 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් හාලිඇල - උඩුවර 5 කණුව රෙල් ගෙටිටුව අසල දුමිරිය මාර්ගයට පස් කන්දක් කඩි වැටිම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අවහිරව තිබූ අතර ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ 112 පාබල බසේමු හි 00 x 10 භඨ පිරිසකින්යුත් භට පිරිසක් යෝදවා දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්ගේද සහය ඇතිව දුම්රිය මාර්ගය වෙතට වැටී තිබූ ගල් කඩා ඉවත් කිරීමට කටයුතු කර පස් ඉවත් කරමින් මහත් පරිශ්‍රමයක් යොදා දුමිරිය මාර්ගය යථා තත්වයට පත් කිරිමේ කටයුතු සිදු කරන ලදි.
12th December 2023 08:12:19 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ හල්දුම්මුල්ල කැලිපනාවෙල කොටසේ 2023.12.11 දින සක්‍රීය වී ඇති නායයෑම අක්කර 200ක පමණ වපසරියක් පුරා විහිද ගොස් ඇති බැවින්, මේ වනවිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත පවුල් 31 ක පුද්ගලයින් 141 ක් ඉවත් කිරීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කරන ලදි.
09th December 2023 20:23:36 Hours
දැනට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නුවරඑළිය - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයයේදී 2023.12.07 වන දින නායයෑමකට ලක්වීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සම්පූර්යෙන්ම නැවතී තිබූ අතර එම මාර්ගයේ පස් හා ගල් ඉවත් කිරීම සදහා 19 ශ්‍රීලංජාආබමු ඒකකය වෙතින් එක් නිලධාරියෙකු හා පහලොස් දෙනෙකුගෙන් යුත් භටපිරිසක් එම ස්ථානය වෙත යොදවා යුද්ධ හමුදා සාමාජිකයින්ගේත්, ශ්‍රී ලංකා පොලීසියේත්, මාර්ග සංවර්ධන අධිකාරියේත්, ප්‍රදේශවාසීන්ගේත් සහය ඇතිව මහත් පරිශ්‍රමයක් යොදා මාර්ගයේ පස් හා ගල් ඉවත් කරීමට කටයුතු කර මේ වනවිට මාර්ගයේ එක් මංතීරුවක් රථවාහන ගමනාගමනය සදහා යථාතත්වයට පත්කර ඇත.
07th December 2023 19:46:49 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් ඉදල්ගස්හින්න ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2023.12.06 වන දින සන්ධ්‍යා කාලයේදී ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ආසන්නව දුම්රිය මාර්ගය වෙතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අවහිරව තිබූ අතර ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් එක් නිලධාරීයෙකු හා දොලොස්දෙනෙකුගෙන් යුත් භට පිරිසක් යොදවා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ නිලධාරීන්ගේද සහය ඇතිව දුරිය මාර්ගය වෙතට වැටී තිබූ ගල් කඩා ඉවත් කිරීමට කටයුතු කර පස් ඉවත් කරමින් මහත් පරිශ්‍රමයක් යොදා අලුයම් කාලය වන විට යලි දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි.
03rd December 2023 08:16:49 Hours
2023.12.02 දින අධික වර්ෂාව හේතුවෙන් 2 ශ්‍රිලංකා රයිෆල් බලකායේ බල ප්‍රදේශයේ කන්දකැටිය ප්‍රාදේශිය සභාව අසල විදුලි රැහැනක් මතට මාර ගසක් කඩාවැටී මාර්ගය අවහිරවන ලදි..